ලංකාව කල්පනාකරන විදිය ගතානුගතිකය. ගත නුතන ලෝකයේ තිබුනද හිත තිබෙන්නේ පරන වැඩවස්ම් ලෝකයේ ය.විද්‍යාවට වඩා ආගමට බරය.

මත්පැන් හා ගන්ජා ගැන පලවූ ලිපිය මීට මාස තුන හතරකට පෙර ලියන ලද්දකි.මා එහි දී ප්‍රස්න කරන්නේ ගන්ජා පිලිබදව ලන්කාව අනුගමමය කරන අදට නොගැලපෙන ප්‍රතිපත්තියයි.

ගන්ජා දුම්කොලවාට්,මත්පැන්වලට හා මත් ද්‍රව්‍ය වලට වඩා හානිදායි බවෙන් අඩුයි යන්න නූතන ලෝකයේ පිලිගැනීම වී තිබේ.ඒ අනුව ව්ව්ද රටවල් ගන්ජා සදහා පනවා තිබිනු දැඩි තහන්චි නීති ලිහිල් කරමින් හෝ ඉවත් කරමින් තිබේ.ඒ සමග ගන්ජා නිත්‍යානුකුලව වගා කලහැකි බෝග වගාවක් බවට පත් වෙමින් තිබෙනවා.එම අවකාශය ප්‍රයෝජනයට නොගන්නේ ඇයි කියන ප්‍රස්නයයි මා මූලික වශයෙන් නගා තිබෙන්නේ.
ලන්කාවෙ හැම තැනකම ක්‍රියාත්මක වන්නේ නැගී සිටීමට උත්සාහ දරන්නන්. තලා දමන දුශ්ට ක්‍රමයක්.වල්ල පට්ටා නිදර්ශනය ට ගන්න.ඒ වා ව්කුනන්න උත්සහ කල අය අත් අඩන්ගුවට ගත්තා.ඔවුන් සන්තකයේ තිබු වල්ලපට්ටා රාජ සන්තක කලා.එයින් රටට සිදුවූ විශේෂ යහපත කුමක්ද ?මිනිසුන් අතට පත්වන්නට තිබුනු ලොකු මුදලක් ඔවුන් අතට පත්වීම වැලකුනා.රාජ සන්තක කල වල්ලාපට්ටා තොග පස්බවට පත්වුනා මිස ඉන් රටට කිසිම ආදායමක් ලැබුනෙ නැහැ.එවැනි මෝඩ ප්‍රතිපත්තියක් වෙනුවට මිනිසුන්ට එම වල්ල පට්ටා විකුනා ගන්න ඉඩදී විකුනන්නන් ගෙන් රාජ්‍ය බාගයක් අයකරග්න්නා ප්‍රතිපත්තියක් අනුගමනය කලේ නම් එය රටේ සේම මහජනයා ගේද යහපතට හේතු වන්න ඉඩ තිබුනි.

රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුතු වේලන ලද මුහුදු කූඩැල්ලන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී අතඩන්ගුවට ගන්නා ලද බව මේ මෑත දිනකදී ලන්කාදීප පුවත්පත වාර්තා කර තිබුනි.මුහුදු කූඩැල්ලන් සැලකෙන්නේ ඉතා මිල අදික ප්‍රනීත ආහාර විශේෂ යක්( delicacy) ලෙසය.සන්චාර හෝටලයක පිසූ මුහුදු කූඩැල්ලකු අලෙවි කෙරෙන්නේ ඩොලර් සීයක් වැනි මුදලකටය.මුහුදු කූඩැල්ලන් ඇල්ලීම තහනම් කරනවා වෙනුවට මුහුදු කූඩැල්ලන් වගාකිරීම සදහා ක්‍රියා කිරීම නොවේද ? රාජසන්තක කල මුහුදු කූඩැල්ලන් තොගයට වෙන්නට ඇත්තේ කුමක් ද? අදිකරනයේ ගබඩාවක ඒ වා පස්වන්නට ඇතැයි සිතිය හැකිය.ඒ මගින් දියුනු වන්නට උත්සහ කල මිනිසකුගේ පැවැත්ම කාලකන්නි කලා පමනක් නොව රුපියල් කෝටියකට වැඩි දනසම්පතක් කිසිදු වටිනාකම ක නැති පස් ගොඩක් බවට පත්කලේය.
වල් ඌරන් මැරීම නීතියෙන් තහනම් නැත.එහෙත් උගේ මස් ලග තබාගැනීම,විකිනීම හා ප්‍රවාහනය කිරීම තහනම් දෙයක් ලෙස සලකා ක්‍රියාකරන ප්‍රතිපත්තියක් ලන්කාවේ ක්‍රියාත්මක වේ.වල් ඌරන් මැරීම තහනම් නොවේ නම් උගේ මස් ආහාරයට ගැනීම,ලග තබාගැනීම හා ප්‍රවාහනය නීති විරෝධී දෙයක් විය හැක්කේ කෙසේද?

මීට කලකට ඉහතදී උගුලකට අසුවූ මුවකු පිලිබද පුවතක් සිරස නාලිකාවෙන් දකින්නට ලැබුනි.උගුලට හසුවී සිටි මුවා වෙත වනනිලදාරින් ලගා වන විට මියයමින් සිටි මුවා මියගියේය.නිලදාරින් කලේ තමන් ඉදිරියේ මියගිය මුවාගේ ඇග මත ලාම්පු තෙල් හැලීමය.ඔවුන් එසේ කරන්නට ඇත්තේ ගම්මුන් උගේ මස් කෑම වැලකීම සදහා විය යුතුය.එම නිලදාරීන්ගේ ආකල්පය කොතරම් පසුගාමිද යන්න ඉන් තේරුම් ගත හැකිය.

මුවන් මසට මැරීම තහනමය.උන් වදවී යන දුලබ සත්ව විශේෂ යක් නොවේ.තරු පහේ හෝටල්වලට මුව මස් ආනයනය කරනු ලැබේ.මුවන් ද එලුවන් මෙන් ගොව් පලවල්වල වගාකරන තැනකට යාහැකිය.ලන්කාවේ එලුමස් හිගයක් පවත්නා අතර එලුමස් කිලෝවක මිල රුපියල් දෙදාහමටත් වැඩිය.මුවන් ඇතිකරන තැන්ස්කරට යෑමෙන් ඒ අඩුව සපුරා ගන්නවාට අතිරේමකව එය ආදායම් උපදවන ආර්තික මාර්ගයක් බවට පත්කරග්ත හැකිය.

ලන්කාවේ ගොවීන්ගේ මනස් හදා තිබෙන්නේ ඔවුන් ආහාරයට ගන්නා දේවල් පමනක් වගාකරන්නටය.තමන් නොකන පිටරටවල මිනිසුන් කන දේවල් ඔවුන් වගාකරන්නෙ නැත.එසේ නොවේ නම් ගෙම්බන්,නයින්,ගොලුබෙල්ලන් ඇති කිරීම සමහර විට ආර්තික වශයෙන් ලාබදායි විය හැකිය.

වික්ටර් අයිවන්
(ෆේස් බුක් ගිනුමෙන්)