මම පියෙක් විදියට එකඟ නැහැ⠀
චමුදිත සමරවික්‍රම: බයියන්ට අනුව නම් 2029 ජනාධිපති වෙන්න ඉන්න නාමල් රාජපක්ෂ ගේ මාමණ්ඩි තමයි අද මගේ ඉස්සරහා මේ වාඩිවෙලා ඉන්නේ. ලංකාවේ ප්‍රකට LSR ආයතනයේ නිර්මාතෘ සහ සභාපති තිලක් වීරසිංහ මහත්මයා. හැබැයි මේ වෙලාවේ රටේ ලොකු දේශපාලන කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා. නාමල් රාජපක්ෂට එරෙහිව නඩු හබ එනකොට, හිරේ යෑමේ අවදානමක් එනකොට, එයාගේ බිරිඳ ලිමිණි වීරසිංහ සැප්තැම්බර් 12 අනුරාධපුරේ පැවැත්වෙන මහා ජනරැලියේ වේදිකාවට නගින්න යනවා කියලා. රාජපක්ෂ පවුල සාමාන්‍යයෙන් පවුලෙන් පිට කාටවත් මේ තනතුරු න්නේ නෑ. දැන් ලිමිණි තමන්ගේ සැමියා වන නාමල්වත් පස්සට දාලා දේශපාලන වේදිකාවට බහින්නද මේ සූදානම් වෙන්නේ? ඔබ මේ ගැන දන්නේ මොනවාද?⠀
රාජ්‍ය ආයතනයක් යනු සෑම පුරවැසියෙකුටම තමන්ගේ දෛනික හා සුවිශේෂී අවශ්‍යතාවන් ඉටු කර ගැනීම වෙනුවෙන් පිහිට සපයන මූලිකම ස්ථානයයි. පුරවැසියාගේ බදු මුදලින් නඩත්තු වන මෙම ආයතන, රටක පරිපාලන හා සංවර්ධන කර්තව්‍යයන්හි සෘජු පාර්ශවකරුවන් ලෙස ක්‍රියා කරන්නේ මහජන සුබසෙත සහ කාර්යක්ෂම සේවා සම්පාදනය මූලික පරමාර්ථය කරගනිමිනි.
ලෝකප්‍රකට එංගලන්ත අධිකරණයේ විභාග වූ එයාර්බස් අල්ලස් නඩුව ලංකාව දෙසටත් අල්ලස් මුදල් නඩුවක් නමින් ගලා ඒමේ සිද්ධාන්තය.
අධිකරණය: (UK) Southwark Crown Court
නඩු අංකය:(Case Reference /URN) U20200108
නඩුවේ නිල නාමය: Serious Fraud Office v Airbus SE (2020)
එක්සත් රාජධානියේ මෙම නඩුව පැවරුණේ 2010 අල්ලස් පනතේ 7 වැනි වගන්තිය (Section 7 of the Bribery Act 2010 - Failure of commercial organisations to prevent bribery) යටතේ ය. මෙම නඩු අංකය යටතේ ඇති DPA (Deferred Prosecution Agreement) ගිවිසුම හරහා එයාර් බස් සමාගම ශ්‍රී ලංකාව ඇතුළු රටවල් පහක සිදු කළ දූෂණ ක්‍රියා නීත්‍යානුකූලව පිළිගෙන ඇත.
පළමු පියවර…
කාන්චනා කරුණාරත්න හෙවත් කවි… ඇය සමග මම පළමුවෙන් ම කතා කරන්නේ 2017 වසදේ දී ය; ඒ, ඇරැව්වල අනුර ගුණතිලක ගේ ''සඳස, විරිත සහ අරුත'' කෘතිය ජනගත කළ මොහොතේ ය. (මා ඇය හඳුනාගන්නේ එදින වුව ද මා රචනා කළ ''සාහිත රසවිත'' කෘතිය ජනගත කළ දිනයේ ඇය ද එම අවස්ථාවට සහභාගි වූ බව ඇය මා හට පැවසුවේ පසු කලක ය.) එදින වුව ද මා ඇය සමග කතා බහ කළේ ඇරැව්වල අනුර ගුණතිලක ගේ ''සඳස, විරිත සහ අරුත'' කෘතිය පිළිබඳව එම ලේඛකයා සමග සම්මුඛ සාකච්ඡාවක් කළ යුතු යැයි තීරණය කළ බැවින් මිස ඇය සමග මෙතෙක් දුර ගමනක් පැමිණෙන්නට බලාපොරොත්තුවකින් නොවේ.
රට තුළ ප්රජාතන්ත්රවාදය විනාශ කිරීමේ ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් ලෙස සැලකිය හැකි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අඛණ්ඩව සටන් කරමින් සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගෙවුණු සතිය ආරම්භ කළේ, මහාමාන්‍ය ඩී.එස්. සේනානායක දේශපාලන පීඨයේ පාඨමාලා හැදෑරූ විද්‍යාර්ථීන්ගේ ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයට එක්වෙමිනි. පසුගිය 31වන දා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ එම ඩිප්ලෝමා ප්රදානෝත්සවය පැවැත්වුණේ මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය කෙනඩි ගුණවර්ධන සහ ආචාර්ය දයාන් ජයතිලක ඇතුළු සම්භාවනීය ආරාධිතයන් රැසකගේ ද සහභාගීත්වයෙනි.
සිංහල සාහිත්‍ය ඉතිහාසය විමසා බැලීමේ දී එහි වර්ධනය සම්භාව්‍ය සාහිත්‍යය, නවකතාව, කෙටිකතාව සහ කවිය යනාදි ප්‍රධාන ධාරාවලින් පමණක් සමන්විත වූවක් නොවේ. නො එසේ නම්, සාහිත්‍යයක් ජීවමාන සංස්කෘතික ක්‍රියාවලියක් බවට පත්කරන්නේ එහි උසස් සාහිත්‍ය කෘති පමණක් නොවේ. සාමාන්‍ය ජනතාව ගේ පරිකල්පන අවදි කළ, ඔවුන් ගේ කියවීමේ රුචිය හැඩගැස්වූ සහ පොත් වෙළෙඳපොළ තුළ විශාල සංසරණයක් ඇති කළ ජනප්‍රිය ප්‍රබන්ධ ද සිංහල සාහිත්‍ය ඉතිහාසයට එක්විය යුතුය.
2019 වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවම කම්පනයට පත් කරමින් සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය අපේ රටේ ඉතිහාසයේ කිසිදා නොමැකෙන අඳුරුතම සහ ලේ වැකි සලකුණක් බවට පත්ව තිබේ.
පල්ලි සහ හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල වූ මෙම ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාර මාලාව පිටුපස හුදු ආගමික අන්තවාදයකට එහා ගිය අතිශය දැවැන්ත, ඉතා සූක්ෂම සහ අදෘශ්‍යමාන දේශපාලනික කුමන්ත්‍රණයක් පවතින බව මේ වන විට සමස්ත ලෝකයේම දැඩි අවධානයට ලක්ව ඇති බරපතළ කරුණකි. කිසිවෙකුටත් යටපත් කළ නොහැකි සත්‍යය සොයා යන ගවේෂණාත්මක මාධ්‍යවේදීන් ලෙස අප අද මේ සැඟවුණු සත්‍යයේ යටිපෙළ ගැඹුරටම හාරා බැලීමට තීරණය කළෙමු.
(Lionel Bopage) :
හිතවත් රාමනා මහතාණෙනි, රොටරි සහ සෙසු මිතුරනි,
මුලින්ම මම පැහැදිලි කරන්න කැමතියි. මම රොටරි සාමාජිකයෙකු නොවෙයි. ඒත් මම පෝල් හැරිස් සම්මානලාභියෙක්. වසර කිහිපයක් තිස්සේ මම ඕස්ට්‍රේලියාවේ රොටරි සාමාජිකයන් සමඟ කටයුතු කර තිබෙනවා, විශේෂයෙන්ම හරන් රාමචන්ද්‍රන් මහතා සමඟත්, අවශ්‍යතාවලින් පෙලෙන ජනයා වෙත ප්‍රායෝගිකව සහාය වීමේ කටයුත්තේ දී ශ්‍රී ලංකාවේ රොටේරියානු සාමාජිකයන් සමඟත්. ඒ නිසා අද මම කතා කරන්නේ රොටරි මිතුරෙකු ලෙස, සාමාජිකයෙකු ලෙස නොවෙයි.
මාතර යුගයේ කාව්‍ය වංශය තුළ හමුවන "අනුරාග මාලය" යනු අනුරාධපුරයේ සිට මහනුවර යුගය දක්වා පැවති ආගමික සහ උපදේශාත්මක රාමුවෙන් බැහැර ව, මෙලොව මානුෂීය ආශා සහ ලෞකික යථාර්ථ සෘජු ව කාව්‍යයට නැගූ රති කාව්‍යයකි. ආගමික වාරණවලින් මිදී ලිංගිකත්වය, ශාරීරික ආකර්ෂණය, විරහව සහ පීතෘමූලික සංස්කෘතිය තුළ ස්ත්‍රිය ගේ භූමිකාව සාකච්ඡා කිරීමට මෙම කෘතිය ලෞකික අවකාශයක් සපයයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්රමුඛ සමගි ජනබලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන පසුගිය 22 සහ 23 දෙදින පුරා අනුරාධපුර දිස්ත්‍රීක්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක විය. එහි තේමාව වූයේ “එකම විකල්පය සජිත් & Team” යන්න ය. පක්ෂයේ ඉදිරිපෙළ නායකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකයින්, පළාත් පාලන මන්ත්‍රීවරුන් මෙන්ම පක්ෂ ක්‍රියාකාරීන් එකට එක්වූ මෙම වැඩසටහන සැබෑවට ම සජිත් සහ සජිත්ගේ කණ්ඩායමේ ශක්තිය එක්තැන් කළ අවස්ථාවක් විය.
මේ කාලෙ හේන් කරන්නෙ නැති උනාට හේන් ගොයියො ඉඳල හිටල හවස් යාමවල එනව තමන් ගෙ වාඩිය අලි කඩලද බලන්න. සමහර වාඩිවල ඔය ඉතිරි වෙච්ච, සවුත්තු වෙච්ච බොල් කළු ඇට, මුං ඇට මලු දාල යනව. ඒ මොනව ඇතැත් නැතැත් අලිය ආවම ඉතිං හොඬේ දාල සේරම අවුස්සනව. වාඩි කඩනව කියල හිතාගෙන අලි වැඩකරන්නෙ නෑ. ඒත් ඔය මොනව හරි කන්න දේවල් හොයන කොට මේ වාඩි කැඩෙනව. හොඳට ඇට්ටර වෙච්ච අන්දර කටු තොල්ලන් ලීයක් කියන්නෙ අලියෙකුට තුත්තිරි ගහක් වගේ. ඉතිං හවසට ඉඳල හිටල හේනට ඇවිල්ල යන හේන් ගොයියො මාව බලන්න එනව. බලු බල්ලෙක් නැති හේනක හැමොක් එකකට වෙලා පොත් කියවන සර්ටත් මේ එන හේන් ගොයියො කියන්නෙ කතරට දිය දෝතක් වගේ. තේ ඩිංගක් ලිපේ තියල ඔතනව පුස් ඕලයක්. කහට බිබී බුලත් විඩ කකා ඔන්න සර් මෙයාලට කොකු ගහල හිතේ තියෙන අදහස් එලියට ඇඳල ගන්නව .මුලින් මුලින් එක එක වල් පල් කතා කරල ඔන්න එනව රටේ තොටේ විස්තර.
දෙවෙනි ලිපියෙන් ඉදිරිපත් කළ කරුණුවලට අනුව ක්‍රි.පූ 3 වෙනි සියවසේ දී ඉන්දියාවේ මගධ මෞර්ය අධිරාජ්‍යයේ අශෝක නම් බෞද්ධ අධිරාජයා ගේ සමයේ ලංකාවට බෞද්ධ ධර්මදූත පිරිසක් එවූ බවට ඓතිහාසික සාධක රැසක් ඇත. ඒ ලිපියෙන් ඉදිරිපත් කළ මේ ඓතිහාසික සාධක සියල්ල මහාවංශයෙන් බාහිරව ඇති සාධක ය. එසේම මෙම ලිපියෙන් මේ සිදුවීම පිළිබඳව මහාවංශයෙන් පරිබාහිරව ලංකාවේ ඇති සාක්ෂි ඉදිරිපත් කෙරේ.
මහාචාර්ය නිර්මාල් රංජිත් මහතාට දෙන පිළිතුරේ වපසරිය
මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා විසින් පළ කරන ලද වීඩියෝ දෙකකට පිළිතුරු වශයෙන් ලියැවන “මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි” යන ලිපි පෙළෙන් ඉදිරියේ දී පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සැපයෙනු ඇත. ඒවානම්, ඉන්දියාවේ විසූ අශෝක රජු ලංකාවට ධර්මදූත පිරිසක් යැවී ද? එසේනම් ඒ කුමන කාලයේ ද? මේ අය පැමිණියේ ලංකාවට ම ද? මේ පිරිස බෞද්ධ ධර්මදූතයින් ද? අශෝක රජු බෞද්ධයෙක් ද?මේ අය එනවිටත් ලංකාවේ බෞද්ධයන් සිටියා ද? එසේ සිටියේ නම් මේ ධර්මදූත පිරිස ලංකාවට ඒමේ වැදගත්කම කුමක් ද? මේ පිරිස ලංකාවට පැමිණි බවට ඇති සාක්ෂි මොනවා ද? මේ පිරිස පැමිණි පසු ලංකාව තුළ සීඝ්රයෙන් බුදුදහම පැතුරුණි ද? යන ඒවා ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
