Language Switcher

V2025

මොණරාගල මිනිස්සු දුන් පණිවිඩය

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active

කොළඹ ප්‍රද­ර්ශ­නය නිද­හස් ලංකාවේ පැවති පළ­මු­වෙනි සංව­ර්ධන ප්‍රද­ර්ශ­නය විය හැකිය. එය කොළඹ ක්‍රමය නමින් පොදු රාජ්‍ය මණ්ඩල කලා­පයේ ක්‍රියා­ත්ම­කවූ සංව­ර්ධන ක්‍රියා­ව­ලිය පිළි­බඳ යම් ඓති­හා­සික සට­හ­නකි. එදා රාජ්‍ය ප්‍රධා­නිහු එකී ප්‍රද­ර්ශ­නයේ අර­මුණු ගැන සියලු මාධ්‍ය­වේ­දින් කැඳවා පැහැ­දිලි කළහ. ඊට රජය වෙනු­වෙන් සහ­භාගි වෙමින් සිටි සර් ඔලි­වර් ගුණ­ති­ල­කට කවු­රුන් හෝ විසින් ශ්‍රී චන්ද්‍ර­රත්න මාන­ව­සිංහ මුණ­ග­ස්වනු ලැබීය. සිංහල දුර්වල වුණාට මාන­ව­සිං­හගේ විවේ­චන ගැන දැන සිටි සර් ඔලි­වර් වහා මාන­ව­සිං­හට අතට අත දී සිංහ­ලෙන් මෙසේ කීය.

“මහ­ත්තයා අපට උදව් කරන්න ඕනැ” එකල මාන­ව­සිංහ යනු එජාප රජ­ය­ට වූ ප්‍රබල මාධ්‍ය කාල තුව­ක්කු­වකි. මාන­ව­සිංහ වහා උණ්ඩ­යක් නිකුත් කර­මින් “ගොයියෝ එව්වා හරි­යන්නේ නැහැ” කීය. මේ සිද්ධිය ‘එන්ට­ර්ප්‍ර­යිස් ශ්‍රී ලංකා’වැඩ සට­හන ගැන මාධ්‍ය දැනු­ම්වත් කිරීම පිළි­බඳ මංගල සම­ර­විර ඇමැති වර­යාගේ නිවෙසේ පැවැති සාක­ච්ඡාව අව­සා­නයේ මට සිහි­පත් වුණේ මාධ්‍ය සග­යෙකු ඇසූ ප්‍රශ්න­යක් නිසාය.

“මේක තවත් දැයට කිරු­ළක්ද?” අමාත්‍ය මංගල සම­ර­වීර පිළි­තුරු දෙමින් කීවේ තමා දැයට කිරුළ දැක නැති බවය. සංව­ර්ධන වැඩ සට­හ­නක් යනු නොක­වුට් ප්‍රශ්න­ව­ලට සීමා කිරිම අභා­ග්‍ය­යකි. මොර­ග­හ­කන්ද ජලා­ශය දියෙන් පිරෙන විට, එක් මාධ්‍ය ආය­ත­න­යක් සති තුනක් පුරා ජලා­ශ­යට මැදිවූ වන සතුන් ගැන මෙන්ම ජලා­ශ­යට යටවූ ගම්මාන ගැන රටට සිහි­පත් කළේය. මාධ්‍ය භාවි­තය සහ කුහ­ක­කම අතර වෙන­සට තවත් උදා­හ­රණ උව­මනා නැත.

56 පෙර­ළි­යේදී දිය­සේන ලෙස බණ්ඩා­ර­නා­යක උස්සා තැබූ මාන­ව­සිංහ පසුව දිය බැහැපු සේන ලෙස සම­ච්චල් කළේය. බුද්ධ ජය­න්ති­යට ප්‍රද­ර්ශ­නය කිරී­මට සැල­සුම් කළ, බිමල් රෝයිගේ ගෞතම බුද්ධ චිත්‍ර­ප­ට­යට හොඳ සිංහල පිට­පත් නැති නිසා ප්‍රද­ර්ශ­නය පමා විය. එය ඇසූ අග­මැති බණ්ඩා­ර­නා­යක “ඇයි මාන­ව­සිං­හට කිවේ නැද්දැ”යි විම­සීය. මාන­ව­සිං­හගේ ආණ්ඩු විරෝ­ධය ගැන කී වහාම බණ්ඩා­ර­නා­යක දුන් පිළි­තුර මෙසේය.

“අයිසේ මාන­ව­සිංහ ආණ්ඩු­වට විරුද්ධ වුණාට බුද්ධා­ග­මට විරුද්ධ නෑනේ” බණ්ඩා­ර­නා­යක කී පරි­දිම මාන­ව­සිංහ එකී කාර්ය ඉතා හොඳින් ඉටු කළේය. සර් ඔලි­වර්ට අර ජාතියේ පිළි­තු­රක් දීමට තරම් එදා මාධ්‍ය නිර්භය විය. අද මාධ්‍ය බියෙන් සිටිති යැයි කියන්නේ කීත් නොයාර් බේරා හැරිය බව පිළි­ගන්නා මහින්ද රාජ­පක්‍ෂ පම­ණකි. නිද­හස යනු අනෙ­කාගේ නාසය තුවාල කිරිමේ අව­ස­රය නොවේ.

unnamed 3

මාධ්‍ය කී වෙනිදෝ ආණ්ඩුව නම්, සිය වග­කීම් තේරු­ම්ගත යුතු වේ. හැම මඟු­ල­ටම විරුද්ධ වන්නේ නම් රටක් පව­තින්නේ නැත. රට යනු ජන­තා­වය. ආණ්ඩු රැකී­මට මාධ්‍ය බැඳී නැත. එහෙත් ජන­තාව රැකීම මාධ්‍ය සතු පරම වග­කීම වේ. ප්‍රජා­ත­න්ත්‍ර­වාදී රට­වල් ආණ්ඩු කරන්නේ ජන­තාව තෝරා ගත් දේශ­පා­ලන පක්‍ෂ විසිනි. රතු­ප­ස්වල සිද්ධිය එක් පුව­ත්ප­තක් වාර්තා කළේම නැත. ඒ අර පත්ත­රය ආණ්ඩුවේ පන්ද­මක් වූ නිසාය. ඒ පුව­ත්පත අද ශිෂ්‍ය උද්ඝෝ­ෂ­ණ­ව­ලට කඳුළු ගෑස් ගහන හැටි වාර්තා කරයි.
‘එන්ට­ර්ප්‍ර­යිස් ශ්‍රී ලංකා’වැඩ සට­හන ජන­තාව වෙත ගෙන යන්නේ ජල බවු­සර් සහ කඳුළු ගෑස් නොවේ. ජනතා යහ­ප­තට අවශ්‍ය දේය. එකී වැඩ සට­හන සමඟ රජය මොන­රා­ගල යාම බෙහෙ­වින් සාර්ථ­කව විය. එදා මංගල සම­ර­වි­ර­ගෙන් අර මාධ්‍ය සගයා ඇසුවේ මේක තවත් දැයට කිරු­ළක්ද කියාය. මහ අව්වේ මෙන්ම දබ වැස්සේ දරු­වන් කර­පින්නා ගත් මිනිස්සු හා ගැහැනු පැමිණ රැස් කකා ප්‍රද­ර්ශ­නය නැර­ඹූහ. ඒ පැමිණි ජන­තාව දැයට කිරුළ නැරඹූ අය වෙති. ‘එන්ට­ර්ප්‍ර­යිස් ශ්‍රී ලංකා’වැඩ සට­හන ස්පර්ශ කළ ජන­තාව දැයට කිරු­ළෙන් මේ වැඩ සට­හන වෙන් කොට හඳුනා ගත්තාට සැක නැත. මේ කාලයේ චිත්‍ර­පට පවා ජන­තාව බලන්නේ රූප­වා­හි­නිය හර­හාය. රූප­වා­හි­නිය හර­හාද ‘එන්ට­ර්ප්‍ර­යිස් ශ්‍රී ලංකා’වැඩ සට­හන නැරැ­ඹිය හැකිව තියෙද්දී ජන­තාව පැමි­ණියේ ඇයි? මාධ්‍ය හරහා සත්‍යය දැකිය නොහැකි නිසාද?

මට මොන­රා­ග­ලදී නීති­ඥ­ව­රි­යක මුණ ගැසිණ. මා පැමිණි කාර­ණය ඇසූ ඇයගේ මුහුණ වෙනස් විය.

“ඊයේ අපි හවස ගම­නක් ගියා. රෑ දෙළ­හ­ටත් පාරේ සෙනඟ. අමා­රු­වෙන් ආවේ” පළමු දිනයේ ජන සහ­භා­ගි­ත්ව­යට එය සාක්කි­යකි. ඒ ගැන මගේ සතුට මුසු ප්‍රති­චා­රය දැක්වූ පසුව ඇය මෙසේ කීය.

“මොන­රා­ගල ඉන්න අපියි දන්නේ මෙහෙ මිනි­සුන්ගේ අස­ර­ණ­කම. කන්ට බොන්ට අඳින්ට නැහැ. ඒත් මෙහෙම එක­කට දරු­වොත් උස්සා­ගෙන එන්නේ” ඇය අද­හන දේශ­පා­ල­නය මම දනිමි.

“ඒ වුණාට ඔයා මට කියන්න කෑම කඩ­යක් රෙදි කඩ­යක් වැහිච්ච තැනක්”

“ඒක නම් එහෙම තමා” කී ඇය මාතෘ­කාව වෙනස් කළාය. සත්ත­කින්ම උදාවී ඇත්තේ මාතෘ­කාව වෙනස් කළ යුතු යුග­යකි. රුපි­යල් 2500න් මාස­යක් ජීව­ත්විය හැකි බව කී බන්දුල ගුණ­ව­ර්ධන අද ජීවන විය­දම ගැන කියයි. මාර්ග නීති දඩ වැඩි කිරී­මට එරෙහි සම­හ­රුන් කියන්නේ පාරේ වාහන වැඩි බවය. පාරේ වාහන වැඩි වුණේ සහ ඒවායේ යන්නේ රටේ මිනි­සුන්ය. කෑම කඩ රෙදි කඩ නොවැ­සෙන ලංකාවේ ඇත්තේ දිළි­ඳු­කම නොවේ. ආයෝ­ජ­න­යට ඉඩ ප්‍රස්ථා නැති­ක­මය. ඊට ඉඩ නො සලසා මිනි­සුන්ගේ ආත්මය කෙළෙ­සීම පාප­යකි.

මාධ්‍ය නිද­හස දෝරේ ගලන රටේ ජන­තාව හිඟ­න්නන් බව කියන රටේ මෙවැනි ප්‍රද­ර්ශන පවත්වා පම­ණක් පලක් නැත. ඒ ප්‍රශ්න­ව­ලට පිළි­තුරු දිය යුතුවේ. ප්‍රභා­ක­රන් කී පරිදි දෙස­ති­ය­කින් සියල්ල අම­තක වන රෝග­ය­කින් ශ්‍රී ලංකාව පෙළෙයි. එසේම ‘එන්ට­ර්ප්‍ර­යිස් ශ්‍රී ලංකා’ වැඩ සට­හන වැනි බොහෝ වැඩ සට­හන් අසා­ර්ථක වූ ඉති­හා­ස­යක් අපට ඇත. 1972 පස් අවු­රුදු සැලැස්ම ඊට උදා­හ­ණ­යකි. එදා සිය­රට දේ සිරි­සැප දෙන බව විශ්වාස කොට විදේ­ශීය පොහොර පවා නතර කැරිණි. නිල­ධා­රින් ඉතා සාර්ථක ලෙස වැඩ සට­හන ක්‍රියා­ත්මක කරද්දී පොහොර නැව් පැමිණි බව වාර්තා විය. අර­මුණු අත­රමං විය. රටක් ලෙස අප සිටින්නේ යම් කැප කිරී­මක් කොට අර­මු­ණක් ඉටු­ක­ර­ගත යුතු කාල­ය­කය. ගිනි­ගත් රැවු­ලෙන් සුරුට්ටු පත්තු කර­න්නන් හඳුනා ගත යුතුවේ.
ගෙවී ගිය වසර තුන පිළි­බඳ ආණ්ඩුවේ සම­හර ඇමැ­ති­ව­රුන්ද සිටියේ සතු­ටින් නොවේ. අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මොන­රා­ගල ගොස් කීවේ දැන් පටන් ගන්න කියාය. මෙහිදී මට 2001 එජාප ආණ්ඩුව සිහි­පත් විය. එදා තිබුණේ චන්ද්‍රිකා බංකො­ළොත් කළ රටකි. මුල් දෙව­ස­රම රස්සා දීම තහ­නම් කළ අග­මැති මේ විදි­ය­ටම පටන් ගැන්මක් අපේක්‍ෂා කළේය. ඊට පෙර චන්ද්‍රිකා ආණ්ඩුව පැහැර ගත්තාය. 2015දී නැවත රනිල් අග­මැති විය. මෙව­රද ලැබුණේ රටක් නොවේ. ණය උගු­ලකි. මෛත්‍රි-රනිල් පාල­නය එක්ව සාර්ථක ගම­නක් යමින් සිටියි. දැන් ඇත්තේ අස්වැන්න නෙළ­න්නය.

එහෙත් සංව­ර්ධන ගොයමේ කීඩා­වන් නැතිවා නොවේ. ක්‍රියා­දා­මය අධී­ක්‍ෂ­ණය කර­න්නන් ගැන පරි­ස්සම් විය යුතුවේ. වැඩිවූ විශ්‍රාම වැටුප පමා කර­මින් විශ්‍රා­මි­ක­ය­න්ගෙන් 10% එකතු කරන රාජ්‍ය නිල­ධාරි පැළැ­න්ති­යක් සක්‍රීය වේ. හොරා­කෑම පුරුදු කළ ‘ටෙන් ප(ර්)සන්ට්’ කිඹු­ලන් ගෙදර ඇරි­යාට කිඹුල් හූනෝ නිරු­ප­ද්‍රි­තව ආණ්ඩුව සපා කමින් සිටිති. ණය වැඩ සට­හන යන්නේ බැංකු හර­හාය. අධී­ක්‍ෂ­ණය හරි­යට නොකෙ­රු­ණොත් ආයෙත් මුල­ටය. නිකුත් වන ණය මුදල ආයෝ­ජ­නය කෙරෙන හැටි විම­සිය යුතුවේ. එක පල­තුරු කඩ­යක් පටන් ගත් විට ඒ අස­ලින් තවත් පල­තුරු කඩ 6ක් මතුවේ. පල­තුරු කඩ දෙක­කට පසුව පල­තුරු වැවීමේ හා ජූස් බාර් ඇරීමේ වාසිය ජන­ගත කළ­යුතු වේ. සත්ත­කින්ම මින්සුන් අත මුදල් නැතුවා නොවේ. ශක්තිය නැතුවා නොවේ. ඇත්තේ ආයෝ­ජ­නය පිළි­බඳ පවත්නා නොදැ­නීම ය. දැනු­ම්වත් කිරීමේ කාර්ය වඩාත් කළ හැක්කේ මාධ්‍ය හර­හාය. මාන­ව­සිංහ බුද්ධා­ග­මට විරුද්ධ නොවුණා මෙන් මාධ්‍ය ජන­තා­වට පක්‍ෂ විය යුතුවේ. රටේ සංව­ර්ධ­නය ආගම මෙන් ඇද­හිය යුතුවේ. නමුත් ඒ ඇද­හිල්ල හොර­කම් කළත් රට දියුණු කළත් කමක් නෑ වැනි ආග­මක් නොවිය යුතුවේ.

එබැ­වින් ‘එන්ටර් ප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩ සට­හන කොළඹ ප්‍රද­ර්ශ­න­යෙන්, ගම් උදා­වෙන් හා දැයට කිරු­ළෙන් වෙන­ස්වන හැටි විම­සිය යුතුවේ. එසේම මේ වැය කරන්නේ රටේ ධනය බව නිතර සිහි­පත් කළ යුතුවේ.

නීතිඥ චන්ද්‍රසිරි සෙනවිරත්න