Language Switcher

V2025

වින්ධිතයින් සමග සිටගත් චන්ද්‍රිකා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ හැත්තෑ තුන්වන ජන්ම දිනය අදයි

ඇගේ උපන්දිනය අදයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණඩාරනායක කුමාරතුංග මැතිණියට අදට ( ජුනි 29 ) වයස අවුරුදු හැත්තෑ තුනකි. ඇයට සුභ උපන්දිනයක් වේවා යැයි පළමුවෙන්ම  ප්‍රාර්ථනා කරන්නෙමු.

ඇගේ දේශපාලන දර්ශනය ගැන සහ ඇය  ජනාධිපතිනිය ලෙස කටයුතු කළ කාලය සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රමාණයක රචනා ලියවී තිබේ. නමුත් ඒ බොහෝමයක් රචනාවල  මග හැරුණු මූලික කාරණයක් තිබේ. එනම් ඇගේ දේශපාලන දෘෂ්ඨිය මූලික වශයෙන් කේන්ද්‍ර වී ඇති මූල ලක්ෂණයයි.
 
අනෙකුත් දේශපාලනඥයින්ගෙන් ඇය වෙනස් වන මූලික  කාරණය  කුමක්ද යන්න සොයා  බැලීමේදී මතුවන මූලික අංගලක්‍ෂණය කුමක්ද?  මාගේ පෞද්ගලික අවබෝධයට අනුව හිටපු ජනාධිපතියගේ දේශපාලන දර්ශණය මූලික වශයෙන් කේන්ද්‍රගත වී ඇත්තේ, රටක් දියුණු කළ හැක්කේ සමාජයක් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ පසු එහි ගොදුරු බවට පත්වන නිරායුධ ජනතාවගේ වේදනාවට තිර පිළිතුරු දීමෙනි පමණි, යන්න මතය. මෙම මූලික කාරණයට පිළිතුරු සෙවීමට ඇය තම සමස්ථ දේශපාලන දිවියම කැප කරන අයෙකු ලෙස හැඳින්වීමේ වරදක් නැත.

සමාජයක් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට බලපාන සමාජ සහ අනෙකුත් කාරණා වලට මූලික හේතුව, එනම් බොහෝ දේශපාලනඥයින් සහ අනෙකුත් නිලධාරීන් තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා යට ගසන දෑ, විවෘතව සහ නොභියව  හෙළිදරව් කිරීමේ ශක්තිය සහ වුවමණාව  යම් අයෙකුට පහලවන්නේ නම් එය එම සමාජය ඇද වැටී තිබූ අඳුරු අඝාදයෙන් ගොඩ දැමීම සඳහා අවශ්‍යය ශක්තිමත් පදනම සකස් කරනු ලබයි.  

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය දෙස බැලීමේදී ප්‍රචණ්ඩත්වය යනු එහි මූලික මෙවලමක් ලෙස භාවිතා කිරීමේ රුදුරු ගුණයක් සෑම විටම දක්නට ලැබේ. නමුත් එම ප්‍රචණ්ඩකාරී හැසිරීම් වලට බලපාන හේතූ ගැන විමසීම සහ ඒවාට ස්ථීර විසඳුම් සෙවීමේ මාර්ගයක්  ගැන සොයා  බැලීමක් සිදු වී ඇත්තේනම් ඒ ඉතාම අල්ප වශයෙනි. එනම් රෝග නිධානය සොයා බැලීමකින් තොරව එය එලෙස පැසවීමට තිබියදී, රෝග ලක්‍ෂණ ගැන සිදුකරන  අඳෝනාවන් පමණක් දැකීමට ලැබීම ඉතාම කනගාටුදායක කාරණයකි.  මෙම මූලික කරණය විවිධ සමාජවල දේශපාලනික වශයෙන් ඉතාම කෛරාටක ලෙස භාවිත කළ කාරණයකි. එය මෙරටටද පොදු වූ කාරණයකි.

සමස්ථ රාජ්‍යයම අමනුෂ්‍යකමේ සංඛේතයක් ලෙස ගෝලීය වශයෙන් අප්‍රසන්න ලෙස නම් කිරීමට මාර්ගය සකස් කළ, 1983 කළු ජුලිය, එසේම මීට වසර  කිහිපයකට පෙර අලුත්ගමදී ඇතිකළ  සමාජ කලබගෑනිය ආදී සිදුවීම්, අනෙකාගේ වේදනාව සහ සමාජ පීඩනය තමන්ගේ දේශපාලන අභිලාශයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා භාවිතා කළ දෑ ලෙස තේරුම් ගැනීමට එතරම් අපහසු නැත. එවැනි දෑ ඉතා සුළු පිරිසකගේ අවශ්‍යතාවයන් පිරිමැසීම සඳහා සිදුකළ දෑ වන අතර රටේ බහුතරයක් ප්‍රතික්‍ෂේප කළ කටයුතු වේ.  මෙරට සමස්ථ දේශපාලන ඉතිහාසය ගෙන බැලීමේදී අඩු-වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ මෙම මූලික කාරණයයි.
 
අපරාධයක් සිදුකොට යට ගැසීම සහ එය සිදු නොවුණා සේ හැසිරීමේ රටාව කාලාන්තරයක් තිස්සේ සමාජයේ දේශපාලන බලය ධාවනය කරණ මූලික මෙවලම බවට පත්වී තිබුණි. මේ නිසා, තම අසල්වැසියා හන්දියක එල්ලා මරා දැමීම හෝ නාදුනන තුවක්කු කරුවෙකුගේ වෙඩිපහරට හසු වී මිය යෑම සමස්ථයක් ලෙස ප්‍රශ්න කොට ඊට යුක්තිය ඉල්ලා සිටීමේ නැඹුරුවක් වෙනුවට තම ජීවිතය රැක ගැනීම සඳහා නිහඬවීම සමාජ සංස්කෘතිය බවට පත්විය.  
 
දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව මුහුණ දුන් සාමාජ ඇත්ත මෙය විය. එම සම්ප්‍රදායට පරිබාහිරව සිතමින් එම සමාජ හිංසනයට විසඳුම් සෙවීම සඳහා දේශපාලනික වශයෙන් පදනමක් හෝ දැමීමට කැපවූ දේශපාලන නායකත්වය ලෙස චන්ද්‍රිකා මැතිණිය හැඳින්විය හැකිය.
 
එනම්, ගැටුමකදී වින්ධිතයා සමග නැගිටීම සහ වින්ධිතයාගේ වේදනාව සුවපත් කිරීම වෙනුවෙන්  තම දේශපාලන බලය භාවිතා කිරීම ඇගේ දේශපාලනය තුළ දැක ගත හැකි මූලික අංගලක්ෂණය ලෙස මා පෞද්ගලිකව විශ්වාස කරමි. දේශපාලන ඉතිහාසය දෙස බැලීමේදී, මෙය ඉතාම කලාතුරකින් පමණක් දක්නට ලැබුණු කාරණයක් වන අතර බොහෝ දේශපාලනඥයින් වින්ධිතයින්ගේ වේදනාව මතින් බලය නමැති මගුල් සක්වලට ගමන් කොට වින්ධිතයින්ට පහර ගසා ඔවුහු කබලෙන් ලිපට තල්ලු කළහ. නමුත් චන්ද්‍රිකා මැතිණිය ඊට වෙනස් පිළිවෙතක් අනුගමනය කළාය. මේ නිසාම ඇගේ දේශපාලනයේ ඇති ගැඹුරු බව වීදියේ දේශපාලන කල්ලිවාදය හමුවේ විවේචනයට ලක්විය.   
 
මෙහිදී සූරියකන්ද සිද්ධිය හෝ ක්‍රිෂාන්ති කුමරස්වාමී සිද්ධිය යනු මෙම මූලික කාරණය හඳුනා ගැනීම සඳහා අප හමුවේ ඇති සරල සිදුවීම් දෙකක් පමණි. වින්ධිතයා සමග අත්වැල් බැඳගැනීම සහ ඔහුගේ හෝ ඇයගේ වේදනාව වෙනුවෙන් පෙනී සිටීම, සමාජයක් යහමගට ගැනීමේ මූලික අඩිතාලම බව ඉතිහාසය විසින් අපට ලබා දෙන මූලික ඉගැන්වීම වේ. හිටපු  ජනාධිපතිනියගේ  දේශපාලනයේ මූලික හරය මෙය ලෙස හැඳින්වීමේ වරදක් නැත.
 
නමුත් මීට සමාජීය වශයෙන් ලැබිය යුතු කියවීම ලබාදීමට සමත් වූයේද යන්න ගැටලු සහගතය. ඒ වෙනුවට, මෙලොවදී තබා එළොවදීවත් පිළිතුරු නොලැබෙන, හැකි පමණින් කාලය කා දැමීමට හැකි ප්‍රස්සති ගී හෝ අහේතුක විවේචන වලින් සමස්ථ සංවාදය වසා දමා තිබේ. මේ නිසා ඉදිරි පරම්පරා වලට හෝ දායාද කළ හැකි පොහොසත් දේශපාලන සාහිත්‍යයක් අපට නැත. එපමණක් නොව, මේ නිසා අනෙකාගේ වේදනාව සෑම විටම වර්ණයක්, වර්ගයක්, කුලයක්, ඇදහීමක්, හෝ ජාතියක් සමග මිශ්‍රකොට තේරුම් ගැනීමේ පටු ආකල්පයක් සමස්ථ සමාජය පුරා පැලපදියම් වී ඇත්තේය.
 
වේදනාව වූ කලී පොදු අත්දකීමකි. කඳුළු වල රස එකමය. ඊට ජාතිභේදයක් - වර්ගභේදයක් නැත. එය සමස්ථ සමාජයක් එකතු කිරීමේ මූලික අත්දැකීම බවට පත්කළ හැකිය. සමාජයක් පෘථුල අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා දියුණු කිරීමේදී මෙම පොදුබව අත්‍යවශ්‍යය වේ. බොහෝ සංවර්ධිත රටවල ඉතිහාසය දෙස බැලීමේදී වේදනාව හමුවේ එකතුවීම සහ වින්ධිතයින් සමග නැගිටීම ඉතාම ගැඹුරින් දක්නට ලැබෙන කාරණයකි.
 
දෙවන ලෝක යුද්ධයේ “සතුරු පාර්ශවය” ලෙස හඳුන්වමින් ජපානයට හෙලු පරමාණු බෝම්බ වලින් ලක්ෂ ගණනකගේ ජීවිත අහිමිවන විට ජපාන ජාතිකයින් එම අත්දැකීම සමස්ථ රටේ ජනතාව එකතුකිරීමේ මූලික සිදුවීමක් ලෙස  නොගෙන කල්ලි වලට බෙදී ජීවත් වූයේනම් අද දකින ජපානය දැකීමට හැකිද? බොහෝ සංවර්ධිත රටවල ඉතිහාසය දෙස බැලීමේදී මතුවන මූලික කාරණය මෙයයි. එනම්, සමාජ ඛේදවාචක, රටක ජනතාවක් එකතු කොට එම සමාජය දියුණු කිරීමේ මෙවළමක් ලෙස භාවිතා කොට එම ඛේදවාචක වලින් මහපොළවට වැළලී ගිය ජීවිත වලට සදාරණයක් ඉටුකරනු ලැබීය.
 
අවාසනාවට මෙන් මෙරට, මෙම මූලික  කාරණය, එනම් වින්ධිතයින් වෙනුවෙන් පෙනී සිටීම සහ පොදු අරමුණක් වෙනුවෙන් ඔවුහු සමග එකතු වීම,   ඉතාම දුර්වල වී ඊට විවිධාකාර වෙස්මුහුණු පළඳවා තිබේ. වසර ගණනාවක් තිස්සේ, සමස්ථ රට මුහුණ දුන් ඛේදවාචක, ඉතාම පටු අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා හකුළුවා තිබේ.
 
රටේ ජීවත් වන  මිනිසුන් මුහුණ දුන් ඛේදවාචක,  මුස්ලිම් සමාජයට වෙනස් අකාරයකින් දැනිය නොහැකිය. සිංහල සමාජයට එම වේදනාව සිංහල වර්ගවාදී මුහුණුවරක් ගත යුතු නැත. දෙමළ සමාජයට එය දෙමළ මුහුණුවරක් ගත යුතු නැත.  එලෙස බෙදීම යනු සමස්ථ සමාජය ආපස්සට ඇද දැමීමක් විනා ඉන් කිසිවෙකුට සුගතියක්  සිදුවන්නේ නැත. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ දේශපාලන දර්ශනය මූලික වශයෙන් කේන්ද්‍රගත වී ඇත්තේ මෙම මූලික බෙදීමට විරුද්ධවය.
 
චන්ද්‍රිකා මැතිණියගේ දේශපාලනය කියවීමට සහ හැදෑරීමට අවශ්‍යය වන්නේ නම් එය ආරම්භ කළ යුතු මූලික සන්දර්භය මෙයයි. ඉන් අපගමනය වී, විවිධ දේශපාලන අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා, මතුපිට තලයේ පාවෙන විවේචන මූලික කරගනිමින්, එම වැදගත් දේශපාලන දර්ශනය බයාදු කළ යුතු නැත. මන්ද, රට දියුණු කළ හැක්කේ, සත්‍යය යටපත් කිරීමෙන් නොව, සත්‍යය මෙවළමක් ලෙස භාවිතා කොට සමස්ථ ජනතාව පොදු පෘථුල අරමුණක් වෙනුවෙන් ඒකරාශී කිරීමෙනි.
 
මෙහිදී සඳහන් කළ යුතු කාරණයක් තිබේ. ගෙවී ගිය මාස කිහිපය තුළ ඇගේ දේශපාලන උපයාමර්ගයන් ගැන වඩාත් කිට්ටුවෙන් අත්දැකීමට ලැබීම මා භාග්‍යයක් ලෙස සලකමි. මෙවැනි උපායමාර්ගික වශයෙන් පරිපූරණ වූ මෙන්ම ජාතික සහ ජාත්‍යන්තර වශයෙන්  තම අදහස පැහැදිළිව සහ නිවැරදිව සඳහන් කිරීමට හැකි නායකයින්රටකට පහල වන්නේ ඉතාම කළාතුරකිනි.
 
විශේෂයෙන්, ජාතික සමගිය වෙනුවෙන් කටයුතු කිරීමේදී ඇය ඉදිරිපත් කරන උපාය-මාර්ගයන් කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය. සත්‍යයෙන් තොර සංහිඳියාව මංමුලාවක් පමණක් නොව, රටක මිනිසුන් මුහුණ දෙන සැබෑ ගැටලු ව්‍යාකූල කිරීමකි. 
 
ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය විසින් සිදුකරන කටයුතු වල ව්‍යුහය දෙස පරෙස්සමින් සොයා බැලීමේදී පෙනී යන්නේ, එය භූමියේ පවතින ප්‍රායෝගික තත්වයට ගැලපෙන ලෙස භූමියේ වෙසෙන මිනිසුන් සමග සිට ගැනීමට දරණ අවංක උත්සහයයි. ගැටුම් වලින් පීඩාවට පත් වූ දෑ වලට විසඳුම් සෙවීම මෙන්ම, යළිත් ප්‍රචණ්ඩකාරී තත්වයකට රට ඇදවැටීම වැලැක්වීම සඳහා අවශ්‍යය පියවර ගැනීම එහි වැඩසටහන් වල මූලික උපයාමාර්ගයය වී තිබේ. සුළු දෙයක් සිදු කොට විශාල ප්‍රසිද්ධියක් ලබා ගැනීම වෙනුවට භූමියේ වෙසෙන ජනතාව සමග අත්වැල් බැඳගෙන ඔවුන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් කටයුතු කිරීම මෙහිදී දැක ගත හැකි කාරණයකි.
 
දේශපාලන පක්ෂ සහ පාට වලට ලඝුකිරීමෙන් තොරව කියවීමට සහ හැදෑරීමට හැකි දේශපාලනඥයින් බිහිවන්නේ ඉතාම කළාතුරකිනි. ඔහුහු සමාජයක් එකමුතු කිරීමේ ජීව ගුණෙන් හෙබි පිරිස් වෙති. ඔහුහු ජාතික අර්බුද වලදී තම පක්ෂය   වෙනුවට රට තෝරා ගනිති. මන්ද, පක්ෂ සෑම විටම රාජ්‍යයට යටත් වන හෙයිනි. දේශප්‍රේමීත්වයේ සැබෑ අර්ථය සහ අවංක ප්‍රයෝගික භාවිතය එයයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණඩාරනායක මැණිනියගේ දේශපාලනය නියෝජනය කරනු ලබන්නේ එම මූලික ප්‍රයෝගික කාරණය ඔස්සේය.  2015 ඇති වූ දේශපාලන වෙනස්කම නිවැරදිව අවබෝධ කර ගැනීමේදී බොහෝ දෙනෙකු අතින් හිතාමතා හෝ නොදැනුවත්ව, ගිලිහී ඇති මූලික කරණය වන්නේ මෙයයි.
 
 නිලන්ත ඉලංගමුව