V2025

විනෝදාස්වාද

ලොව වයස්ගතම ඔරන්ඔටන් 63 වැනි උපන් දිනය සමරයි

ජර්මනියේ හැම්බර් නගරයේ හේගන්බෙක් සත්ව උද්‍යානයේ ජීවත්වන ලොව වයස්ගතම ඔරන්ඔටන් සත්වයා වන බෙලා පසුගිය 16 වැනිදා සිය 63 වෙනි උපන්දිනය සැමරා ඇත.

1961 වසරේ අප්‍රේල් මස 16 වැනිදා උපත ලද බෙලා 1964 වසරේ සිට හේගන් බෙක් සත්ත්ව උද්‍යානයේ ජීවත් වූවාය.

ඔරන් ඔටන් සත්වයෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වයස අවුරුදු තිස්පහත් හතළිහත් අතර වූවත් බෙලා පසුගිය 16 වැනිදා වන විටත් හොඳ ශරීර සෞඛ්‍යයකින් පසුවූ බව ගිනස් ලෝක වාර්තාව ප්‍රකාශ කළේය.

බෙලා 2021 වසරේදී ලොව ජීවත්වන වයස්ගතම ඔරන් ඔටන් සත්වයාට හිමි ලෝක වාර්තාව හිමි කරගත්තාය.

ඇය දරුවන් සයදෙනෙකුට උපත ලබා දී ඇති අතර තවත් දරුවන් සිව් දෙනකු හදා වඩාගෙන ඇත.

"80 දශකයේ අපි කණ්ඩායම" පළමුව බදුල්ලට බක්මහ අසිරිය ගෙන යයි !

රට පුරා විසිරි සිටින 80 දශකයේ සමාජිකයන්ගේ එකතුවෙන් සමාජ වගකීම නිසි අවබෝධයෙන් හඳුනාගෙන රට පුරා සමාජ සත්කාර සිදුකරන "80 දශකයේ අපි කණ්ඩායම" විසින් ප්‍රථම වරට බදුලු නගරයට විනෝදාස්වාදය රැගෙන අලුත් අවුරුදු අසිරිය 2024 අප්‍රේල් 7 දින බදුල්ල විල්ස් පාර්ක් පිටිය රැගෙන ආවේ මුලු මහත් බදුලු ජනතාව වෙනස්ම ජීවයක් ගෙන දෙමිනි.

එදින දවස පුරා ජන ක්‍රීඩා රාශියක් , ජන ගායනා ,නැටුම් පැවැත් වු අතර, ජයග්‍රහණය කල අය වෙනුවෙන් වටිනා ත්‍යාග , හා මුදල් ප්‍රදානයන් ලබාදීමට ,සංවිධානය මණ්ඩලය කටයුතු කර තිබිණ . මේ සඳහා බදුල්ල බන්ධනාගාරය ,ශ්‍රි ලංකා පොලිසිය ,බදුල්ල මහ රෝහල, සියලු ආගමික නායකයින්ගේ සහයෝගය හා සහභාගීත්වය දැකිය හැකි වීම තවත් සුවිශේෂී ලක්ෂණයක් විය .

මෙම 80 දශකයේ අපි සංවිධානය විසින් මේ වනවිටත් රට පුරා , අධ්‍යාපනය හදාරන දරුවන්ට උදව් කිරිම, දිළිඳු පවුල් නඟාසිටුවීමේ වැඩසටහන්, ස්වයං රැකියා කිරීමට මග පෙන්විම්, ආගමික වැඩසටහන් රට පුරා සිදු කරමින් මේ වන විටත් සිදු කරමින් සිටියි.

මෙම සංවිධානයේ නිර්මාතෘ අමිල උදාර මහතා ප්‍රකාශ කල සිටියේ රට පුරා සිටින 80 දශකයේ පිරිස් එකතු කරගෙන වඩාත් සාර්ථක සමාජ සත්කාර වලට නිරත වීමට බලාපොරොත්තු වන බවයි. 

View the embedded image gallery online at:
http://newstube.lk/entertainment#sigProIdc40029d520

අඟහරු ගවේෂණයට සැරසෙන අපේ පියුමී

අඟහරු ග්‍රහයාගේ ගවේෂණ කටයුතු සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නව පර්යේෂණ කාර්ය මණ්ඩලයක් තෝරාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පරීක්ෂණ කාර්ය මණ්ඩලයට ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් වන පියුමි විජේසේකර තෝරා ගෙන තිබීම විශේෂත්වයක්.

නාසා ආයතනය මගින් හූස්ටන් හි පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකර ඇති අඟහරු ග්‍රහයාගේ පාරිසරික ලක්ෂණ සහිත වාසස්ථානයක අදාළව මෙම මෙහෙයුම් සිදු කෙරේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙහෙයුමට සහභාගී වීමට ස්වේච්ඡා සේවකයන් හතර දෙනෙකුගෙන් යුත් නව කාර්ය මණ්ඩලයක් තෝරාගෙන ඇති බවයි.

මෙහෙයුමට අදාළ විද්‍යාඥයන් අතර අනෙකුත් පිරිස වන්නේ ජේසන් ලී, ස්ටෙෆනි නවර්රෝ, ෂරීෆ් අල් රෝමයිති යන අයයි.

පියුමි විජේසේකර කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සිය උපාධිය ද, ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි ද ලබා ඇත.

මේ වනවිට NASA Ames පර්යේෂණ මධ්‍යස්ථානයේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂකවරියකි.

මෙම විද්‍යාඥයන් සිව් දෙනා, මැයි 10 වනදා අඟහරු ග්‍රහයා තුළට ඇතුළු වීමට නියමිත අතර ඔවුන් දින හතලිස් පහක් එහි ගත කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඉතාලියේ දී යුපුන්ට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ පැවති තරගාවලියක මීටර් 150 ඉසව්වේ ජය හිමිකරගෙන තිබෙයි.

ඉතාලියේ ෆ්ලෝරන්ස් ස්ප්‍රින්ට් තරගාවලියේ මීටර් 150 ඉසව්වට එක්වූ යුපුන් මීටර් 150 ඉසව්ව තත්පර 15.19ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ පළමු ස්ථානය මෙලෙස හිමිකර ගත්තේය.

එම කාලය මීටර් 150 ඉසව්වේදි ඔහු මෙතෙක් වාර්තා කළ දෙවැනි වේගවත්ම කාලය ලෙසයි සැළකෙයි.

ඒ අනුව මීටර් 150 ඉසව්වේ ආසියානු වාර්තාව ද යුපුන් අබේකෝන් සතුවීම විශේෂත්වයකි.

Page 1 of 34