ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය 2015 දී යහපාලන රජයට සම්බන්ධ වීමෙන් සිදු වූයේ පක්ෂය එජාපයට පාවා දීමක් ද?

මේ වන විට දේශපාලන ලෝකයේ ඇතැම් අවස්ථාවාදී ප‍්‍රවාද පතුරවන්නන් පිරිසක් විසින් 2015 දී චන්දි‍්‍රකා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එජාපයට පාවා දුන් බවට අසත්‍ය ප‍්‍රචාරයක් සමාජගත කරමින් සිටිති. එබැවින් 2015 දී සැබැවින්ම සිදු වූයේ කුමක් දැයි අප සැකවින් අවබෝධ කරගත යුතු ය.

1. 2015 වන විට දුරදාන්ත රාජපක්ෂ පාලනයේ ආඥාදායකත්වයෙන් පීඩනයට පත්වී සිටි මෙරට සියලූ සමාජ බලවේග ඒකරාශී වී නව පාලනයක් වෙනුවෙන් එකට අතවැල් බැ`දගෙන සිටියහ. ඒ මොහොතේ රාජපක්ෂ පාලනය නිසා කළ කිරී සිටි බොහෝ ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයෝ ද පක්ෂයෙන් ඈත් වී සිටියහ. අපගේ මැදිහත්වීම හරහා සියලූ ආණ්ඩු විරෝධි බලවේග ද, කළකිරී සිටි ශි‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයන් ද එකට ඒකරාශී කර පොදු බලවේගයක් ගොඩන`ගා පරාජය වීමට තිබුණු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට නැවත රාජ්‍ය බලය ලබා ගැනීමට හැකිවිය.

2. බලයට පැමිණි පසු කැබිනට් මණ්ඩලයේ හොඳම, බලගතුම අමාත්‍යාංශ වලින් බහුතරයක් ශී‍්‍රලනිපයේ, ජනාධිපතිවරණයට කිසිම උදව්වක් කළේ් නැති අයට ලබා දීමට හැකිවූ අතර ඔවුන්ගේ කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදුකිරීමට ද අවකාශය ලබාදුන්නේ ය.

3. ආසනවලට ප‍්‍රතිපාදන ලබාදීමේදී එක හා සමානව එජාප සාමාජිකයින්ට හා අපේ සාමාජිකයින්ට වසරකට කෝටි ගණන් මුදල් දුන් අතර ලංකාවේ සෑම ග‍්‍රාම සේවා කොට්ඨාශයකටම මුදල් දීම සිදුවූයේ ලංකාවේ පළමුවැනි වතාවටයි. ඒ හරහා අප පාක්ෂිකයනට අවශ්‍ය පරිදි සංවර්ධන කටයුතු සිදු කිරීමට අවකාශ තිබුණි. එහෙත් පක්ෂ නායකත්වයේ මුග්ධභාවය හේතුවෙන් එය අතරමග නැවතිනි.

4. වැඩියෙන්ම මුදල් දුන්නේ 2018 දීයි. එක් මැතිවරණ කොට්ඨාශයකට රුපියල් මිලියන 300 ක් (රු. කෝටි 30 ක්* එජාප හා ශී‍්‍රලනිප සාමාජිකයින් අතරේ එක් අයෙකුට රුපියල් මිලියන 50 බැගින් සමසේ බෙදී යන අයුරින් ලබා දුන් නමුත්්, සිරිසේන, රාජපක්ෂ සමග එකතු වී කළ මගඩිය නිසා මහින්ද අගමැති වුන ගමන්ම දිස්ති‍්‍රක් ලේකම්වරුන්ට යවා තිබුණ මුදල් ආපසු ගෙන්වාගෙන එම ව්‍යාපෘති අහෝසි විය

5. ආසනවලට දුන් මුදල්වලට අමතරව ජනාධිපති හා ඇමතිවරුන් ඉල්ලූ බොහෝ දේවල් සඳහා අමාත්‍යාංශවල ප‍්‍රතිපාදනවලින් කිසිම බාධාවක් නොමැතිව මුදල් ලබාදුන් බව සියල්ලෝම මැනවින් හ`දුනති.

එබැවින් 2015 නිර්මාණය කළ පොදු ජාතික සන්ධානය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විනාශ කළ බව පසන්නේ කෙසේ ද?

 

 

 

 

 

 

 

චන්දි‍්‍රකා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට මොනවද කළේ?
මහින්ද ඇතුළු පොහොට්ටුවෙන් යැපෙන ඇතැම් පිරිස් විසින් වේදිකාවල කෑමොර දෙන්නේ චන්දි‍්‍රකා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට මොනවද කළේ යනුවෙනි.එමනිසා ඇය පක්ෂයට කරපු දේවල් පිළිබඳව කෙටියෙන් හෝ යමක් පැවසිය යුතුය.
1. 1977 අන්ත පරාජයට පත්වූ පක්ෂයට මුලින් ම ජීවී හුස්ම පොවන්නේ චන්දි‍්‍රකා ය. ඒ දිණකර පුවත්පත අරඹා සී සී කඩ විසිර සිටි පාක්ෂිකයා එකට එකතු කිරීමෙනි.

2. මහින්ද, මෛතී‍්‍රපාල සේනානායක සමග එකතු වී මැතිනිය පක්ෂ නායකත්වයෙන් එළවීමට උත්සාහ ගත් අවස්ථාවේ විජය සමග එකතු වී ටකරං සමුළුව පවත්වා මැතිනියගේ පක්ෂ නායකත්වය තහවුරු කරන්නේ චන්දි‍්‍රකා ය.

3. වසර 17ක් තිස්සේ අන්ත පරාජයට පත්ව සිටි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ජයග‍්‍රහණයේ හුස්ම පිඹ පක්ෂය ජයග‍්‍රහණය කරා රැුගෙන යන්නේ චන්දි‍්‍රකා ය. එම ජයග‍්‍රහණය වසර 25ක් පුරා ජනාධිපති ධුරය පක්ෂය තුළ තබා ගැනීමට තරම් ප‍්‍රබල විය.
4. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඡුන්ද බැංකුව පුළුල් කරන්නේ චන්දි‍්‍රකා ය.පක්ෂයට සුළු ජනවාර්ගික කණ්ඩායම් ආකර්ශනය කරන්නට ඇයට හැකි විය.
5. පක්ෂයේ කාඩර් එක සහ ශාඛා සමිති ශක්තිමත් කර ග‍්‍රාථිය මට්මෙන් පක්ෂයට ශක්තිය සපයන්නේ චන්දි‍්‍රකා ය.
6. කෙටියෙන්ම කියතොත් මහින්ද 2005 බලයට පත්වන්නේ ද චන්දි‍්‍රකාට පිංසිදු වන්නටය. ඔහු බලය ලබා ගන්නේ චන්දි‍්‍රකා වසර 11ක් පුරා සිදුකළ සේවාව නිසාය.

 

 

මහින්ද රාජපක්ෂ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට මොනවද කළේ?

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මහින්ද කළ දේවල් පිළිබමීව ද අපි අවධානය යොමු කළ යුතු ය. පක්ෂයේ ඉතිහාසය දෙස බැලීමේ දී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීම පිළිබ`ද මහින්ද රාජපක්ෂ ඇතුලූ රාජපක්ෂවරුන්ට ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබූ බව පෙනේ.

1 1980 දී මැතිණියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කළ අවස්ථාවේදී මෛති‍්‍රපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ යන අය ජේ.ආර්.ගෙන් භෞතික වාසි ලබාගෙන, මැතිණිය පක්ෂයේ සභාපතිත්වයෙන් නෙරපීමට මහා සටනක් දියත් කළ වග අපට අමතක නැත.
2 පළමුවෙන් 1982 ජනාධිපතිවරණයේදී ශී‍්‍රලනිප අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව ජේ.ආර්.ට එරෙහිව සටන් කළ අවස්ථාවේදී රාජපක්ෂ රොත්තම කටයුතු කළේ ජේ ආර් දිනවීමටය.
3 එම මැතිවරණයේ දී මහින්ද ජේ.ආර් දිනවීම ස`දහා රහසේ සියලූ උපක‍්‍රම සිදු කළ ආකාරයත්, බැසිල් රාජපක්ෂ ප‍්‍රසිද්ධියේ එජාප සාමාජිකත්වය ලබාගෙන ජේආර් වනුවෙන් වේදිකාවල කතා පැවැත්වූ ඉතිහාසය තවමත් මිනිසුන්ට අමතක නැත.
4 මැතිවරණයකදී දිස්ති‍්‍රක් නායකයා දිස්ති‍්‍රක් නියෝජිතයා කිරීම අප පක්ෂයේ සිරිත වුවත්, පළමුවන වතාවට දිස්ති‍්‍රක් නායකයෙක් ජනාධිපති අපේක්ෂකයාගේ දිස්ති‍්‍රක් නියෝජිතයා වශයෙන් හම්බන්තොට දිස්ති‍්‍රක්කයට මහින්ද පත් වූයේ නැත. ඒ වෙනුවට කොමියුනිට්ස් පක්ෂයේ ඞීව් ගුණසේකර හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ කොබ්බෑකඩුවගේ නියෝජිතයා ලෙස පත් කිරීමට සිදුවිය.

5 1994 දී වැටී තිබුණු පක්ෂය ගොඩ ගැනීම සඳහා චන්දි‍්‍රකා පක්ෂයට අරගෙන, පක්ෂයේ කටයුතු බාරදීමට මැතිණිය හා පක්ෂයේ පිරිසක් කටයුතු කළ අවස්ථාවේදී චන්දි‍්‍රකා සම්බන්ධ කර ගැනීමට විරුද්ධව මහින්ද සටන් කර, ඒ සියලූඋත්සාහයන් අසාර්ථක වූ විටඔහු ඩලස් ලවා චන්දි‍්‍රකාට පමණක් නොව, ඇයගේ දරුවන්ට පවා ඉතා පහත් අන්දමින් අපහාස කළේ ය. ඩලස්ගෙන් මේ පිළිබඳව විමසන විට, ඔහුගේ පිළිතුර වූයේ , මම මොනවා කරන්නද? මහින්ද අයියා කියනකොට කරන්න වෙනවා, කියාය.
6. චන්දි‍්‍රකා බලයට පත්වූ වට පසුව ඔහු කළ සියලූනොපනත්කම් අමතක කර ඔහට කැබිනට්ඇමති කමක් පවා ලබා දුන්නාට පසුවත හෝ ඔහු පක්ෂයට එරෙහි කමන්ත‍්‍රණ නැවැත්වූයේ නැත. 2001 ශී‍්‍රලනිප යේ මන්තී‍්‍රවරු 09 දෙනෙක් එස්.බී.ගේ නායකත්වයෙන් එජාපය ට යවා ආණ්ඩුව කඩා වට්ටන්නේ, එජාපය ලවා චන්දි‍්‍රකාට එරෙහිව දෝශභියෝගයක් ගෙනවිත් ඇය පන්නා දමා මහින්දට අගමැතිකම දෙන බවට රනිල් වික‍්‍රමසිංහ වූ ඉපොොරාන්දුවක් නිසයි.
7. ඒ වෙනුවෙන් 2001 මැතිවරණය එජාපය ජයග‍්‍රහණය කළාට පසු, ශී‍්‍ර ලංකා නිහස් පක්ෂ මන්තී‍්‍රවරුන් 23 දෙනෙක් සමග එකතු වී එම දෝශාභියෝගයට සහාය දක්වා චන්දි‍්‍රකාව බලයෙන් පහ කිරීමට උත්සාහ කළත්, ඒ සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන් 07 දෙනෙක් පමණක් එකඟ වූ නිසා අවශ්‍ය තුනෙන් දෙකක බහුතරය නොමැති වීමෙන් එම වෑයම ව්‍යර්ථ විය.
8. තත්ත්වය මෙසේ තිබියදී පක්ෂය ගැන සිතා, පක්ෂය දිනවන්නට අවශ්‍ය නිසා චන්දි‍්‍රකා, 2004 වසරේ අග‍්‍රමාත්‍ය ධුරය ද, 2005 දී ජනාධිපති අපේක්ෂකත්වය ද මහින්දට දුන්නාය. ඔහු ජනාධිපති වූ විගසම පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කර,ඉතා අශීක්ෂිත ලෙස චන්දි‍්‍රකා.ගේ උපන් දිනය දවසේ ම ඇය සභාපති ධුරයෙන් පන්නා දමා, සභාපතිකම උදුරා ගත්තේ ය.
9. සභාපතිකම ගත් දිනයේ සිටම පක්ෂය විනාශ කරන කටයුත්ත කළේ බැසිල් රාජපක්ෂ විසිනි. මහින්ද විසින් ඔහුව පක්ෂයේ ජාතික සංවිධායක තනතුරට පත් කළ අතර පක්ෂයට අලූත් සාමාජිකයින් බඳවා ගැනීම නැවැත්වීමටත්,පක්ෂ ශාඛා ගොඩනැගීම නැවැත්වීමටත් බැසිල් කි‍්‍රයා කරන ලදි. පක්ෂය කඩා වැටෙන නිසා සිරිසේන පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ලෙස අලූත් ශාඛා සමිති හදාගෙන ලියාපදිංචි කිරීමට කටයුතු කළ අවස්ථාවේදී මහින්ද, සිරිසේනට පරුෂ වචනයෙන් බැන වැදී එම කටයුතු නවත්වන ලෙස දන්වා සිටියේය. ඒ අතරතුර මහින්ද, මේ ශ්‍රේෂ්ඨ පක්ෂයට රටේ සිටි ප‍්‍රධාන පෙලේ බුකිකාරයන්, කැසිනෝ කාරයන්, ප‍්‍රධානම කුඩු වෙළෙන්දන්, කසිප්පු වෙළෙන්දන්, එතනෝල් වෙළෙන්දන් ආදීන් බඳවාගෙන ඔවුන්ට ප‍්‍රධාන තනතුරු ලබාදුන්නේ ය. ඉන්පසු රාජපක්ෂ පවුලේ අය මේ ජාවාරම්කරුවන් සමග පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ට ඉතාමත් පහත් අන්දමින් සළකා, ඒ අය පක්ෂය කෙරෙහි කළකිරෙව්වේය.

10. ඒ අයුරින් ප‍්‍රතිපත්තිමය වශයෙන් අන්ත ¥ෂිත ව, දුර්වල කළ තිබූ පක්ෂය චන්දි‍්‍රකා නායකත්වය සිරිසේන සමග එකතුවී ශක්තිමත් කිරීම සඳහා 2015 ජයග‍්‍රහණයෙන් පසු කි‍්‍රයාමාර්ග ආරම්භ කළා ය. මෙය දරා ගැනීමට බැරිවූ රාජපක්ෂලා පොහොට්ටු පක්ෂයක් හදාගෙන, ශී‍්‍රලනිපය දෙකඩ කිරීමට කටයුතු කළහ
11. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට එරෙහි මහින්ද රාජපක්ෂගේ අවසාන ද්‍රෝහී කි‍්‍රියාව නම් පොහොට්ටු පක්ෂයක් අලූථින් නිර්මාණය කර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය දිය කර හැරීමට කි‍්‍රයා කිරීමයි.
16. ගෝඨාගේ අපේක්ෂකත්වය සඳහා දුර්වල කළ ශී‍්‍රලනිපයේ සහාය ලබා ගැනීමට දැන් ගිවිසුම් ගසා තිබේ. ඒ හරහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නැත්තට ම නැතිවන බව සක් සුදක් සේ පැහැදිලි ය. ගිවිසුමේ 12 වන ෙ‏‏ඡු්දය ඊට කදිම නිදසුනක් ලෙස දැක්විය හැකිය.
පොහොටේටු පක්ෂයත්, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයත් ගිවිසගත් ඒ ගිවිසුම 2019 නොවැම්බර් 16 න් පසුව කිසිදු වටිනාකමක් නොමැති, පුහු ලියවිල්ලක් බවට පත්වනු නොඅනුමානය. එම ගිවිසුමෙන් අනතුරුව ශී‍්‍රලනිපයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පාරම්බානු ලැබුවේ ගෝඨාභය මහතාගේ ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණට අමතරව ප‍්‍රධාන පක්ෂය වන්නේ ශී‍්‍රලනිප ය බවත්, සියලූ ජයග‍්‍රහණවලින් 1/3 ක අයිතියක් ශී‍්‍රලනිපයට හිමිවන බවත් පවසමිනි.

නමුත්, ගිවිසුමේ 12 වන ෙ‏ඡු්දය දුටුවිට එය අමූලික අසත්‍යයක් බව ඉතාම පැහැදිළි වනු ඇත. එහි සඳහන් වන්නේ , ජනාධිපතිවරණයෙන් පසු පවත්නා සියලූ මැතිවරණවලදී ශී‍්‍රලනිපයට හිමිවන්නේ 2018 පළාත්පාලන මැතිවරණයේදී එය ලබාගත් ඡුන්ද පදනම මත පදනම්වූ අපේක්ෂක සංඛ්‍යාව පමණක් බවට වන කොන්දේසියයි. එයින් පෙනී යන්නේ ශී‍්‍රලනිපයේ අපේක්ෂකයින් 30‍්‍ර ක් නොව, 14‍්‍ර ක ප‍්‍රතිශතයක් පමණක් ලැබිය යුතු බවයි. එය ශී‍්‍රලනිපයේ අනාගතය වළලා දමන එකගතාවයක් බව පැහැදිළිය.
පොහොට්ටු රැුස්වීම්වලට සම්බන්ධ වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නායකයින්ට ලැබුණේ හූ සංග‍්‍රහය පමණි්. එය කෙතරම් ප‍්‍රබල වී ද යත් අද වන විට පොහොට්ටු රැුස්වීම්වලට සහභාගී නොවීමට පක්ෂය තීරණය කර තිබේ.

එමෙන්ම පොදුජන පෙරමුණේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පසුගියදා නෙලූම්පොකුණ රගහලේදී ඉදිරිපත් කරන ලදී. එදින ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සමග ආචාර්ය රාජා ධර්මපාල යන අය විසින් සම්පාදිත වීර සපුමල් යළි ඇවිත් ග‍්‍රන්ථයද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ ගෙයින් ගෙට බෙදාදීම සඳහා නොමිලේ ලබාදෙන ලදී.

එහි 4 වන පිටුවේ සඳහන් වන්නේ
,ලංකාවේ බැඳුම්කර මංකොල්ලයෙන් මුදල් ලබාගත් අය අතර ශී‍්‍රලනිප මන්තී‍්‍රවරුන් කෝටි ගණන් අරගෙන තිබෙනවා. එක් කෙනෙක් තමයි පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර.,
ශී‍්‍රලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ නමින්ම එම චෝදනාව කොට, එය ලිඛිතව ප‍්‍රකාශයට පත්කොට ඇත. එයින් පෙනී යන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට පොදුජන පෙරමුණේ තිබෙන පරමාර්ථයයි. ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති කරවීමට ශී‍්‍රලනිපය කැප වුවත්, ශී‍්‍රලනිපය විනාශ කිරීමට ඔවුන් ගත් උත්සාහය ඉවත් කරගෙන නොමැති බවයි.

කරුණු මෙසේ නම්, ශී‍්‍රලනිපය විනාශ කළේ චන්ද්‍රිකා එජාපය ඇතුළු තවත් පක්ෂ රාශියක් සමග ගොඩ නගාගත් සන්ධාන රජය නිසාද? එසේත් නැත්නම් මහින්ද ප‍්‍රමුඛ බලලෝභී හොර මිනීමරු කණ්ඩායම ද? කියා ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයින් ඉතා ගැඹුරට සිතා බැලිය යුතුය.