Language Switcher

V2025

රාජනිගේ 29 වැනි අනුස්මරණය 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

මෙයට හරියටම අවුරුදු 29කට කලින් 1989 සැප්තැම්බර් 21 දින සවස 5.00 ට පමණ මගේ බිරිඳ රාජනී ද්‍රවිඩ කොටි සංවිධානය විසින් සහාසික ලෙස වෙඩි තබා ඝාතනය කරනු ලැබිය.මට ඇය ගැන පණිවිඩය ලැබුනේ එයට පසුදින උදේය .එවක ට රටේ පැවති ඇති බිහිසුනු දේශපාලන තත්වය නිසා මා නැවතී සිටියේ බොරැල්ල හන්දිය අසල පැවති අපේ ආරක්ෂක නිවසකය. එයට පසුද උදේ පාන්දර අපි යාපනය බලා පිටත්වයාමට සුදානම් වූයෙමු.මා සමග යාපනයට ගියේ නිර්මාල් රන්ජිත් දේවසිරි සහ MDDR හි විමල් ප්‍රනාන්දු සහොදර වරුන්ය.එහි පිටත් වීමට කලින් ඒ ගෙදර මුල්ලක බිම වාඩිවී විලාප නගමින් හැඬුවා මට මතකය.මේ කරුණු වලට වඩා අදට වැදගත් වන්නේ රාජනී කොටි සන්විධානයේ අවසානය 'බිදුණු තල්රුක' ග්‍රන්ථයේ සටහන් කල ආකාරයයි.

"ද්‍රවිඩ කොටින්ගේ ඉතිහාසය,ඔවුන්ගේ න්‍යායික හිස්බව,දේශපාලන නිර්මානතාවයක් නොමැතිවීම,නොවිසිලිවන්තකම සහ අන්ධ භක්තියෙන් 42258298 724897584531065 1405914994104598528 nකරන කැප කිරීම සංවිධානයේ බිද වැටීමට අවසානයේ හේතුවනු ඇත.ද්‍රවිඩ කොටින්ගේම වැරදි ක්‍රියාකලාපයන් නිසා එහි බිලි බවට පත් වුවන්ගේ ලෙයින් සහ කඳුලෙන් සිය දෙඅත් තෙමාගත් ජනප්‍රවාදගත ද්‍රවිඩ කොටින් සිය අවසානය ළගා කර ගනු ඇත.ඔවුන්ගේ අළු වලින් නව කොටියෙකු බිහි නොවනු ඇත.නව විමුක්ති කාමී දෘෂ්ටියක් උපත ලැබිය යුත්තේ මේ සමස්ත ඉතිහාසයෙන් සහ එහි ආධිපත්‍ය ධාරී දෘෂ්ටියෙන් කැඩී වෙන් වීමෙන් පමණි."

මෙයින් අප පාඩම් දෙකක් උගත යුතුබව මම විශ්වාස කරමි.උතුරේ සහ නැගෙනහිර ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නොදී පීඩනය තවදුරත් ගෙනයන්නේනම් නව කොටියෙකු උපත ලබනු ඇත.දෙවැන්න පාර්ලිමේන්තුවෙන් පරිබාහිරව විමුක්තිය උදාකර ගැනීමට කැස කවන සංවිධානයන් ද්‍රවිඩ අරගලයෙන් ගත යුතු වටිනා පාඩමය.

දයාපාල තිරාණගම