Image

කාවන්තිස්සට ප්‍රතිකාර කළ වෛද්‍ය ඉසුරු ඉල්ලා අස්වී නෑ -රජයේ පශු වෛද්‍ය සංගමය

කාවන්තිස්සට ප්‍රතිකාර කළ වෛද්‍ය ඉසුරු ඉල්ලා අස්වී නෑ -රජයේ පශු වෛද්‍ය සංගමය

කාවන්තිස්ස හස්තියාට ප්‍රතිකාර කටයුතු කළ පසු වෛද්‍ය ඉසුරු ඉල්ලා අස්වී ඇතැයි ප්‍රචාරයක් යැවීම සාවද්‍ය කාරණයක් බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමය සඳහන් කළේ, වෛද්‍ය ඉසුරු ඉල්ලා අස්වී නොමැති අතර ඔහු මේ දිනවල නිවාඩු ලබා සිටින බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් මෙසේද පැවසීය:

"පශු වෛද්‍ය ඉසුරු මේ දවස්වල නිවාඩුවක් ලබාගෙන තිබෙනවා. එයාට ඇතිවෙලා තියෙන පෞද්ගලික බලපෑම් සහ පවුලේ අයට ඇතිවී තිබෙන බලපෑම් නිසා දෙපාර්තමේන්තුවෙන් නිවාඩුවක් ඉල්ලා තිබෙනවා. මේ කටයුතු කර තිබෙන ආකාරයට ඔවුන් දැඩි අධෛර්යයට පත්ව තිබෙනවා. මේ සතා පසුගිය 22 වැනිදා හොයා ගැනීමෙන් අනතුරුව වෛද්‍ය ඉසුරු ප්‍රතිකාර කර සැලකිය යුතු ලෙස සුව වූ පසු ගල්ගමුව ප්‍රදේශයෙන් සියඹලංගමුව ප්‍රදේශයට පිටත් වී තිබෙනවා. ඉසුරුගේ කලාපයෙන් අනෙක් කලාපයට ගිය විට චන්දනලා ප්‍රතිකාර කරන්නට පටන්ගෙන තිබෙනවා. අනතුරුව ඒ සතා නිරෝගී තත්ත්වයට පැමිණ තිබෙනවා.

වෛද්‍ය ඉසුරු ඉල්ලා අස්වී නැහැ. ඒක සාවද්‍ය ප්‍රකාශයක්. ඔහු බයවීමට වඩා කලකිරීමට පත්වෙලා ඇති. කැපවීමෙන් රාජකාරියක් කළාට පසු දරුණු ලෙස විවේචනය කරනවා නම් ඒ අයට තවදුරටත් රාජකාරිය කරන්න හිතෙන්නේ නැහැනේ. ලෝකේ තවත් පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් රස්සා තියෙද්දි ඉතා දුෂ්කර ලෙස තමන්ගේ ජීවිතයත් අවදානමට ලක් කරගනිමින් රැකියාවක් කරන්න පැමිණි විට සමාජ මාධ්‍ය ඔස්සේ කිසිම පදනමක් නැති පහර ගැසීම් කරන විට තවදුරටත් මිනිහෙක් සේවයේ රැඳී සිටිනවා නම් අප ඔහුට ස්තූතිවන්ත වෙන්න ඕනෙ”යනුවෙන් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න