Language Switcher

V2025

කපටි සිරිසේන අයිෆල් කුළුණ දෙවරක් වික්ක ලස්ටිග්ගේ වෙස් ගත්තේද?

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active

ලෝක ඉතිහාසයේ රැවටිලිකරුවන් රාශියක් සිටියෝය. ඔවුහු විවිධාකාරයෙන් ප්‍රසිද්ධ වූහ. වික්ටර් ලස්ටිග් මේ අතරින් ප්‍රධාන රැවටිලිකරයෙකි. "අයිෆල් කුළුණ දෙපාරක් වික්ක හාදයා," (ද මෑන් හු සොල්ඩ් අයිෆල් ටවර් ටුවයිස්) ලෙස ප්‍රකට ඔහු, පැරිස් නුවර ඉදිකොට ඇති ලෝක පුදුමවලින් එකක් වන අයිෆල් කුළුණ යකඩ වලට දෙපාරක් විකිණීමට සමත් වූ කපටියෙකි.

ප්‍රංශයේ අත්ලාන්තික් වරායන් සහ නිව්යෝර්ක් නගරය අතර ගමන් කළ නව්කාවල ගමන් ගන්නා මගීන් රැවටීම ඔහුගේ පළමු ජීවනෝපාය විය.

ඉන්පසු, 1923 වසරේ යම් දිනක පරිස් නුවරට පැමිණි ඔහු අයිෆල් කුළුණ ගැන පළවූ පුවත්පත් වාර්තා ගැන අවධානය යොමු කළේය. අදාළ ලිපි වලින් අයිෆල් කුලුණේ තත්වය සහ හදිසි නඩත්තුවක අවශ්‍යතාවය ගැන අවදාරණය කොට තිබුණි. මෙය ප්‍රයෝජනයට ගනිමින්, වික්ටර් ලස්ටිග් නගරයේ තිබු සුවිසල් හෝටලයකට එහි විසු ලෝහ බඩු පිළිබඳ ව්‍යාපාරිකයින් කණ්ඩායමක් ගෙන්වා අයිෆල් කුලුණේ අනාගතය ගැන කතා කළෝය.

කතා බහ ආරම්භ කිරීමට පෙර හෙතම, "විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍යය අධ්‍යක්ෂ ජනරාල්" ලෙස කටයුතු කරණ බව හඳුන්වා දුන් අතර එය ඔප්පු කිරීමට අවශ්‍යය ව්‍යාජ ලේඛණද ඉදිරිපත් කළේය. හෙතම හැසිරුණු අකාරයෙන් කිසිම ව්‍යාපාරිකයෙකු ඔහු ගැන සැක නොසිතුහ. බාසාවේ පරිණත බව, රාජ්‍ය සේවකයෙකුගේ පෞර්ෂය ඔහු මනාව පෙන්නනු ලැබුවේ ව්‍යාපාරිකයින් මුසපත් කරවමිනි.

"නියෝජ්‍යය අධ්‍යක්ෂ ජනරාල්තුමා" අයිෆල් කුළුණ ගැන ආණ්ඩුව ගෙන ඇති “රහසිගත තීරණය” ගැන ව්‍යාපාරිකයින් හමුවේ හෙළිදරව් කරනු ලැබුවේ ගනුදෙනුව සිදුවන තෙක් කෙළ බිඳක් නොහෙළන ලෙස නියෝග කරමිනි. "අයිෆල් කුළුණ යකඩ වලට විකුණන්න ආණ්ඩුව තීරණය කරලයි තියෙන්නේ. ජනතාව උසී ගැන්වීමට ඉඩ තිබෙන නිසා මේක ඉතාම රහසේ සිදු කිරීමට නියමිත කටයුත්තක්. ඒ නිසා මේකට කැමති එක්කෙනෙක් ඉන්නවනම් කියන්න."

ලාභය පෙන්වා මොළය නැති කිරීම !

අයිෆල් කුලුණේ ඇතිලෝහ විකිණීමෙන් විශාල ලාභයක් ලබාගත හැකි බව සිතු අන්ද්රි පොයිසෝන්, වික්ටර් ලස්ටින්ගේ ලණුව ගිල්ලේය. ඉන් පසු වික්ටර් ලස්ටිග් සහ අන්ද්රි පොයිසෝන් වෙනම හමු වීමට තීරණය කළෝය. දෙවැනි හමුවේදී තම දුක්ගැනවිල්ල කියූ වික්ටර් ලස්ටිග් තමන් සිතන ජීවිතය නැති බවත් ආණ්ඩුවෙන් ගෙවන වැටුප ප්‍රමාණවත් නැති බවත් කිව්වේය. එසේම තමන් අල්ලසටබර මිනිහෙක් බව ඔහු නොකියා කිව්වේය.

තමන් ඉදිරියේ ඇති විශාල ව්‍යාපාරික අවස්ථාව කෙසේ හෝ ලබා ගැනීමට තීරණය කළ අන්ද්රි, "නියෝජ්‍යය අධ්‍යක්ෂ ජනරාල්තුමාට" විශාල අල්ලස් මුදලක් ලබා දුන්නේය. තම අවශ්‍යතාවය ඉටුකළ අන්ද්රිගේ විශ්වාසය තවත් වැඩි කරමින් වික්ටර් සමුගත්තේ ගනුදෙනුවේ මීළඟ පියවර සඳහා අවශ්‍යය දිනය ගැන එකඟතාවයකින් පසුවය. වික්ටර් ඕස්ට්‍රියාවට පලා ගියේය. අන්ද්රි වංචාවට හසු වූ බව පසුව තේරුම් ගත් නමුත් ලැජ්ජාව නිසා පොලිසියට පැමිණිළි කිරීමෙන් වැළකී සිටියේය. නමුත් පසුව එය ප්‍රසිද්ධ කාරණයක් බවට පත්විය.

රුමේනියානු සල්ලි පෙට්ටිය වික්ටර් ලස්ටින්ගේ තවත් එක් වික්‍රමයකි. ඒ යුරෝපයේ රටවල් රාශියක වංචා කිරීමෙන් පසු ඇමෙරිකාවට පලාගිය පසුය. මැහෝගනී වලින් තනනු ලැබූ ට්‍රාන්කර් පෙට්ටියක් පෙන්වා එය මුදල් නෝට්ටු වල වලංගු පිටපතක් පැය හයක් ඇතුළතදී ලබා දීමට හැකි මැෂිමක් ලෙස පෙන්වමින් ඇමෙරිකානු ජාතිකයින් බොහෝ දෙනෙකුගෙන් මුදල් වංචා කිරීමට හෙතම සමත් විය.

වික්ටර් ලස්ටින් ඇමෙරිකා එක්සත් ජනපදයේ සිරගෙදරකදී මියයන තෙක්ම ඔහු විවිධාකාරයේ වංචාවල නිරත වෙමින් හමුවන සෑම අයෙකුම පාහේ රැවටීමට උත්සහ කළේය.

බ්රූක්ලින් පාලමත් බොරුවට විකුණුවා !

මේ අතර, ඇමෙරිකානු ජාතිකයෙකු වූ ජෝර්ජ් සී. පාකර් ද තවත් එක් සූර කපටියෙකි. ඔහු, ඇමරිකානු ඉතිහාසයේ කපටිම පුද්ගලයා ලෙස පිළිගැනේ. නිව්යෝක් නුවර ඇති බ්රූක්ලින් පාලම තමන්ගේ බූදලයක් යැයි කියමින් අවස්ථා කිහිපයකදී විකුණා මුදල් සොයා ගැනීමට ඔහු සමත් විය. ඊට අමතරම මැඩිසන් උද්‍යානය, කලා කෞතුකාගාරය, ග්‍රාන්ට්ගේ සොහොන ( ජෙනේරාල් ග්‍රාන්ට් ජාතික සිහිවටනය ) මෙන්ම විමුක්තියේ පිළිමය ( ස්ටැචු ඔෆ් ලිබර්ටි) ආදී නිවයෝක් නුවර ඇති ප්‍රධාන සිහිවටන රාශියක් ව්‍යාජ ලේඛණ සකස් කරමින් විකුණා දැමීමට ඔහු සමත් විය. ඔහු තම වංචාවන් සඳහා විවිධාකාර උප්පරවැට්ටි භාවිතා කළේය. මේ අතරින් ග්‍රාන්ට්ගේ සොහොන විකිණීමේදී පාකර් පෙනී සිටියේ ජෙනේරාල් ග්‍රාන්ට්ගේ මුණුපුරා ලෙසය.

මෙවැනි කපටින් ගැන කියවීමේදී සහ ඔවුහුගේ ගති ලක්‍ෂණ ගැන සොයා බැලීමේදී මෙරට වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද ඔවුහුගෙන් වෙනස් වන්නේ හැදී වැඩුණු පරිසරයෙන් පමණි.

සිරිසේනගේ වෙනස !

එනම්, සිරිසේන මහතාගේ දේශපාලනය විසින් උගවනු ලබන්නේද, පුද්ගලයෙකුගේ කපටිකම ඔහුට දේශපාලනික වශයෙන් කෙතරම් වාසි ගෙනදීමට සමත්වන්නේද යන්නය. මීට කදිම නිදසුන් බොහොමයක් ඔහුගේ දියණිය විසින්ම "රචනා කොට" උත්වශ්‍රීයෙන් එළිදක්වනු ලැබූ ජනාධිපති තාත්තා කෘතියේ අඩංගු වේ. සිරිසේන මහතා ශ්‍රි ලංකා දේශපාලන ඉතිහාසයේ බිහි වූ කපටිම දේශපාලනඥයා ලෙස හැඳින්වීම අතිශෝක්තියක් නොවේ.

ජනාධිපති සිරිසේන මහතා ඔහු හැර වෙන කිසිවකු විශ්වාස කරනේ නැති පුද්ගලයෙකි. ඔහු කිසිම දෙයක්‌ තවම තීරණය නොකරන්නේ මේ නිසාය. ඔහු දේවල් දැන ගන්නේ පත්තරෙන්ය. සිරිසේන මහතා රජය තාන්ත්‍රිකයෙකු නොව, බලය වෙනුවන් හීන් නූලෙන් අංචි අදින්නෙකි.

හැම උත්සාහයක්ම යළි බලයට එන්නයි !

කුමන හෝ කුමන්ත්‍රණයක් මාර්ගයෙන් යළි බලයට පැමිණීම ජනාධිපති සිරිසේන මහතාගේ අදහස බව ඉතාම පැහැදිළි කාරණයකි. රටේ ජනතාව කාලයක් තිස්සේ බලා සිටි ප්‍රශ්නයකට හෙතම උත්තර දීම සඳහා තෝරා ගත්තේ ශ්‍රී ලංකාව නොව, ඉන්දියාවය. " ජනාධිපතිවරණය දෙසැම්බර් මාසයේ පැවැත්වෙනවා, මම තරග කරනවාද කියන එක තාම තීරණය කරලා නෑ," සිරිසේන මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේය.

මෙහිදී ගෙනහැර දැක්වියයුතු මූලික දේශපාලනික කාරණයක් තිබේ. එනම් මෙරට බිහි වූ අනෙකුත් දේශපාලනඥයින්ට සාපේක්ෂව සිරිසේන මහතා වෙනස් පුද්ගලයෙකු බවය. අනෙකුත් දේශපාලනඥයින් කල්පනා කොට අවසන් කරන තැන සිට ඔහු සිතීමට පටන් ගන්නේය. මේ නිසා ඔහුගේ මීළඟ පියවර ගැන අනාවැකි කීමට බොහෝ දෙනෙකු අසමත්ය. ඔහුගේ මෙම දේශපාලන උප්පරවැට්ටියෙන් හොඳටම බැටකා ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. ඒ රාජපක්ෂ මහතාද පමණ ඉක්මවා ගිය බල තණ්හාවෙන් පිරුණු පුද්ගලයෙකු හේතුවෙනි.

මහින්දට දාපු අමුතු සෙල්ලම !

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල වලින් මුසපත් වී සිටි රාජපක්‍ෂ මහතාට බලාපොරොත්තු නොවූ ආකාරයේ අගමැතිකම සහ මුදල් ඇමතිකම දී, සිරිසේන මහතා අමුතුම සෙල්ලමක් නැටුවේය. ආගිය අතක් නැතුව තිබු ආණඩුවට නවපණක් ලැබුණි. 2015 දී පරාජය කළ රාජපක්‍ෂ මහතා යළිත් කකුල් දෙකෙන් අල්ලා පොළවේ ගැසීමට සිරිසේන මහතා සමත් විය. රට පුරා දොරේ ගලමින් තිබු රාජපක්ෂ රැල්ල යළිත් සකස් කළ නොහැකි අන්දමට දියාරූ විය. නමුත්, සිරිසේන මහතාට සිදු වූ අගතියක් නැත.

සිරිසේන මහතා අවංක චේතනාවෙන් රාජපක්ෂ මහතා සමග එකතු වූයේ යැයි අනුමාන කළද, සිදු වූයේ, පැවති දේශපාලන පරිසරය සිරිසේන මහතාගේ වාසියට සකස් වීම පමණි. සිරිසේන මහතා මේ සියල්ල කරන්නේ රටේ දියුණුව සඳහා නම් එහි ගැටලුවක් නැත. නමුත්, බොහෝමයක් ඔහුගේ තීන්දු තීරණ තම පෞද්ගලික අරමුණු දිනා ගැනීමට මිස රටේ යහපත වෙනුවෙන් නොවේ. මෙම සමස්ථ සමාජ සිදුවීමේ ඇති ඛේදවාචකය එයයි.

2015 සිට මේ දක්වා දෙවරක් උස්සා පොළවේ ගැසූ බල තණ්හාවෙන් පිරුණු රාජපක්ෂ මහතා දකින සෑම විටම මාගේ මතකයට එන්නේ අයිෆල් කුළුණ දෙපාරක් විකුණනු ලැබූ " ප්‍රංශයේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍යය අධ්‍යක්ෂ ජනරාල්" ලෙස පෙනී සිටි වික්ටර් ලස්ටින් හෝ ඇමෙරිකා එක්සත් ජනපදයේ 18වැනි ජනාධිපතිවරයා වූ ජෙනෙරාල් ග්‍රාන්ට් ගේ මුණුපුරා ලෙස පෙනී සිටිමින් ඔහුගේ සොහොන්කොත විකුණනු ලැබූ ජෝර්ජ් සී. පාකර් ලෙස වෙස් වලාගෙන සිටින මෛත්‍රිපාල සිරිසේනය.

නිලන්ත මානවසිංහ