V2025

විනෝදාස්වාද

අවසන් තරගයේ ජයත් ලංකාවට

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් තරගයෙන් ද ශ්‍රී ලංකාව විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තේය.

සිම්බාබ්වේහි, හරාරේ ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසුණි.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 5ක දී සියලුදෙනා දැවී ලකුණු 233ක් ලබාගත්තේය.

ආරම්භක කඩුල්ල ලෙස සදීර සමරවික්‍රම ලකුණු 19කට දැවී ගිය අතර පැතුම් නිස්සංක ලකුණු 23කට දැවී ගියේය.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ සහන් ආරච්චිගේ අද සිය මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 57ක් ලබාගැනීමට සමත්වුණි.

කුසල් මෙන්ඩිස් ලකුණු 43ක්, චරිත් අසලංක ලකුණු 36ක් සහ වනිදු හසරංග ලකුණු 29ක් ලබාගත්හ.

නායක දසුන් ශානක එක් ලකුණකටත්, ධනංජය ද සිල්වා ලකුණු 4කටත් දැවී ගියේය.

පන්දුයැවීමේ දී ලොගාන් වෑන් බීක්, රයන් ක්ලෙයින්, වික්‍රම්ජිත් සිං සහ සඛිබ් සුල්ෆිකර් කඩුලු දෙක බැගින් බිඳහෙළුහ.

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 234ක ඉලක්කය හඹා ගිය නෙදර්ලන්ත කණ්ඩායම සියලුම ක්‍රීඩකයින් දැවී රැස්කළේ ලකුණු 105ක් පමණි.

ඒ අනුව ශ්‍රී ලංකා Lincoln එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් තරගයෙන් ලකුණු 128ක ජයක් ලබාගත්තේය.

ෆේස්බුක් අලුත් වෙයි

මෙටා සමාගම (Meta) විසින් "Parental Controls" නමින් නව මාපිය පාලන විශේෂාංගයක් හඳුන්වා දී තිබේ.

එමඟින් දෙමාපියන්ට තම දරුවන්ගේ Facebook Messenger ගිණුම් කළමනාකරණය කිරීමට ඉඩ සලසා දී ඇත.

මිනිත්තු 20 කට වඩා වැඩි කාලයක් ෆේස්බුක් භාවිතා කරන දරුවන්ට නවත්වා විවේකයක් ගැනීමට දිරිගන්වනු ලැබේ.

රාත්‍රී කාලයේ ළමුන් විසින් ඉන්ස්ටග්‍රෑම් ගිණුම් අධික ලෙස භාවිත කිරීම පිළිබඳව ද අවධානය යොමුව තිබේ.

වයස අවුරුදු 13 ට වැඩි දරුවන් සමාජ මාධ්‍ය භාවිතය නිසා ඇතිවන අහිතකර තත්ත්වයන්ට පිළියමක් ලෙස මෙම ක්‍රමය යෝජනා කර ඇත.

aruna.lk

ලංකා කාන්තා ක්‍රිකට් : නවසීලන්තයට එරෙහිව පළමු තරගාවලි ජය ලබයි !

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ලබමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක් ලැබීමට අද (03) සමත් විය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 8 ක විශිෂ්ට ජයක් ලැබූහ.

වර්ෂාවෙන් තරගයට බාධා ඇතිවීම නිසා මෙම තරගයේ ඉනිමක් ඕවර 31 කට සීමා වූ අතර පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කාන්තා ක්‍රිකට් පිල ඕවර 31 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 127 ක් රැස් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා පිල ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඕවර 29 දී ලකුණු 196 ක ඉලක්කයක් භාර වූ අතර එම ඉලක්කය ඕවර 26.5 කදී සම්පූර්ණ කිරීමට චමරි අතපත්තු ඇතුළු පිතිකාරියෝ සමත් වූහ.

චමරි අතපත්තු අති විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 80 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 140 ක් රැස්කරමින් ශ්‍රී ලංකාවට ජය ගෙන ඒමට සමත් වූවාය.

චමරි අතපත්තු මෙම තරග තුනේදී රැස්කළ දෙවැනි ශතකය මෙය වන අතර චමරි මෙහිදී පන්දු 60 කින් ශතකය සම්පූර්ණ කිරීම කැපී පෙනුණි.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් පිල ඕවර 31 කදී කඩුලු 2 ට 127 (සුසි බාටිස් නොදැවී 63, සොපී ඩෙවිනේ නොදැවී 38) ශ්‍රී ලංකා කාාන්තා ක්‍රිකට් පිල ඕවර 26.5 කදී කඩුලු 2 ට 196 (චමරි අතපත්තු නොදැවී 140, නිලක්‍ෂි ද සිල්වා නොදැවී 28)

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ ඕමානයට එරෙහිව පැවති තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

වනිඳු හසරංග හා ලහිරු කුමාරගේ විශිෂ්ඨ පන්දු යැවීම මෙන්ම දිමුත් කරුණාරත්න හා පැතුම් නිස්සංක පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ නොබිදුණු සම්බන්ධතාවය හමුවේ මෙලෙස කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) සමත් වුණි.

බුලවායෝහී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 99 ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 15 ක් අවසානයේ දී ය.

අඛණ්ඩව සිය සිව්වැනි එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය ද වාර්තා කළ දිමුත් කරුණාරත්න පන්දු 51 තුළ නොදැවී ලකුණු 61ක් ලබා ගත් අතර, පැතුම් නිස්සංක නොදැවී ලකුණු 37 ය.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඕමාන කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 98 කට දැවී ගියේ පන්දුවාර 30.2 ක් අවසානයේ දී ය. පළමු කඩුලු 4 ලකුණු 20 ක් තුළ දවා ගැනීමට ලහිරු කුමාර හා කසුන් රාජිත සමත් විය.

අනතුරුව ජතින්දර් සිං හා අයාන් ඛාන් 5 වැනි කඩුල්ල සදහා පන්දු 64ක් තුල ලකුණු 52ක සම්බන්ධතාවයක් පිහිටුවීමට සමත් වුණි.

ජතින්දර් සිං ලකුණු 21 කට දැවී ගියේ වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේය. එම පන්දුවාරයේ දී ම තවත් කඩුලු 2 ක් දවා ගැනීමට වනිදු සමත් වීම කැපී පෙනුණි. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අයාන් ඛාන් පන්දු 60 කින් ලකුණු 41 ක් රැස් කළේ හතරේ පහර 4 ක් සමගින් ය.

පසුගිය තරගයේ දී කඩුලු 6 ක් දවා ගත් වනිඳු හසරංග මෙම තරගයේ දී ලකුණු 13 කට කඩුලු 5 ක් බිද හෙලීය. ලහිරු කුමාර ලකුණු 22 කට කඩුලු 3 ක් දවා ගත් අතර, කසුන් රාජිත එක් කඩුල්ලක් දවා ගත්තේ ලකුණු 17ක් ලබා දෙමින් ය.

තරඟයේ වීරයා බවට පත්වුයේ ඕමාන ඉනිමේ කඩුලු පහක් දවා ගත් වනිඳු හසරංග ය.

ශ්‍රී ලංකාව A කාණ්ඩයේ පළමු ස්ථානයට නැවත පැමිණියේ 4.22ක දළ වේගයක් රඳවා ගනිමින්ය.

Page 11 of 34