විනෝදාස්වාද

ශ්‍රී ලාංකිිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි
චීනයේ යුන්නාන් සංචාරක විද්‍යාලයේ කථිකාචාර්ය සුමින්ද ලියනගේ ලෝක සූපවේදීන් සහතික කළ සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ (World Chefs Certified Culinary Educator) සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
ප්‍රංශය මූලස්ථාන කරගත් සූපවේදීන්ගේ සංගම්වල ලෝක සම්මේලනය (World Association of Chefs Societies – WACS) මගින් සූපවේදියෙකුට පිරිනමන ඉහළම සම්මානය මෙය වන අතර චීනයට ද මෙම සම්මානය හිමි වූ ප්‍රථම අවස්ථාව මෙයයි.
1928 දී ආරම්භ කරන ලද සූපවේදීන්ගේ සංගම්වල ලෝක සම්මේලනය, ලෝකයේ වඩාත්ම බලගතු සූපවේදීන්ගේ සංවිධානවලින් එකකි.
එහි ලෝක සූපවේදීන් සහතික කළ සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානය පිරිනමනු ලබන්නේ සූපශාස්ත්‍ර අධ්‍යාපන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දායකත්වයක්, වෘත්තීය කුසලතා සහ ඉගැන්වීමේ මට්ටම් ලබා දුන් අධ්‍යාපනඥයින් හඳුනා ගැනීම සඳහා යි.
මෙම සුදුසුකම් සඳහා සහතික කිරීමේ ප්‍රමිතීන් අතිශයින්ම දැඩි වන අතර, ඉගැන්වීමේ අත්දැකීම්, වෘත්තීය කුසලතා, කර්මාන්ත බලපෑම සහ සූපශාස්ත්‍ර අධ්‍යාපනයට දායකත්වය වැනි බහුවිධ මානයන් ආවරණය කරයි.
කථිකාචාර්ය සුමින්ද ලියනගේ මහතාගේ පොහොසත් ඉගැන්වීමේ අත්දැකීම් සහ විශිෂ්ට ඉවුම් පිහුම් කුසලතා සමඟින්, පරීක්ෂාවට ලක් කර දැඩි ලෙස සමාලෝචනය කර මෙම ගෞරවය ඔහුට පිරිනමා ඇත.
2017 දී යුන්නාන් සංචාරක විද්‍යාලයට සම්බන්ධ වූ සුමින්ද ලියනගේ මහතා ජාත්‍යන්තර හුවමාරු හා ඉගැන්වීම් කටයුතුවල ක්‍රියාකාරීව නියැලී සිටින අතර, බටහිර ඉවුම් පිහුම්, ආසියානු ආහාර සහ බටහිර බේකරි නිෂ්පාදන වැනි බහු ක්ෂේත්‍රවල ඉගැන්වීම කෙරෙහි අවධානය යොමු කර ඇත.
ඔහු ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය චීන ඉවුම් පිහුම් කුසලතා සමඟ ඒකාබද්ධ කරමින්, සිසුන්ගේ ජාත්‍යන්තර දැක්ම පුළුල් කරමින් සහ ඉගැන්වීමේ අන්තර්ගතය පොහොසත් කරමින් සිටී.

ඉන්දීය සිනමා නිළි වරලක්ෂ්මි ලංකාවට
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ජාත්‍යන්තර ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කිරීමට නියමිත ” කේජ් බර්ඩ් ” ( Cadge Bird ) නැමැති චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑමට , සුප්‍රකට දකුණු ඉන්දීය සිනමා නිළි වරලක්ෂ්මි සරත් කුමාර් අද(17) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියාය.
මෙම චිත්‍රපටය ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රන් රත්නම් විසින් නිර්මාණය කරයි.
සිනමා නිළි වරලක්ෂ්මි සරත් කුමාර් අද උදෑසන 11.04 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඇය පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හරේන්ද්‍රා විජේවර්ධන සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ජාත්‍යන්තර සිනමාකරණ හා ප්‍රවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද මුණසිංහ කටුනායක ගුවන් තොටුපොළ ” සිල්ක් රූට් ” පර්යන්තය වෙත පැමිණ සිටියහ.

පළමු 20/20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්
බංග්ලාදේශයට එරෙහි පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සත්කාරක ශ්‍රී ලංකාව කඩුලු 7කින් අද ජය ගත්තේ ය.
තරගයේ කාසියේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානබංග්ලාදේශයට එරෙහි පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සත්කාරක ශ්‍රී ලංකාව කඩුලු 7කින් අද ජය ගත්තේ ය.
තරගයේ කාසියේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 154කි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ, පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 4ක් දැවී සිටියදී ය.
කුසල් මෙන්ඩිස් ලකුණු 73ක් රැස් කළේ ය. යේදී කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 154කි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ, පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 4ක් දැවී සිටියදී ය.
කුසල් මෙන්ඩිස් ලකුණු 73ක් රැස් කළේ ය.

ප්‍රවීණ රංගනවේදනී අයිරාංගනී සේරසිංහ ඇගයීමට ලක් කෙරේ
ප්‍රවීණ රංගනවේදනී අයිරාංගනී සේරසිංහ මහත්මිය 2025 Silver Screen සම්මාන උළෙලේ දී සුමිත් බිබිලේ අනුස්මරණ ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලැබුවාය.
2025 Silver Screen සම්මාන උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
1970-1975 වසරවල දේශීය සිනමාව පෝෂණය කළ කලාකරුවන් ඇගයීම මෙවර සම්මාන උළෙලේ අරමුණ විය. පද්ම ශ්‍රී කොඩිකාර, දිනේශ් ප්‍රියසාද්, ඉන්ද්‍රානි පෙරේරා යන කලාකරුවෝ ද මෙහිදී සම්මානයට පාත්‍ර වූහ.
සංස්කෘතික හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව, ප්‍රවීණ රංගවේදී රවීන්ද්‍ර රන්දෙණිය යන ඇතුළු කලාකරුවෝ රැසක් මීට එක් වූහ.
Page 1 of 40