ගිය සඳුදා ගාලූ මුවදොර පිටියට පැමිණි ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව රට මවිත කළාට සැක නැත. කලබල නොවන ගමේ අලි උද්දාමයෙන් කොළඹ පැමිණීයහ. ඒ රට මවිත කිරිමට නොවේ. නායකත්වයට තියුණු පණීවිඩයක් දී යාම පිණීසය. ඔවුන් එසේ පැමිණ කී පණිවිඩ රාශියකි. පළමුවැන්න අප ඔබ සමග කියාය. ඒ දෙවැන්න අප මෙතරම් ශක්තිියක් යයි ඔබ දැන සිටියේද? තෙවැන්න ආයෙත් නම් වරද්දා ගන්න එපා යන්නය.

කලූතර රත්තරන් කීවේ මහින්ද පසු බැසීම යනු සුනාමියක් අත ළ`ග බවය. මහින්ද රටට සුනාමියක් බවත් ඒ විනාශය මහින්දට වාසියක් බවත් වඩාත් හොඳීන් දන්නේ එජාපයයි. මහින්දට මුහුණ දීම පිණිස එජාප නායකත්වය ගමේ අලින්ට අවකාශ දිය යුතුවේ. මහින්දගේ සුනාමියට නොව ඕනෑම බලවේගයකට මුහුණ දිමට එජාපය සුදානම් ය. සටන් කිරීමේ මෙන්ම ඔරොත්තු දීමේ හැකියාව එක්සත් ජාතික පක්‍ෂය සතු ජානගත ශක්තියකි. යූඇන්පී කාරයන් සතු ඒ පන්නරය ලංකාවේ වෙනත් කිසිදු දේශපාලන පක්‍ෂයකටවත් නැත. මේ තත්වය කෙටියෙන් විස්තර කරයි නම් යුඇන්පී කාරයන්ගේ ඔරොත්තු දීමේ හැකියාව වඩාත් ප‍්‍රගුණ කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ සහ එල්ටීිටීයයි.

2005දී පැමිණි මහින්ද චින්තනය විසින් එජාපයේ ශක්තිය කඩා බිඳ දැමුවේ නැවත නැගිටින්නට බැරි විදියටය. ඊට හේතුවූ අභ්‍යන්තර සහ බාහිර කරුණු කරණා බොහෝය. මහින්දගේ කාලය තුල ගම දිනා පාර්ලිමේන්තු ගිය එජාප මන්තී‍්‍රන් හැට ගණනක් වරින් වර කෝ්ටි ගණනට විකිණෙනු ගමේ අලි බලා සිටියහ. ගමේ අලි තනතුරුවලට ගිජු වුණේ නැත. නාවලපිටිය 2001 බෝම්බ නඩුවේ විත්තිකරුවන් වූ එජාප මන්තී‍්‍රන් දෙදෙනාම මහින්දගේ මුදලට කෑදරව ජන මතය විකුණා ගත්හ. එක් මන්තී‍්‍ර කෙනෙකුට මේ නඩුවට අමතරව තම සේවකයන්ගේ අර්ථ සාධක මුදල් වංචා කිරිම පිළිබඳ නඩු තිස් ගණනක් තිබිණ. පිල් මාරුව හරහා ඒ සියල්ල යටපත් විය. මහනුවර මහාධීකරණයේ විභාගවූ ඉහත කී කුරුඳුවත්ත බෝම්බ නඩුව එසේම පැවතිණ. පාර්ලිමේන්තු යනවා කියමින් ඒ නඩුව අදටත් අවසන්ව නැත. නීතිපති වරයා මේ නඩුවේ පැමිණිල්ල අස්කර ගැනීමට එකග විය. ඉටු කළ යුතු එක් කොන්දේසියකි. එක් චුදිතයෙකු වරද පිළිගත යුතු විය. එවිට කළ අර මන්තී‍්‍රන් දෙදෙනා නිදහස් වේ. සැලැස්මට අනුව පීටර් ගගහගෙදර නම් එජාප කි‍්‍රයාකාරකයා වරද පිළිගත යුතු විය. එහෙත් පීටර් ගගහගෙදර මුදලට විකුණුනේ නැත. මේ එක් උදාහරණයක් පමණකි.

1970දී මහ මැතිවරණ ප‍්‍රතිපලයෙන් සහ 71 කැරැල්ලෙන් එජාප ශක්තිය බිංදුවට ඇද වැටිණ. ඊළ`ග මොහොත උදාවන තෙක් ආසාවෙන් ගමේ අලි බලා සිටියහ. ඩඞ්ලි සේනානායක සමග යු.බී. වන්නිනායක, එම්.ඞී.බණ්ඩා ආදි විසි තිස් ගණනක් එජාප බලකණු ජීවිත වලින් සමු ගත්හ. ඒ සමග ජේ. ආර්. ජයවර්ධන විසින් පෙළ ගැස්වූ එජාපය නැවත සිය ජයග‍්‍රාහි ගමන ආරම්භ කළහ. ගමේ කි‍්‍රයාකාරින් ගෙදර වත්තේ කෙහෙල් කැන විකුණා එජාපය ශක්තිමත් කළහ. ඒ කාලයේ ගම් මට්ටමෙන් කථීක තරග පවත්වා එක්සත් ජාතික පක්‍ෂය ඡුන්ද රැුස්වීීම්වලට තරුණයන් පුහුණු කළහ. විශාල කරුණ පිරිසක් දේශපාලනයට ඇදි ආවේ එහෙමය. ගිය විසි හතර වසරේ සාමාජික ඉල්ලූම් පත‍්‍රයක්් විකුණ්නාට වඩා ඉඩක් ගමේ අලින්ට නො ලැබිණ. එදා කොල්ලූපිටියේ සිරිකොත පක්‍ෂ මූලස්ථානයට මාසිකව රැුස්වූ සංවිධායකයන් පක්‍ෂයේ වැඩ පිළිවෙල සමාලෝචනය කළහ. අද අසන්නට ලැබෙන කෘත්‍යාධිකාරි මණ්ඩලයට වඩා එකී මාසික රැුස්වීම් බරපතල තීරණ ගත්හ. ඊළග මාසයේ එකී තීරණවලට ගමෙන් ලැබුණ ප‍්‍රතිචාර යළිි සලකා බැලිණ. ගත් තීරණ අලුත් කෙරිණ. ගමනාගමන පහසුකම් හිග ඒ යුගයේ ඞී.බී.විජේතුංග වැනි සංවිධායකයන් කලින් දින සවස සිරිකොතට පැමිණ උත්සව ශාලාවේ බංකු දෙකක් එක් කර රැුය පහන් කළහ. හිමිදිරියේ තුවායක් කරේ දා ගත් විජේතුංග මෙන්ම, සුම්බරයක් ගැට ගසා ගත් ඞී.බී. වෙලගෙදර සාමාන්‍ය දර්ශනයක් විය. එක්සත් ජාතික පක්‍ෂය නැවත ශක්තිමත් කිරීමට එවැනි පදනමක් ජීව ගුණයක් උවමනාය. ජේ.ආර්. සැකසු නව පක්‍ෂ ව්‍යවස්ථාවේ පළමු එජාප මහා ලේකම් ආනන්ද තිස්ස ද අල්විස් විය. ඔහුට කෝට්ටේ සංවිධායක විමට අවශ්‍ය විය. මේ කාරණය මාසික රැුස්වීමේදී ප‍්‍රසිද්ධ කළ ජේ.ආර්. මෙසේ කීය. ‘‘ මම නම් කැමතියි. හැබැයි. පක්‍ෂ ලේකම් කමින් අස්විය යුතුයි. පක්‍ෂයේ මහා ලේකම් පූර්ණ කාලීනයෙකු විය යුතුයි. පසුදා ආනන්ද තිස්ස මහ ලේකම් කමින් අස්වී කෝට්ටේ සංවිධායක විය. ඔහු විශිෂ්ඨ කතානායකයෙකු ලෙස ඉතිහාස ගතවිය. ආනන්ද තිස්ස ගෙන් දහම් විමලසේනට මාරුවූ මහ ලේකම් ධුරය ඉන්පසුව ලැබුණේ හර්ෂ අබේවර්ධනටය. හර්ෂට ගමේ ශාඛා සභාපති ලේකම්වරු නමින් ඇමතිය හැකිව තිබිණ. පූර්ණ කාලීන මහ ලේකම් වරයෙකුට පක්‍ෂය වෙනුවෙන් කළ හැකි දේ බොහෝය.

ගාමිණි දිසානායක වැනි ආකර්ශනීය තරුණ නායකයන් ගමේ ඉල්ලීම විය. ආර්.පේ‍්‍රමදාස සිය පරිනත දේශපාලන අත්දැකීම් ජනතාවට ගැඹුරෙන් තේරුම් කළහ. සුප‍්‍රකට ටොප් ටෙන් ඡුන්දයෙන් තෝරා ගත්තේ ඉහත කී මාසික රැුස්වීමකදීය. පක්‍ෂය ජය කණුව තෙක් ගෙන ගිය ශක්තිය ගොනු කළේ එහෙමය. මෙකී පාදම මත කි‍්‍රයා කළ ජේ.ආර්. ජයවර්ධන විවිධ අභියෝග හරහා තුනෙන් දෙකේ ආණ්ඩුව දුර්වල කළේය. ආණ්ඩුව පත්වූ සැනෙන් එහි ප‍්‍රතිපල බෝනස් සමග 1977දී ගමේ අලින්ට ලැබිණ. 1977 ගමේ ශාඛා සභාපති ලේකම්වරු විසි දහසක් විශේෂ සේවා නිලධාරින් වගා නිලධාරින් ලෙස රාජ්‍ය සේවයට එක් විය.

ඒ ගැම්මට එජාපය වසර 17 එක දිගට රට පාලනය කළේය. ඒ 17 වසර තුළ ආර්.පේ‍්‍රමදාස, ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත් මුදලි යන උප නායකයන් තිදෙනා හැම දිස්ත‍්‍රික්කයකට ප‍්‍රධාන රැුස්වීම් දෙකක කතා කළහ. පසුව ජේ.ආර්. ජයවර්ධන පිරිවරා ගත් ප‍්‍රධාන රැුස්වීම ජය සහතික කළහ. පාර්ලිමේන්තු විවාදවලදි ප‍්‍රධාන කතිකයන් දහ දොළොස් දෙනෙකු ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටියහ. මේ තත්වය වහා නිර්මානය විය යුතුය. එජාපය නැවත පවුලක් විය යුතුවේ. ඒ සමීපකම ගමෙන් ගමට බැඳුන පණිවිඩයක් ලෙස ගමන් කළ යුතුවේ.

ආසියාවටම ඇති පදම් නායකයන් එජාපය සතුව ඇති බවට කලක් ලෝකයම විශ්වාස කළහ. ජේ.ආර්.ජයවර්ධන විසින් නිර්මානය කළ පේ‍්‍රමදාස, ගාමිණී දිසානායක, ලලිත් ඇතුුලත් මුදලි, රන්ජන් විජේරත්න ආදි නායකයන් මහමග මරා දැමිණ. ජේ.ආර්.ද අහිමි, එජාපය ඉන් පසුව, ගමන් කළේ බෙහෙවින් දුර්භාග්‍ය මාර්ගයකය. ඉතා අපහසුවෙන් 2001දී ආණ්ඩු බලය අල්ලා ගත්තේය. එහෙත් වසර දෙකක් තුල එකී බලය ගිලිහිණ. 2010 ජනාධිපති මැතිවරණය මෙන්ම 2015 ජනාධිපති මැතිවරණයද මග හැරිමට එජාපයට සිදුවිය. 2001දී 43 ලක්‍ෂයක්වූ ඡුන්ද පදනම 2004 දී 36 ලක්‍ෂය තෙක් පහළ වැටිණ. 2010දී එය 28 ලක්‍ෂයක් බවට පත් විය. 2015 ජනාධිපති මැතිවරණයේදී මහින්ද පරදවා මෛති‍්‍ර දිනුවේ එජාපයට පින් සිද්ද වෙන්නටය. මෛති‍්‍රට වැටුණ ඡුන්ද 62 ලක්‍ෂයෙන් 50 ලක්‍ෂයක් අගෝස්තුවේ එජාපයට ලැබිණ.

එහෙත් තුන් වසරක් ගෙවුණ තැන එළඹී 2018 පෙබරවාරි පළාත් පාලන ඡුන්දයේදී එජාපය නැවත 36 ලක්‍ෂය තෙක් පසුබෑමට ලක්විය. ජනාධිපතිි මෛති‍්‍රපාල සිරිසේන තනිව මුල් වරට පෙබරවාරියේ තනිව මුහුණ දී 14 ලක්‍ෂයක් ඡුන්ද ලබා ගත්තේය. ගෙවුණ එකී වසර 3 තුල අපට අහිමිවූ 14 ලක්‍ෂයක ඡුන්ද ප‍්‍රමාණය සමග මෛති‍්‍ර ලබාගත් ඡුන්ද ප‍්‍රමාණය අප විසින් විශ්ලේෂණය කළ යුතුව ඇත. පෙබරවාරි ප‍්‍රතිපලය ප‍්‍රථමයෙන් විශ්වාස භංගයක් ලෙස එළි දැක්විණ. පසුව එය ව්‍යවස්ථාදායක කුමන්ත‍්‍රණයක් විය. කවුරු කෙසේ විග‍්‍රහ කළද සත්‍ය එයයි.

එජාපය බිංදුවෙන් පටන් ගත යුතුව ඇත.

කාලය ලබාදි ඇත්තේ කෙටි ඉඩකි. එක් වසරක් තුල එළඹෙන මහා මැතිවරණයකට ලංකාවටම එරෙහිව එජාපය මුහුණ දිය යුතුවේ. උතුරටත් නැගෙනහිරටත් ගමන් කළ යුතුව ඇත. ඒ සඳහා කොළඹ ක‍්‍රමයේ දැන්වීම් සමාගම්වල උපදේශන වලට රැුවටිය යුතු නැත. නැවත විනාශ වෙනවාද දිනනවාද යන්න තීරණය කිරීම පක්‍ෂයේ ඉහළ පෙළට භාර කටයුත්තකි. කෝටි ගණන් වැයකර සකසන මැතිවරණ ව්‍යාපෘති වෙනුවට ගමේ මිනිසාගේ ශක්තිය යොදා ගත යුතුවේ.

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි.