ගෙවී ගිය සතිය, විපක්ෂ නායක සජිත් ප්රේමදාසට ඉතාම කාර්ය බහුල සතියක් විය.
සතිය ආරම්භයට පෙර සිටම සමාජය තුළ කතාබහට ලක්ව තිබූ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිදුවීමත් සමඟ ගොඩනැගුණු සමාජ කථිකාවත සහ සතිය අවසන් වීමට ඔන්න, මෙන්න කියා තිබියදී නොසිතූ ලෙස කාවන්තිස්ස ඇතාගේ හදිසි අභාවය ඒ තත්ත්වය තවත් තීර්ව කිරීමට හේතුවී තිබුණි.
ආන්දෝලනාත්මක නඩු ගණනාවක් විභාගයට ගනිමින් ගිය සතිය ආරම්භ විය. පහළ අධිකරණ වල සිට ඉහළ අධිකරණ දක්වාම නඩු රාශියක් විභාග වූ අතර අපි දන්න කියන බලවත්තු පිරිසකට රක්ෂිත බන්ධනාගාර ගත වෙන්නටද සිදුවිය.
නැකත් සතිය ආරම්භ වුනේ අධිකරණය මඟහරිමින් සැඟවිලා සිටිය ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින්ය. ඥානසාර හිමියන් ඇල්ලු නැකත අවසන් වුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂවත් කල්දේරම් බතේ රස බලන්නට වැලිකඩ යවමින්ය.
සජිත් නොසන්සුන් කළ දුරකතන ඇමතුම...
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිර දඬුවම් නියම වීමෙන් පසුව ගිහි ඇඳුමක් අන්දවා උන්වහන්සේ වෙනත් නඩුවක් සඳහා අධිකරණයට රැගෙන එමින් සිටින බව කාටත් පෙරම සජිත්ගේ කණ වැකුණේ ඔහුට හිතවත් නීතිඥවරයෙකු ලබාදුන් ඇමතුමක් අනුවය. එම දුරකතන සංවාදයේදී අදාළ නීතිඥවරයා සජිත්ට දැනුම් දුන්නේ මෙම ක්රියාව ඉතා බරපතල ප්රතිවිපාක ගෙන දෙන සමාජයම නොසන්සුන් කරන සිදුවීමක් වනු ඇති බවය. ඒ අනුව තත්ත්වය තේරුම් ගත් සජිත්, කෙටුම්පත්වී ඇති සියලු නීති අණ පනත්වලට අමතරව භික්ෂූන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාවලිය පිළිබඳ කරුණු විමසන්නට පියවර ගත්තේ, අදාළ කරුණු ගැන මනා අවබෝධයක් ඇති භික්ෂූන් වහන්සේලා සමගද සම්බන්ධ වෙමිනි. ඉන් අනතුරුව මේ පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙය වහා නිවැරදි කරන ලෙස සජිත් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය.
හරිත පත්රිකාව සහ වසර 20ක ඉලක්කය
රනිල් හෘද සැත්කමෙන් පසු පළමු වෛද්‍ය පරීක්ෂණය සඳහා අඟහරුවාදා අළුයම සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. රනිල් එලෙස පිටත්ව යාමට පෙර කෘත්යාධිකාරී මණ්ඩලය කැඳවීය. පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබූ හරිත පත්රිකාව ගැන පාක්ෂිකයන් මෙන්ම ජනතාව දැනුවත් කිරීම ගැන එහිදී රනිල් දීර්ඝ විස්තරයක් කළේය. එම හරිත පත්රිකාව සකස් කර තිබෙන්නේ වසර විස්සක ඉලක්කයක් සහිතවයි. ථෙරවාදී සමාජ ප්‍රජාතන්ත්‍ර ආර්ථික ක්‍රමයක් එම හරිත පත්රිකාවෙන් යෝජනා කර තිබේ.
රනිල්ගේ ආරක්ෂකයාට පහරදීමක්: ඉලක්කය වී තිබුණේ රනිල් ද?
රනිල් නඩුවට පෙනී සිට නැවත අධිකරණයෙන් පිටතට එන අවස්ථාවේ වූ සිදුවීමක් සමාජ මාධ්‍ය මෙන්ම විද්යුත් මුද්රිත මාධ්‍ය කලඹන්නට හේතු විය.ඒ එක්තරා විද්යුත් මාධ්‍ය නාලිකාවක කැමරා ශිල්පියකු විසින් රනිල්ගේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිටි ආරක්ෂක නිලධරයකුගේ හිසට කැමරාවෙන් පහර දීමයි. පහරදීම සිදුවූ ස්ථානයේ සිට රනිල් සිටි තැනට තිබුණේ අඩි තුන හතරක පරතරයක් පමණි.
ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සභාපති වජිර කීවේ රනිල් අධිකරණයට එන විට ප්රමාණවත් ආරක්ෂාවක් සපයා නොතිබූ බවට මෙය හොඳම සාක්ෂියක් බවයි. අධිකරණයේ සිට රනිල්ට පෙර එළියට පැමිණියේ අදාළ ආරක්ෂක නිලධාරීන්ය.රනිල් ආවේ ඊට පසුවයි.අදාල පුද්ගලයාගේ ඉලක්කය වී තිබුණේ රනිල් ද?ආරක්ෂක නිලධරයා මඟ හරස් කිරීම නිසා පහර දීම සිදුවීදැයි සැක සංකා මතුවන බවද සභාපතිවරයා සඳහන් කළේය.
සංගීතය යනු රටක ශ්රව්ය සංස්කෘතික ආත්මයේ ජීව නාඩියයි. හුදෙක් ශ්රව්ය මාධ්යයකින් ඔබ්බට යමින් ශ්‍රී ලාංකේය සමාජයේ කලාත්මක රසඥතාව උසස් තලයකට ඔසවා තැබීමට සුභාවිත ගීතය දැක්වූයේ අතිමහත් බලපෑමකි. එම සුභාවිත ගීත අඹරේ නව පුනර්ජීවනයක් සහ ගුණාත්මක වර්ධනයක් උදෙසා නිහඬවම අතිදැවැන්ත සංස්කෘතික මෙහෙවරක් ඉටුකළ ප්රවීණ කලාකරුවෙකු මෙන්ම 'සින්ග්ලංකා' කැසට් නිෂ්පාදන ආයතනයේ සූක්ෂ්ම දැක්මෙන් හෙබි නිර්මාතෘවරයා වූ ආනන්ද ගනේගොඩ මහතා අප අතරින් සමුගෙන තිබේ.
හිටපු කථානායක කරූ ජයසූරියගේ බාල දියණිය වූ ඉන්දිරා ජයසූරිය, මීට වසර කිහිපයකට පෙර පිළිකා රෝගය හේතුවෙන් ජීවිතයෙන් නික්ම ගියේ නිරෝගී දරු උපතකට පවා මුහුණ දෙමිනි. අද (26) ඉන්දිරා ජීවතුන් අතර සිටියා නම් ඇයට අවුරුදු 50ක් සපිරේ. එමෙන්ම අදවන විට ඇයව සිහිපත් කරමින් ආරම්භ කළ 'ඉන්දිරා පිළිකා භාරය' කෙටි කාලයක් තුළ රටේ පිළිකා රෝගයෙන් පීඩා විඳින අයට සෙවණ දෙන 'සුව අරණක්' බවට පත්ව තිබේ.
මතු දැක්වෙන්නේ තම නික්මගිය ආදරණීය දියණියගේ 50 වන ජන්ම දිනය නිමිති කොට ගෙන කරූ ජයසූරිය තැබූ සංවේදී මතක සටහනයි."
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
