විනෝදාස්වාද

කමිඳුගෙන් ලෝක වාර්තාවක්
පළමු ටෙස්ට් තරග 8දී නොකඩවා වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් (ලකුණු 50 සීමාව පසු කළ) වාර්තා කළ ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් අද (26) වාර්තා අතරට එක්වුණි.
ඒ අනුව වසර 132ක් පැරණි ටෙස්ට් ඉතිහාසයේ මෙම දස්කම දැක්වූ පළමු ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් සැලකෙයි.
නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී අද පැවැති 02 වැනි ටෙස්ට් තරගයේදී ඔහු මෙම වාර්තාව තැබීය.
එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 306ක් ලබා තිබුණි.
එහිදී නොදැවී ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් ලකුණු 51ක් ලබා සිටියේය.
අද දිනයේ තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 306ක් ලබා තිබුණි.

තවත් ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තුවක්
2024 දී ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා තිබෙයි.
ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමය මේ බව තහවුරු කර ඇති ආකාරයට, ඒ අනුව ප්‍රංශයේ පැරිස් නුවර මේ මස 26 වනදා ආරම්භ වන 33 වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයදෙනෙකු සුදුසුකම් ලබා සිටියි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ශූරතාවය දිනයි !
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වූහ.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම ශූරතාවය දිනා ගැනීමට සමත්වූයේ පළමු වරට වීමද විශේෂත්වයකි.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස්කළේය.
ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 18.4කදී කඩුලු 2ක් දැවී ලකුණු 167ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අතපත්තු පන්දු 43කදී ලකුණු 61ක් ලබා ගත් අතර ජයග්‍රහණයේ නියමුවා වූ හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 69ක් රැස් කළාය.
ඇයට අනගි සහයක් දුන් කවීෂා දිල්හාරි නොදැවී ලකුණු 30ක් ලැබුවාය.
මේ අතර, පළමු වරට ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය දිනූ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබ පැතුම් එක් කර තිබිණ.

තායිවානයේදීත් ලක් මාතාව රනින් බබළවන අපේ හපන්නු.....
තායිවාන විවෘත මලල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු සහ ක්‍රීඩිකාවක් මීටර් 400 පිරිමි සහ කන්තා ඉසව් දෙකෙන් පළමු ස්ථාන හිමි කරගෙන තිබේ.
එහි මීටර 400 කාන්තා ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරුෂි කරුණාරත්න සහ නදීෂා රාමනායක අද තරග බිමට එක් විය.
තරුෂි කරුණාරන්ත එම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ තත්ත්පර 52යි දශම 4යි 8ක කාලයකින් තරගය අවසන් කරමිනි.
ඇය මීටර 400 ඉසව්ව සඳහා දැක්වූ හොදම දක්ෂතාවයද එය වීම විශේෂත්වයකි.
තත්ත්පර 53යි දශම 9යි 3ක් කාලයකින් තරගය අවසන් කළ නදීෂා රාමනායක එම ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනා ගත්තාය.
මෙම තරගාවලියේ මීටර 400 පිරිමි ධාවන ඉසව්වේ ප්‍රථමස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන සමත් විය.
ඔහුගේ දක්ෂතාව දැක්වූයේ තත්ත්පර 45යි දශම 8යි 2ක් ලෙසයි.
ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරත්න මෙම තරගාවලියේ මීටර 1500 කාන්තා ධාවන ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගැනීමටද සමත් වූවාය.
ඇයගේ දක්ෂතාවය සටහන් වුණේ මිනිත්තු 4යි තත්ත්පර 24යි දශම 6යි 6ක් ලෙසයි.
තායිවාන විවෘත මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වෙන්නේ තායිවානයේ තායිපේහිදීයි.
Page 9 of 44