විනෝදාස්වාද

T20 ශ්‍රී ලංකා නිල ජර්සිය එළිදක්වයි
එළැඹෙන ක්‍රිකට් T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිමි ජාතික කණ්ඩායම සඳහා වන නව ජර්සිය නිර්මාණය කිරීමේ කාර්යය Moose Clothing සමාගම විසින් සිදු කරන ලද අතර, එය එළිදැක්වීම ජා ඇළ පිහිටි Moose Clothing සමාගමේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.
ක්‍රිකට් ක්‍රීඩාව ලොකු කුඩා සියලු ම ශ්‍රී ලාංකිකයන්ගේ හද බැඳ ගත් ක්‍රීඩාව නිසා ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව නිල ජර්සිය නිර්මාණය සඳහා ලැබුණු මෙම අද්විතීය අවස්ථාව පිළිබඳ ව Moose Clothing සමාගම සිහිපත් කරන්නේ මහත් අභිමානයෙනි. එමෙන් ම මෙම අවස්ථාව Moose Clothing සමාගම මෙන් ම මෙරට ක්‍රීඩා ඉතිහාසයේ අභිමානවත් අවස්ථාවක් සනිටුහන් කරන බව ද පැවසිය යුතු ම කරුණකි.
ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය, සංචාරක මර්මස්ථාන ඇතුළු ශ්‍රී ලාංකේය උරුමයන් ඉස්මතු වන අයුරින් නිර්මාණය කර ඇති මෙම සුවිශේෂී ක්‍රිකට් ජර්සිය මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ උත්ප්‍රේරකයක් ලෙස භාවිත කිරීම ද Moose Clothing සමාගමේ අරමුණ වන අතර, මෙම නව ක්‍රිකට් ජර්සිය තුළ ඇතුළත් කර ඇති ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මහනෙල් මල, ආරුක්කු නවයකින් යුත් පාලම, හබරණ ‘අලි එකතුව’, පැරණි ශ්‍රී ලංකාවේ සඳකඩපහණ, ජාතික කොඩියේ එන සිංහ රුව ආදී සංකේත හරහා ශ්‍රී ලාංකිකයින් සතු අභියෝග සඳහා ඔරොත්තු දීමේ හැකියාව. නොසැලෙන අධිෂ්ඨානය සහ නොපසුබට උත්සාහය පිළිඹිබු කරයි.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින්ට මෙම නව ජර්සිය දැඩි අභිමානයකින් යුතු ව පැළඳිය හැකි බව පවසන Moose Clothing සමාගම, ඔවුන් ක්‍රීඩා කරන්නේ ජයග්‍රහණය සඳහා පමණක් ම නොවන බවත්, ඔවුන් ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලාංකේය ජනතාවගේ බලාපොරොත්තු සහ සිහින සංකේතවත් කරමින් බවත්, එහි දී මෙම නව ජර්සිය මගින් ඔවුන්ගේ නොසැලෙන අධිෂ්ඨානය සහ කැප වීම ප්‍රදර්ශනය කරනු ඇති බවත් අවධාරණය කරයි.

අඟහරු ගවේෂණයට සැරසෙන අපේ පියුමී
අඟහරු ග්‍රහයාගේ ගවේෂණ කටයුතු සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නව පර්යේෂණ කාර්ය මණ්ඩලයක් තෝරාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පරීක්ෂණ කාර්ය මණ්ඩලයට ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් වන පියුමි විජේසේකර තෝරා ගෙන තිබීම විශේෂත්වයක්.
නාසා ආයතනය මගින් හූස්ටන් හි පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකර ඇති අඟහරු ග්‍රහයාගේ පාරිසරික ලක්ෂණ සහිත වාසස්ථානයක අදාළව මෙම මෙහෙයුම් සිදු කෙරේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙහෙයුමට සහභාගී වීමට ස්වේච්ඡා සේවකයන් හතර දෙනෙකුගෙන් යුත් නව කාර්ය මණ්ඩලයක් තෝරාගෙන ඇති බවයි.
මෙහෙයුමට අදාළ විද්‍යාඥයන් අතර අනෙකුත් පිරිස වන්නේ ජේසන් ලී, ස්ටෙෆනි නවර්රෝ, ෂරීෆ් අල් රෝමයිති යන අයයි.
පියුමි විජේසේකර කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සිය උපාධිය ද, ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි ද ලබා ඇත.
මේ වනවිට NASA Ames පර්යේෂණ මධ්‍යස්ථානයේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂකවරියකි.
මෙම විද්‍යාඥයන් සිව් දෙනා, මැයි 10 වනදා අඟහරු ග්‍රහයා තුළට ඇතුළු වීමට නියමිත අතර ඔවුන් දින හතලිස් පහක් එහි ගත කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ලොව වයස්ගතම ඔරන්ඔටන් 63 වැනි උපන් දිනය සමරයි
ජර්මනියේ හැම්බර් නගරයේ හේගන්බෙක් සත්ව උද්‍යානයේ ජීවත්වන ලොව වයස්ගතම ඔරන්ඔටන් සත්වයා වන බෙලා පසුගිය 16 වැනිදා සිය 63 වෙනි උපන්දිනය සැමරා ඇත.
1961 වසරේ අප්‍රේල් මස 16 වැනිදා උපත ලද බෙලා 1964 වසරේ සිට හේගන් බෙක් සත්ත්ව උද්‍යානයේ ජීවත් වූවාය.
ඔරන් ඔටන් සත්වයෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වයස අවුරුදු තිස්පහත් හතළිහත් අතර වූවත් බෙලා පසුගිය 16 වැනිදා වන විටත් හොඳ ශරීර සෞඛ්‍යයකින් පසුවූ බව ගිනස් ලෝක වාර්තාව ප්‍රකාශ කළේය.
බෙලා 2021 වසරේදී ලොව ජීවත්වන වයස්ගතම ඔරන් ඔටන් සත්වයාට හිමි ලෝක වාර්තාව හිමි කරගත්තාය.
ඇය දරුවන් සයදෙනෙකුට උපත ලබා දී ඇති අතර තවත් දරුවන් සිව් දෙනකු හදා වඩාගෙන ඇත.

"80 දශකයේ අපි කණ්ඩායම" පළමුව බදුල්ලට බක්මහ අසිරිය ගෙන යයි !
රට පුරා විසිරි සිටින 80 දශකයේ සමාජිකයන්ගේ එකතුවෙන් සමාජ වගකීම නිසි අවබෝධයෙන් හඳුනාගෙන රට පුරා සමාජ සත්කාර සිදුකරන "80 දශකයේ අපි කණ්ඩායම" විසින් ප්‍රථම වරට බදුලු නගරයට විනෝදාස්වාදය රැගෙන අලුත් අවුරුදු අසිරිය 2024 අප්‍රේල් 7 දින බදුල්ල විල්ස් පාර්ක් පිටිය රැගෙන ආවේ මුලු මහත් බදුලු ජනතාව වෙනස්ම ජීවයක් ගෙන දෙමිනි.
එදින දවස පුරා ජන ක්‍රීඩා රාශියක් , ජන ගායනා ,නැටුම් පැවැත් වු අතර, ජයග්‍රහණය කල අය වෙනුවෙන් වටිනා ත්‍යාග , හා මුදල් ප්‍රදානයන් ලබාදීමට ,සංවිධානය මණ්ඩලය කටයුතු කර තිබිණ . මේ සඳහා බදුල්ල බන්ධනාගාරය ,ශ්‍රි ලංකා පොලිසිය ,බදුල්ල මහ රෝහල, සියලු ආගමික නායකයින්ගේ සහයෝගය හා සහභාගීත්වය දැකිය හැකි වීම තවත් සුවිශේෂී ලක්ෂණයක් විය .
මෙම 80 දශකයේ අපි සංවිධානය විසින් මේ වනවිටත් රට පුරා , අධ්‍යාපනය හදාරන දරුවන්ට උදව් කිරිම, දිළිඳු පවුල් නඟාසිටුවීමේ වැඩසටහන්, ස්වයං රැකියා කිරීමට මග පෙන්විම්, ආගමික වැඩසටහන් රට පුරා සිදු කරමින් මේ වන විටත් සිදු කරමින් සිටියි.
මෙම සංවිධානයේ නිර්මාතෘ අමිල උදාර මහතා ප්‍රකාශ කල සිටියේ රට පුරා සිටින 80 දශකයේ පිරිස් එකතු කරගෙන වඩාත් සාර්ථක සමාජ සත්කාර වලට නිරත වීමට බලාපොරොත්තු වන බවයි.
https://newstube.lk/entertainment?start=12#sigProIdc40029d520
Page 4 of 38