චීනයේ සමාජ මාධ්‍ය නියාමනයට නව නිතී | TMG Chandrasekara
වෛද්‍ය විද්‍යාව, නීතිය, අධ්‍යාපනය හෝ මූල්‍ය බඳු “සංවේදී” විෂයයන් මාර්ගගතව සාකච්ඡා කිරීමට පෙර සමාජ මාධ්‍ය බලපෑම් කරන්නන් ඒ ඒ විෂයන් පිළිබඳ නිල සුදුසුකම් ලබා දියයුතු බවට චීනය පුළුල් නව රෙගුලාසියක් හඳුන්වා දී ඇත.
චීනයේ සයිබර් අවකාශ පරිපාලනය (CAC) විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම නව රීතිය ඔක්තෝබර් 25 වන දින සිට බලාත්මක වූ අතර එය වැරදි තොරතුරු මැඩපැවැත්වීම සහ මහජන අවශ්‍යතාවලට බලපාන ක්ෂේත්‍රවල අන්තර්ගත නිරවද්‍යතාවය සහතික කිරීම මෙහි අරමුණු බවයි ප්‍රකාශවන්නේ.

අනන්‍යාතා සත්‍යාපනය කිරීම
නව නීතිය යටතේ, අන්තර්ගත නිර්මාණකරුවන් මෙම මාතෘකා පිළිබඳ ප්‍රකාශන අන්තර්ජාලය හරහා ඉදිරිපත්කිරිමට පෙර ඔවුන්ගේ විශේෂඥතාව පිළිබඳ සාක්ෂි - විශ්වවිද්‍යාල උපාධියක්, වෘත්තීය බලපත්‍රයක් හෝ නිල සහතිකයක් බඳු - පිළිගත හැකි සුදුසුකම් ඉදිරිපත් කළ යුතු වේ. චිනයට ම ආවේණික ඩුයින්, වයිබෝ සහ බිලිබිලි ඇතුළු ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකා තුළින් සජීවීව අදහස් ප්‍රකාශ කිරිමට පෙර මෙම අනන්‍යාතා සත්‍යාපනය කිරීමට අවශ්‍ය වේ.
වෙළඳ දැන්වීම් අදාළ නීති ද දැඩි කර ඇත: නිදසුනක් ලෙස, "අධ්‍යාපනික" අන්තර්ගතය ලෙස පෙන්වමින් වෛද්‍ය සේවා, සෞඛ්‍ය අතිරේක හෝ සෞඛ්‍ය ආහාර සඳහා වන ප්‍රවර්ධන දැන් මෙම අවකාශයේ තහනම් කර ඇත. නියාමනය කරන ලද මාතෘකා පිළිබඳව කතා කිරීමට කැමති අන්තර්ගත නිර්මාණකරුවන් අදාළ විශේෂඥතාව පිළිබඳ සාක්ෂි සැපයිය යුතුය: උදාහරණයක් ලෙස විශ්ව විද්‍යාල උපාධියක්, වෘත්තීය බලපත්‍රයක් හෝ සහතිකයක්. එමෙන්ම අන්තර්ගතය අධ්‍යයනයන් මත පදනම් වී ඇත්නම් හෝ AI-ජනනය කරන ලද ද්‍රව්‍ය භාවිතා කරන්නේ නම්, මෙය සලකුණු කළ යුතුය.
දඩ මුදල් යුවාන් 100,000 (ඇමරිකානු ඩොලර් 14,000 ක් පමණ)චීන බලධාරීන්ගෙන් අදහස වන්නේ “වැරදි තොරතුරුවලට එරෙහිව සටන් කිරීම" සහ මහජනතාව නොමග යවන උපදෙස්වලින් ආරක්ෂා කිරීම, විශේෂයෙන් දෝෂ හානිකර විය හැකි ක්ෂේත්‍රවල (වෛද්‍ය විද්‍යාව, මූල්‍ය, නීතිය ආදිය) අරමුණ බවයි. එමගින් "පිරිසිදු සහ විශ්වාසදායක" මාර්ගගත පරිසරයක් සඳහා වන පුළුල් තල්ලුවක කොටසක් ලෙස සහ සුදුසුකම් ලත් පුද්ගලයින් විසින් වෘත්තීය දැනුම බෙදා ගැනීම සහතික කිරීම සඳහා මෙම නියාමන්‍ය උපකාරිවන බවයි.
සෞඛ්‍ය හෝ මූල්‍ය බඳු අංශවල, සත්‍යාපනය නොකළ බලපෑම් කරන්නන් හානිකර හෝ වැරදි තොරතුරු මඟ පෙන්වීමක් ලබා දිය හැකි අතර, නියාමනය පාරිභෝගිකයින් ආරක්ෂා කළ හැකි ය. නව රෙගුලාසිය උල්ලංඝනය කරන පුද්ගයන්ට සහ අපොහොසත් වන වේදිකා යන දෙකට ම දඬුවම් පමුණුවයි. බරපතළ උල්ලංඝන සඳහා දඩ මුදල් යුවාන් 100,000 (ඇමරිකානු ඩොලර් 14,000 ක් පමණ) දක්වා විය හැකි බවයි බෙජින් වාර්තා පෙන්වා දෙන්නේ.
රජයක් මැදිහත්වි වැරැදි නිවැරැදි තීරණය කිරීම භයානකයි
මේ පිළිබඳ චීන සමාජ මාධ්‍ය හරහා විවිධ ප්‍රතිචාර ඉදිරිපත්වි ඇත. මෙම පියවර අන්තර්ගතයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කරන අතර මහජන ව්‍යාකූලත්වය අඩු කරන බවට මෙයට පක්ෂව තර්ක කරන කණ්ඩායම් පෙන්වාදෙන අතර , විවෙචකයන් අනතුරු අඟවන්නේ එය නිදහස් ප්‍රකාශනය සීමා කළ හැකි බවත්, මාර්ගගත ප්‍රකාශන කෙරෙහි රාජ්‍ය පාලනය දැඩි කළ හැකි බවත්ය. මෙනිසා “මෙම ක්ෂේත්‍රවල වෘත්තිකයන් මිට එරෙහිව පෙරමුණ ගැනීමට කාලයයි,” යන්න ඔවුන්ගෙ අදහසයි.
රජයක් මැදිහත්වි වැරැදි නිවැරැදි තීරණය කිරිම භයානක බවයි. කෙසේ වෙතත්, තවත් සමහරු ප්‍රශ්න කළේ මෙම විෂයන් පිළිබඳ “විශේෂඥතාව” ලෙස ගණන් ගන්නේ කුමන පදනමින් ද කවුරුන් ද යන්න ගැටලුසහගත බවයි. මෙම නව නීති ඩොලර් බිලියන ගණනක කර්මාන්තයක් දක්වා වර්ධනය වී ඇති චීනයේ ආර්ථිකයට බලපෑමක් විය හැකි බව ද තවත් අදහසකි. විශේෂඥයින් පවසන්නේ මහජන මතයට බලපෑම් කරන හැඩගස්වන මාර්ගගත ප්‍රකාශන දැඩි ලෙස අධීක්ෂණය කිරීමට බීජිනයේ ඇති අධිෂ්ඨානය මෙමගින් ද පිළිබිඹු කරන බවයි.

නියාමනය මගින් චීනයේ බලාපොරොත්තුව සපල කරගත හැකි බවත් ,අන්තර්ජාල නිර්මාණකරුවන්ට විධිමත් අක්තපත්‍ර සෙවීමට හෝ වෙනත් ජීවන මාර්ග, විලාසිතා සහ විනෝදාස්වාදය වැනි අඩු නියාමනය කළ ක්ෂේත්‍ර වෙත මාරු වීමට සිදුවන බවත් නිරීක්ෂකයින්ගේ අදහසයි.
(සටහන - ටී.එම්.ජී. චන්ද්‍රසේකර)This email address is being protected from spambots. You need JavaScript enabled to view it.(Media Activist, Communication Specialist, Media Trainer, Guest Lecturer)Former Director News , Director Training and Research at Sri Lanka Rupavahini CorporationFormer Specialist / strategic Communications at Information and Communication Technology Agency of Sri Lanka (ICTA)Former Media consultant at Sri Lanka CERT
උපුටා ගැනීම - Tmg Chandrasekara ෆේස්බුක් පිටුවෙන්..