Language Switcher

V2025

මහින්ද ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවලා නෑ : බොරු කිව්ව මහින්දට රනිල්ගෙන් ප්‍රතිචාර ! 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා ගාල්ලේ පැවති උත්සවයකට සහභාගි වී ආපසු පැමිණෙන අතරතුරදී, මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට දැරූ උත්සාහය පිළිබදව මට දැනගැනීමට ලැබුණා. මේ කටයුත්ත ව්‍යවස්ථා විරෝධී බව එදා මම ප්‍රකාශ කළා. ඉන්පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 කුගේ එකඟත්වයෙන් අපි අධිකරණයට ගොස් මේ සම්බන්ධයෙන්  ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් කළා. ලතින් භාෂාවෙන් ක්වෝ මොරොන්ටෝ කියන්නේ කෝ ඔබේ නිත්‍යානූකුල පත්වීම යන්නයි. අද දිනයේ මා ගාල්ලට එන අතරතුර අභියාචනාධිකරණය විසින් අදාල අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබෙනවා. දැන් ඉතින් තවත් රට අස්ථාවර නොකර සතර වරම් දෙවිවරුන්ගේ නාමයෙන් අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ වහාම ආණ්ඩුවෙන් ඉවත් වන ලෙසයි.

අධිකරණය විසින් අද ලබාදුන් තීන්දුව ආණ්ඩුවකට විරුද්ධව නොව, පුද්ගලයින්ට එරෙහිව ලබාදුන් තීන්දුවක්. එම තීන්දුවෙන් අදහස් කරන්නේ නිත්‍යානුකඣල අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩයක් අදාල බලධාරියා විසින් පත් කළ යුතු බවයි. ඒ සඳහා සුදුසු වන්නේ අගමැතිවරයා ලෙස මමත් අපේ කැබිනට් මණ්ඩලයත් බව කිව යුතුයි.

පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසකගේ දිවුරුම් ප්‍රකාශයන් මේ වන විට අපි ලබාගෙන ඇති අතර ඊට අදාළ ප්‍රති ඥාවන් අපි ඉදිරියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට කටයුතු කරනවා. මේ රටේ  තවත් අස්ථාවරභාවයක් ඇතිකිරීමේ අවශ්‍යතාවයක් නැහැ.

මේ වන විට සංචාරක කර්මාන්තය බිඳවැටිලා. රුපියල කඩා වැටිලා. දිනෙන් දින බඩු මිල ඉහල යනවා. පාසල් දරුවන් සදහා නිල ඇඳුම් ලබා දී නැහැ. ලෝකයේ තෙල් මිල අඩු වුනත් ඒ සහනය මිල සූත්‍රය අනුව ජනතාව ලබාදී නැහැ. මෙවැනි බරපතල ගැටළු රාශියකට මුහුණදීමට මේ වන විට සිදුවී තිබෙනවා. ඒ නිසා තවත් රට අස්ථාවර නොකර සතර වරම් දෙවියන්නේ නාමයෙන් යන්න කියලයි අපි මේ අයට කියන්නේ.

මහින්ද ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවලා නෑ !

මහින්ද රාජපක්ෂ මහතා විසින් උසාවියේ කරනවා මෙන් දේශනයක් ඊයේ දින මාධ්‍ය හමුවේ පැවැත්වූවා. කොසෝවේ, ලිතුවේනියා යන රටවල ව්‍යවස්ථා සම්බන්ධයෙන් ඔහු එහිදී අදහස් පළ කළා. නමුත් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එතුමා නිවැරදිව කියවා නැති එකයි එකම ප්‍රශ්නේ.  අද අපට ඇත්තේ මහ මැතිවරණයක් පිළිබඳව සටහනක් නොව මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සටනක්. ජනතාවගේ පරමාධිතපත්‍ය ආරක්ෂා වන ආකාරයට ව්‍යවස්ථාවට අනුකඣලව මහ මැතිවරණයක් පවත්වා ඒ අනුව කටයුතු කරන්නේ නම් අපට එහි කිසිදු ගැටළුවක් ඇත්තේ නැහැ. නමුත් මේ සටන අපි ගෙනියන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කිරීමටයි. ශ්‍රී ලංකාවේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔබේ ඡන්දය පාවිච්චි කර මහජන නියෝජිතයින් තෝරා ගැනීම, එම මහජන නියෝජිතයින්ගේ මාර්ගයෙන් අග්‍රාමාත්‍යවරයා තෝරා පත්කරගැනීම හා අමාත්‍යවරුන් තෝරා පත් කර ගත හැකියි. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය මෙන්ම, විපක්ෂයද එකග වන්නේ නම් ඒ මගින් මැතිවරණයක් පැවැත්විය හැකි ක්‍රමයක් අපි 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුලින් ඉදිරිපත් කර තිබෙනවා. එය අපි දුන් පොරොන්දුවක් සහ ඔබ අපට දුන් වරමක්. එය ඉටුකර තිබෙන නිසා අද යහපාලනය රට තුල ජයග්‍රහණය කර තිබෙනවා.
මීට පෙර පැවති රාජපක්ෂ පාලනය රට තුල ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට අසමත් වුණා. නමුත් අපි ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කළා. ඔබේ ඡන්දයට අපි වටිනාකමක් ලබාදී තිබෙනවා. මෙහිදි අප කාරණා දෙකක් සදහන් කරනවා. එකක් ව්‍යවස්ථාව අනුව ආණ්ඩුවක් ඇති කළ යුතුයි. අනෙක පාර්ලිමේන්තුවේ බහුතරයක් සහිත මන්ත්‍රිවරයාට අග්‍රාමාත්‍යධූරය ලබාදිය යුතුයි. 1947 වර්ෂයේ සිට පැවති ආණ්ඩුවල අග්‍රාමාත්‍යවරයා තෝරා පත්කර ගනු ලැබුබේ එම ක්‍රමවේදය අනුවයි. මේ පිළිබඳව මම එක් උදාහරණයක් ප්‍රකාශ කරන්න කැමතියි.

පාර්ලිමේන්තු බහුතරය ගැන චන්ද්‍රිකාගේ ආදර්ශය !

2004 වර්ෂයේ මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළා. එහිදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය බලාපොරොත්තු වුයේ ලක්ෂ්මන් කදිරගාමර් මහතාව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමටයි. නමුත් මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට ඇය කටයුතු කළා.  ඉන් මාසයකට පමණ පසු මම චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගෙන් මේ පිළිබදව විමසීමක් කළා. එතුමිය ඊට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කළේ ලක්ෂ්මන් කදිරගාමර් මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට ජාතික හෙළ උරුමය ඇතුළු තවත් මන්ත්‍රීවරුන් පිරිසක් සිය විරෝධය පළකල නිසා එතුමාට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වී ගිය බවයි.

නමුත් එහිදී මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තක් තිබූ බැවින් එතුමාව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට කටයුතු කළ බව 2004 අප්‍රේල් මාසයේදී චන්ද්‍රිකා මැතිනිය මට පැවසුවා. මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මා සමග ප්‍රකාශ කළේ 2001 වර්ෂයේදී අග්‍රාමාත්‍යවරයා ලෙස මාද 2004 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ මහතාද අග්‍රාමාත්‍ය ධූරයට පත්කරන ලද්දේ පාර්ලිමේන්තුවේ බහුතර මතය සැලකිල්ලට ගනිමින් බවයි.

B37A8098
රටේ ව්‍යවස්ථාවට අනුව ජනතාව මහජන නියෝජිතයින් තෝරා පත්කර ගනු ලබනවා. එම මහජන නියෝජිතයිගේ් බහුතරය ඇති පුද්ගලයා අගමැතිවරයා බවට පත්කර ගනු ලබනවා. ඒ පුද්ගලයා ඇමතිවරු තෝරනවා. මේ සියල්ල සිදු කිරීමේ සෘජු අයිතිය පවතින්නේ ඔබට බව මා සදහන් කිරීමට කැමතියි.

පාර්ලිමේන්තු බහුතරය නැතුව සිරිසේන කොහොමද ආණ්ඩු හදන්නේ !

යම් ලෙසකින් පවතින ආණ්ඩුව රටට නොගැලපෙන්නේ නම් ඉදිරි මහ මැතිවරණයකදී නව ආණ්ඩුවක් තෝරා පත්කර ගැනීමේ හැකියාව මහජනතාවට තිබෙනවා. ඒ අයිතිය ඇත්තේ මහජනතාව මිස ජනාධිපතිවරයාට නොවෙයි. ඒ අයිතිය ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටයි. ඉන්දියානු ව්‍යවස්ථාවට එම අයිතිය නැහැ. ඒත් සම්ප්‍රදායක් ලෙස ඔවුන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා.

අපි ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කරනවා. ඒ ජනතා පරමාධිපත්‍ය ඔබත් ආරක්ෂා කළ යුතුයි. අධිකරණයත් ආරක්ෂා කළ යුතුයි. විධායකයත් ආරක්ෂා කළ යුතුයි. විධායකයට නොමැති බලතල ලබාදීමට අපි සූදානම් නැහැ. පාර්ලිමේන්තුවේ බහුතර එකඟතාවය මත කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විධායක ජනාධිපති ලෙස කටයුතු කරන විටත්  ප්‍රකාශ කළා. එනම්, ජනාධිපතිවරයා නියෝජනය කරන්නා වූ දේශපාලන පක්ෂය මහමැතිවරණයකින් ජයග්‍රහණය කළ විට ඔහුට අග්‍රාමාත්‍යවරයා තෝරා පත්කර කර ගත හැකියි.  නමුත් ඒ හැකියාව සෑම අවස්ථාවකදීම ඔහුට ලැබෙන්නේ නැහැ. එසේ කරන්නේ නම් ඊට පාර්ලිමේන්තුවේ බහුතර එකඟතාවය තිබිය යුතුයි.

දැන් ජනාධිපතිවරයා කළ යුත්තේ පළමුව නිත්‍යානුකූලව ආණ්ඩුවක් ඇතිකර ඉන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70/1 වැනි වගන්තියට අනුව මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කිරීමයි. පාර්ලිමේන්තුමේ නිල කාලය වසර 05යි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වසර හතරහමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ හැකියාවක් නොමැති අතර එසේ විසුරුවා හරින්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර කැමැත්තක් පැවතිය යුතුයි. එංගලන්තයේ ක්‍රියාත්මක වන ක්‍රමවේදය සැලකිල්ලට ගනිමින් මේ යෝජනාව අපි 19 වන ව්‍යවස්ථා සංශෝධනයට ඇතුලත් කළා. කැමරන් අග්‍රාමාත්‍යවරයා යටතේ 2010 දී නියමිත ස්ථාවර කාලයට පාර්ලිමේන්තුවක් ඇති කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. ඒ අනුව පාර්ලිමේන්තුවේ නියමිත කාලය වසර පහයි. වසර 05ක් පාර්ලිමේන්තුව පැවතිය යුතුයි. ඊට පෙර මැතිවරණයක් පවත්වන්නේ නම් ඊට පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතර කැමැත්තක් තිබිය යුතුයි.  ඡන්දය පැවැත්වීම පාර්ලිමේන්තුවේ වැඩ කටයුත්තක් බැවින් ඒ සඳහා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද 2/3ක බහුතර කැමැත්තක් තිබිය යුතු බවට ඔවුන් එදා තීරණය කළා.

19 සංශෝධනය පැහැදිළියි !

නියමිත කාලයට අනුව 2011 දී බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ එම පනත සම්මත කළා. අපි 19 වන ව්‍යවස්ථා සංශෝධනයට ඇතුලත් කළේ ඒ යෝජනාවයි. 19 වන සංශෝධනයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාලය අපි වසර 05ක් නොව වසර 4 1 /2 ක් බවට තීරණය කළා.  

එංගලන්තයේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔවුන්ට වසර පහක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවීමේ හැකියාවක් නොමැති අතර 2015 වර්ෂයේ එරට පැවති මහමැතිවරණයෙන් පසු 2017 වර්ෂයේදී ඩේවිඩ් කැමරන් මහතා අග්‍රාමාත්‍යධූරයෙන් ඉවත් වුණා. පසුව තෙරේසා මේ අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වුණා. 2017 වර්ෂයේ අපේ‍ර්ල් 19 වනදා ඇය විසින් විරුද්ධ පක්ෂය නියෝජනය කළ එරට කම්කරු පක්ෂය සමග එකතු වී බහුතර කැමැත්තෙන් පාර්ලිමේන්තුවේ ධූර කාලය වසර දෙකකින් අඩු කරනු ලැබුවා.

අද මේ රට තුළ මහ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නම්, එක්සත් ජාතික පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය යන සියළුම දේශපාලන පක්ෂ සාකච්ඡා කර තීරණයකට එළóය යුතුයි.  දැනට 2019 වර්ෂයේ මැතිවරණයක් පැවැත්විය යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කර තිබෙනවා.  සියළු පක්ෂ වල එකගත්වය සහිතව  මහ මැතිවරණයක් පවත්වන්නේ නම් අපි කිසිසේත්ම ඊට විරුද්ධ වන්නේ නැහැ. නමුත් සුළුතර බලයක් පමණක් පවතින එක්සත් ජනතා නිදහස් සන්ධානයට මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවට තනිව තීරණය කිරීමේ කිසිදු හැකියාවක් නොමැති බව මා මෙහිදී සදහන් කළ යුතුයි.

රූපවාහිනියෙන් උසාවි දේශනා කරලා හරියන්නේ නෑ !

මහින්ද රාජපක්ෂ මහතා දැන් කළ යුතුව ඇත්තේ රූපවාහිනී නාලිකාවන් වල උසාවි දේශණ පැවැත්වීම නොව, අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර යම් එකඟතාවයකට පැමිණීමයි. දැන් අතුරු නඩු තීන්දු දෙකක් ලබාදී තිබෙනවා. හොරෙන් ඡන්ද පැවැත්වීමට නොහැකි බවට අතුරු තහනම් නියෝගයක් ලබාදී තිබෙනවා. කෝ ඔබේ පත්වීම් වරෙන්තුව යන්න විමසා අනෙක් නඩු තීන්දුව ලබාදී තිබෙනවා.

2015 වර්ෂයේදී අපි මෛත්‍රීපාල සිරිසේන මහතාව ජනාධිවරයා ලෙස පත්කර අග්‍රාමාත්‍යවරයා ලෙස මා දිවුරුම් දී රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට කටයුතු කළා. මේ වෙලාවේ මම ඔබට පැහැදිලිව යමක් ප්‍රකාශ කරන්න කැමතියි. ඔබ ලබාදුන් ජනවරම පාවලා දීමට අපි කිසිසේත් කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම ව්‍යවස්ථාව දූෂණය කිරීමට කිසිවෙකුටත් ඉඩ ලබාදෙන්නේ නැහැ. අපි ඔබේ අයිතිය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපි මේ සටන ජයග්‍රහණය කරා ගෙන යනවා. ඔබ අපිට ලබාදුන් ජනවරමට අනුව යලිත් රට තුළ නිත්‍යානුකූල ආණ්ඩුවක් ස්ථාපිත කර, ඉන්පසු පාර්ලිමේන්තුව එකඟ වන දිනයක අපි මහමැතිවරණය පැවැත්වීමට කටයුතු කරනවා.

මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මනුෂ නානායක්කාර මහතා පියසේන ගමගේ මහතා මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වන ගුණරත්න වීරකෝන් මහතා එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වී සිටිනවා. අපි සියළුම දෙනා එකට එක්වී නැවතත් මේ රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කටයුතු කරනවා.

අවසාන වශයෙන් මේ ජනහමුව සංවිධානය කළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, බන්දුලාල් බණ්ඩාරිගොඩ, විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු සියළුම පක්ෂ ක්‍රියාකාරීන්හට ස්තුති කිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.  

(2018.12.03 දින ගාල්ල නගරයේ පැවති යුක්තියේ ජනහඬ විරෝධතා ව්‍යාපාරයට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.)