Language Switcher

V2025

කිසිවෙකුත් අත් නොහරින - හානිපූර්ණය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

යුද්ධය අවසන් වීමේ සිට ශ්‍රී ලංකාවෙහි දේශපාලන වාතාවරණයෙන් පෙනී යන්නේ බලයේ කවුරුන් සිටියත් කවුරුන් බලය සඳහා තරඟ වැදුනත් සෑම කෙනෙකු විසින් ම ප්‍රමුඛතාව  ලබා දුන් නොවෙනස් වන එක් ප්‍රතිපත්තියක්  වූ බවයි. එනම් ප්‍රගතිශීලී  හා නිර්බාධිත සමාජ - ආර්ථික සංවර්ධනයයි. මේ සඳහා සියල්ල ඇතුළත් කර ගැනීම හා වෙනස් කොට නොසැලකීම බලපායි. මන්ද යත් එක් කණ්ඩායමක්, ප්‍රජාවක් හෝ සමාජ පංතියක් පමණක් ඉන් ප්‍රතිලාභ ලබන්නේ නම් රටක් සැබැවින්ම සංවර්ධනය විය නොහැක. මූලික වශයෙන් සියළු දෙනාහට ප්‍රගතියක් නොමැතිව සංවර්ධනය කරා ගමන් කළ නොහැක. 

පසුගිය දශක 3 තුළ වූ ප්‍රචණ්ඩත්වය මගින් බලපෑමට ලක් වූ බොහෝ දෙනාගේ මානව හිමිකම් උල්ලංඝණය වීමට අමතරව ඔවුන්ට තම නිවෙස්, ඉඩම් හා ජීවනෝපායන් ද අහිමි වූ අතර එමගින් ඔවුන්ගේ සංවර්නයට ඇති හිමිකමට බාධා එල්ල විය. ඔවුන්ගෙන් බොහෝ දෙනාට තම නිවෙස් වෙත යළිත් යාමට නොහැකි නම්, රැකියාවක් සොයා ගැනීමට නොහැකි නම්, ජීවිතය යථා තත්වයට පත් කරගත නොහැකි නම් ඔවුන්ට සාමය යනු අරුත් සුන් වූවකි. ඔවුන්ගේ සිහිනවල අහස උසැති ගොඩනැගිලි, වරාය නගර, ජාත්‍යන්තර  හෝටල් දාම හෝ සාප්පු සංකීර්ණ නොමැති අතර එම සිහිනවල ඇත්තේ ආහාර, ආරක්ෂාව, සෞඛ්‍ය රක්ෂණය හා වැදගත් රැකියාවකි. රටේ බහුතර ජනතාවට අත්‍යවශ්‍ය දේ ලබා ගැනීමට අවශ්‍ය  මුදල් නොමැති නම් දිලිසෙන නව ගොඩනැගිලිවලින් ඇති ඵලය කුමක්ද?     

සංහිඳියාව පිළිබඳ න්‍යාය පත්‍රය  වැදගත් වන්නේ මෙහිදීය. “හානි පූර්ණය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පත“ (පනත් කෙටුම්පත)

2018 ජූනි 25 දින ගැසට් කරන ලද අතර 2018 ජූනි 17 දින එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. පසුගිය රජයන් විසින් පසුගිය වසර ගණනාව පුරාවට විවිධ ආකාරයේ හානිපූර්ණයන් සිදු කළ ද හානිපූර්ණයන් වැරදි ලෙස අර්ථකථනය කරමින් ඇතැම් පුද්ගලයෝ පුදුමයෙන්ද ඇතැම් පුද්ගලයෝ කෝපයෙන් ද මෙයට ප්‍රතිචාර  දක්වති.   

සරළව කිවහොත් හානිපූර්ණය මගින් වැරදි ක්‍රියාවන්  හඳුනාගෙන ප්‍රචණ්ඩකාරී ගැටුම් හේතුවෙන් වේදනා විඳි වින්දිතයන් සඳහා සහන සලසනු ලැබේ. වින්දිතයන්ගේ හිමිකම් යළි ගොඩනැගීම හා ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රජය විසින් ගන්නා පියවර එයට ඇතුළත් වේ. මෙය සිදු වන්නේ උතුරු හා නැගෙනහිර ගැටුම් අවසන් වී දස වසරකට පසුව හෝ දකුණේ තරුණ කැරලිකරුවන්ගේ එක් පරම්පරාවකට පසුව හෝ සුළු ජාතීන් වෙත ප්‍රහාර එල්ල වී වසර ගණනාවකට පසුව වුවත් කම් නැත. බොහෝ ශ්‍රී ලාංකිකයෝ තවමත් ශාරීරික ආබාධ, ක්ෂතිය, දේපළ අහිමි වීම, දරිද්‍රතාව, කොන් වීම ආදියෙන් පීඩා විඳිති. මෙහි පාඨකයා ඔවුන්ගෙන් කෙනෙකු නොවුනත් වරප්‍රසාද සහිත වූවන් සිටීමෙන් වින්දිතයන් නැතැයි යන්න හෝ ඔවුන් සමග සහයෝගීතාවයෙන් සිටීමට අප බැඳී නැතැයි යන්න හෝ අදහස් නොවේ. 

ආබාධිත පුද්ගලයන් හෝ පවුලේ උපයන්නා අතුරුදහන් වී හෝ මිය ගොස් ඇති ගෘහ ඒකක වැනි දිළඳු සහ බලපෑමට ලක් විය හැකි කණ්ඩායම් සඳහා මූලික අවශ්‍යතා සැපයීම මගින් දුක් පීඩාවන් දුරු කිරීම හා තම මූලික අයිතාවාසිකම් අහිමි වූ කොන් කරන ලද කණ්ඩායම් කෙරෙහි දිගු කලක් පුරාවට පැවති වෙනස් කොට සැලකීම් සඳහා පිළියම් ලබා දීම මගින් ව්යුහාත්මක ප්රචණ්ඩත්වය හඳුනා ගැනීමට හා මර්දනය කිරීමට හානිපූර්ණයන් උපකාරී වේ: උදාහරණ ලෙස, තම ස්වාමි පුරුෂයන් මිය ගිය හෝ අතුරුදහන් වූ කාන්තාවන් සඳහා හානිපූර්ණයන් විශේෂයෙන් වැදගත් වේ. මෙම කාන්තාවන්හට තම පවුල් නඩත්තු කිරීමට සිදු වන්නේ ඉතා අඩු සහායක් සහිතව හා බොහෝ විට නොසලකා හැරීම්, ගැරහුම් හා අපයෝජනයන්ට මුහුණ දෙමින්ය.      

හානි පූර්ණයන් සිදු කිරීම සංහිඳියාව හා හිමිකම් සඳහා වන යාන්ත්‍රණයක් සේම සංවර්ධනය සඳහා වන ප්‍රවේශයෙහි අත්‍යවශ්‍ය අංගයක් ද වන අතර එමගින් බොහෝමයක් කොන් කරන ලද කණ්ඩායම්වලට සමාජයට ඒකාබද්ධ වීමට අවස්ථාවක් සලසා දෙමින් ඔවුන්ගේ තත්වය ඉහළ නැංවීමට අපේක්ෂිතය. 

රැස්වීම් පවත්වමින් හා දිවයින පුරා ප්‍රජාවන්ගේ අදහස් ලබා ගනිමින් 2016 වසර තුළ ක්‍රියාත්මක වූ ප්‍රවිචාරණ කාර්ය සාධන බලකාය මගින් හානිපූර්ණය සඳහා නව කාර්යාලය සඳහා වන තාර්කිකය සකස් කරන ලදී. වාර්තාවට අනුව තම අත්දැකීම් බෙදා ගත් සියළුම දෙනා පාහේ වන්දි නොගෙවීම, ප්‍රමාද වීම හෝ ප්‍රමාණවත් නොවීම, ප්‍රත්‍යාස්ථාපනය ප්‍රතික්ෂේප කිරීම, නිවැරදි නිර්ණායක නොමැති වීම, ඇතැම් පීඩාවන් හෝ පාඩු පිළි නොගැනීම, වෙනස් කොට සැලකීම හෝ නිලධාරීන්ගේ බලපෑම් ආදිය පිළිබඳ දුක්ගැනවිලි ඉදිරිපත් කළහ.  

ඇතුළත් කිරීම

-          1989 ජ.වි.පෙ. කැරැල්ල හේතුවෙන් බලපෑමට ලක් වූ පවුලක කාන්තාවක් තමන්ගේ පවුලට අනතුරු හැඟවීම් සිදු කළ ආකාරයත් මහනුවර පිහිටි සිය නිවසින් සූට්කේසයක් පමණක් ඇතිව පළා යාමට ඔවුන්ට සිදු වූ ආකාරයත් පැහැදිලි කළාය. ඔවුන්ගේ නිවස කොල්ල කා ගිනි තබන ලද අතර වසර 27ක් පුරාවට ඔවුන්ට කිසිඳු වන්දියක් ලබා දී නැත. 

-          එසේ ම 1983 ජාතිවාදී කලබලය පිළිබඳ අදහස් දැක්වූ පුද්ගලයෙකු කියා සිටියේ “...දෙමළ තරුණයෙක් ගිනි තබා මැරුවා. දෙමව්පියන් නඩු දැම්මා. රජය රු. 10,000/- ක වන්දියක් ලබාදී දෙමව්පියන් ලවා වන්දිය රු. 25,000/- කියා ලියැවුණු කඩදාසියකට අත්සන් ගත්තා“ - (ගාල්ලේ වැසියෙක්) 

-          මඩකලපුවේ ආබාධිත පුද්ගලයකු පැවසුවේ “මගේ ඔළුවයි තුනටියයි තුවාල වුණා. මගේ ඇස් හරියට පේන්නේ නෑ. මම මේක කිව්වාම ඒ අය කියන්නේ ඔයාගේ අමාරුව මොකද්ද, ඔයාට කිසි අමාරුවක් පේන්නේ නෑ කියලා...“ (මඩකලපුවේ ආබාධිත පුද්ගලයෙක්). එසේ ම ක්ෂතිය කෙරෙහි නිසි අවධානයක් යොමු නොවන අතර ඒ සම්බන්ධයෙන් පිළියම් ලබා නොදෙන බව විශාල පිරිසක් ප්‍රකාශ කළේය. 

හානි පූර්ණය සඳහා වන කාර්යාලය මගින් යුද්ධය හා ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට අදාළ වින්දිතයන්ගේ පීඩාවන් හඳුනා ගැනීම හා පිළියම් ලබා දීම සිදු කරනු ඇති අතර එවැනි පීඩාවට පත් වූවන්, එනම් උතුරු හා නැගෙනහිර ගැටුම්වලදී හෝ දේශපාලන නොසන්සුන්තා හෝ සිවිල් කලකෝලාහලවලදී හෝ ක්‍රමික බරපතල මානව හිමිකම් උල්ලංඝණය වීමක් හරහා හෝ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමක් හේතුවෙන් “මානව හිමිකම් හෝ මානුෂීය නීතිය උල්ලංඝණය වීමක්“ (27 වගන්තිය) අත්විඳි ඕනෑම පුද්ගලයෙකු සඳහා සාධාරණ හා ප්‍රමාණවත් වන්දි ලබා දීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කරනු ඇත. 

හානි පූර්ණය යනු හුදෙක් මුදල් ලබා දීම පමණක් නොවන බව සඳහන් කිරීම වැදගත් වේ. හානිපූර්ණයන් අත්‍යවශ්‍ය වේ: ඒවා පුද්ගලික හෝ සාමූහික (සමස්ථයක් ලෙස ප්‍රජාවක් සඳහා ප්‍රතිලාභ සලසන) විය හැකිය. හිමිකම් ප්‍රත්‍යාස්ථාපනය කිරීම, වැරදි පිළිගැනීම, වෛද්‍ය හා මානසික පුනරුත්ථාපනය, පුහුණු වැඩසටහන් ආදිය හානිපූර්ණයට ඇතුළත් විය යුතුය. ඵලදායී ලෙස ක්‍රියාවට නැංවුවහොත් මෙම ක්‍රියාමාර්ග රටට වැදගත් ආයෝජනයක් වනු නොඅනුමානය.   

හානි පූර්ණයේදී වඩාත් වැදගත් වන්නේ සියළු ම වින්දිතයන්ට සාධාරණව හා සමානව සැලකීමයි. හානිපූර්ණය සඳහා වන කාර්යාලය මගින් ඕනෑම මානව හිමිකම් හා මානුෂීය නීතිය උල්ලංඝණය වීමක් පිළිබඳ සලකා බලනු ලැබේ. හානිපූර්ණය සිදු කිරීමේ දී වින්දිතයන්ගේ ජන වර්ගය, ආගම හෝ දේශපාලන සබඳතා වැනි සාධක වින්දිතයන්ට එරෙහිව භාවිතා කළ නොහැක.   

වසර 4ක් වැනි කෙටි කාලයක් තුළ සාකල්‍ය සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවීම හේතුවෙන් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව කෙරෙහි පිළිගැනීමක් ඇති වී තිබේ. ජාතික වශයෙන් අභියෝග හා පසුබෑම් තිබුණු අතර යෝජිත නීති විවාදයට ලක් විය යුතු වනවා සේම අවශ්‍ය නම් වැඩි දියුණු කිරීම් ද සිදු කළ යුතුය. හානිපූර්ණය සංහිඳියාව සහ මෙරට සංවර්ධනය සඳහා තීරණාත්මක සාධකයක් වන බව නොඅනුමානය. දිළිඳු හා කොන් කරන ලද්දන් යනු කඩදාසියක සටහන් වූ දත්ත සමුදායක් පමණක් නොව: බොහෝ විට ඔවුන් දිළින්දන් වී සිටින්නේ ඔවුන් කොන් කරන ලද නිසාත් ගැටුම් හා කෝලාහල අතරතුර වින්දිතයන් බවට පත් වූ නිසාත්ය. සියල්ලටම වඩා ඔවුන් මනුෂ්‍යයන්, අප දේශයේ දරුවන්, අපගේ සහෝදර හා සහෝදරියන් වේ. ඔවුන්ගේ තත්වය හා හිමිකම් අප සියල්ලන් ම එකඟ විය යුතු කරුණක් වේ.    

 තාරක හෙට්ටිආරච්චි