2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි වූ වාහන පිළිබද සියලු ම විස්තර සහ මිලගණන් මෙන් ම ඉදිරියට වාහන වෙළදපළ තුළ ඇතිවිය හැකි ප්රවණතා පිළිබඳ සවිස්තරාත්ම දත්ත විශ්ලේෂණයක් දැන ගැනීමට අවශ්‍ය නම් ඉක්මනින් ම Advocata Insider කෙනකු ලෙස ඒකතු වන්නැයි Advocata ආයතනය ආරාධනා කරයි.
ශ්‍රී ලාංකීය ක්‍රීඩා භාණ්ඩ අලෙවිකරණයේ නව පරිච්ඡේදයක් එක්කරමින් KA Sports ක්‍රීඩා වෙළෙඳ ආයතනය පසුගියදා රාගමදී උත්සවශ්‍රීයෙන් විවෘත කෙරුණා.
ඒ මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, වැනි ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ප්‍රධානත්වයෙන්...
මේ අවස්ථාව සදහා දේශීය පිටියේ මෙන්ම ජාත්‍යන්තර තලයේ නම් දරාපු ක්‍රිකට් ක්‍රීඩකයින් රාශියක් සම්බන්ධ වුනා.
ක්‍රිකට් ක්‍රීඩා කරන කොයි කාටත් සාමාන්‍යය වෙළෙඳපොළේ පවතින මිලට වඩා භාගෙට භාගයක් අඩුවෙන් ගුණාත්මක ක්‍රිකට් ක්‍රීඩා උපකරණ මේ ආයතනය මගින් ලබා ගැනීමට හැකි බව KA Sports අධිපති අමිල කළුගලගේ පවසනවා.
'' මෙහි ඇති විශේෂත්වය තමයි ගුණාත්මක බවින් උසස් සාමාන්‍යය වෙළෙඳපොළේ කිසිම තැනකින් ගන්න බැරි තරම් 50%ක පමණ අඩු මිල ගණන් වලට විශ්වාසයෙන් භාණ්ඩ මිලදී ගන්න පුලුවන් ස්ථානයක් තමයි KA Sports කියලා කියන්නේ....
ඉතිං රාගම මහජන බැංකු ගොඩනැගිල්ලට එන ඔබටත් මේ උසස් තත්ත්වයේ ක්‍රීඩා උපකරණ පහසු මිලකට ලබාගන්න පුලුවන්...'' යයි ද අමිල කළුගලගේ පවසනවා.

දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර රූපලාවණ්‍යය ක්ෂේත්රය පාදක කර ගනිමින් සංචාරක ව්‍යාපාරය දියුණු කර ගැනීමට වැඩපිළිවෙළක් සැකසීමට සූදානම් වෙයි.
ලොව විශාලතම විද්‍යුත් වාහන (EV) නිෂ්පාදකයා වන BYD සමාගම, තාක්ෂණික දෝෂ හේතුවෙන් වාහන 115,000කට අධික සංඛ්‍යාවක් නැවත කැඳවීමට පියවර ගෙන තිබේ.
මෙම සිදුවීම, පිරිවැය අවම කිරීමට සමාගම දක්වන සැලකිල්ල මත ගුණාත්මකභාවය අඩුවීම ඉහළ දැමීමට බල කෙරී ඇතැයි Reuters, BloomBerg ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
සිදුකරන ලද පරීක්ෂණවලින් අනතුරුව, දෙමුහුන් (Hybrid) සහ විද්‍යුත් (Pure-Electric) මාදිලි දෙකම ඉලක්ක කර ගනිමින් මෙම වෙනම කැඳවීම් දෙක සිදුකරන බව එම නියාමන ආයතනය සිකුරාදා (ඔක්තෝබර් 17, 2025) ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේය.
වාහන නැවත කැඳවීම් සුලභ වුවද, මෙම දෝෂ මූලික ධාවන පද්ධති සහ බැටරි උපාංගවලට සම්බන්ධ වීම විශේෂිතය. මේ වසරේ BYD හි ප්‍රධාන ප්‍රතිවාදියා වන Xiaomi සමාගමේ මෝටර් රථ සම්බන්ධ මාරාන්තික අනතුරු දෙකකින් EV ආරක්ෂාව පිළිබඳව චීන පාරිභෝගික කනස්සල්ල ඉහළ ගොස් ඇති පසුබිමක, මෙම දෝෂ තත්ත්වය එම කනස්සල්ල තවදුරටත් වර්ධනය කළ හැකිය.
2015 මාර්තු සහ 2017 ජූලි අතර නිෂ්පාදනය කරන ලද ප්‍රමුඛතම දෙමුහුන් ටැං (Tang) මාලාවේ පැරණි මාදිලියේ ඒකක 44,000ක් පමණ පලමු කැදවීමට ඇතුළත් වේ. උපාංග සැලසුමක සහ ධාවන මෝටර් පාලකයේ (drive motor controller) ඇති දෝෂ හේතුවෙන් පරිපථ පුවරුව දැවී යාමට හෝ, දරුණු අවස්ථාවලදී, බලය අහිමි වීමට පවා ඉඩ ඇත.
2021 පෙබරවාරි සහ 2022 අගෝස්තු අතර නිෂ්පාදනය කරන ලද විද්‍යුත් යුවාන් ප්‍රෝ (Yuan Pro) ක්‍රොස්ඕවර් රථ 70,000ක් පමණ ආපසු කැදවීමට අයත් වේ. බැටරියේ ජල ආරක්ෂිත සැලසුමේ ඇති දෝෂයක් හේතුවෙන් බල නිමැවුම අඩු වීමට ඉඩ ඇත. BYD සමාගම මෙම ගැටලුව සඳහා බැටරි ආවරණයට සීලන්ට් ආලේප කිරීමට සැලසුම් කර ඇත.
BYD සමාගම දේශීය, මිල-තරඟකාරී සමාගමක් ලෙස පැවති ප්‍රතිරූපය ඉවත් කර ගෝලීය සන්නාමයක් ගොඩනැගීමට උත්සාහ කරමින් සිටින අතරවාරයේ, චීනයේ මෝටර් රථ මිල යුද්ධය හේතුවෙන් දේශීය වෙළඳපලෙහි එහි ආධිපත්‍යය අඩු වී ඇත.
මෙම EV දැවැන්තයා, සැප්තැම්බර් මාසයේදී මාස 18කට පසු සිය පළමු මාසික විකුණුම් අඩුවීම වාර්තා කළ අතර, එම කාලය තුළ චීනයේ වැඩිම අලෙවියක් සහිත සන්නාමය ලෙස පැවති තත්ත්වයද අහිමි කර ගත්තේය. එමෙන්ම, වෙළඳපල තුළ පවතින දුෂ්කර තත්ත්වයන් හේතුවෙන්, සමාගමට 2025 වසර සඳහා වූ සිය විකුණුම් ඉලක්කය ඒකක මිලියන 5.5 සිට මිලියන 4.6 දක්වා අඩු කිරීමට ද සිදුවිය.
මහජන බැංකුවේ ‘People’s Tower’ නව ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් සහ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ 02, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මාවතේ, අංක 374 දරණ ස්ථානයේදි 2025 ඔක්තෝබර් මස 07 වැනි දින සුබ මොහොතින් විවෘත කෙරිණි.

පුරා හැට හතර වසරකට අධික කාලයක් මු`ඵල්ලේ පොදු ජනතාවට මූල්‍ය පහසුකම් පිරිනැමිමෙන් මෙන්ම මෙරට සමාජ, ආර්ථික පුනරුදයට අසමසම දායකත්වයක් දක්වමින් දැයේ උන්නතියට කැපවූ මහජන බැංකුව, මෙම නව ප්‍රධාන කාර්යාලයට පිවිසීම මෙරට බැංකු හා මුල්‍ය ඉතිහාසයේ සුවිශේෂ මං සලකුණක් වනු ඇත. බැංකුවේ මෙන්ම දේශයේ ආර්ථික වර්ධනය මින් මනාව නිරුපණය වන අතර, මහජන බැංකුවෙන් රටට සහ ජනතාවට ලබාදෙන සේවාව මේ තුළින් තවදුරටත් පු`ඵල් කිරීමේ හැකියාව සැලසේ.
මෙම නව ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල මහල් 22කින් සහ භුගත මහල් 3කින් සමන්විත වන අතර, මහජන බැංකුවේ පාරිසරික තිරසරභාවය පිළිබඳ ප්‍රතිපත්තියට අනුව මෙය සම්පූර්ණයෙන්ම හරිත ගොඩනැගිලි සංකල්පයට අනුගතව ඉදිකර තිබිම විශේෂත්වයකි. එමෙන්ම මෙම ගොඩනැගිල්ලට අංග සම්පූර්ණ පහසුකම් වලින් සපිරි ශ්‍රවණාගාරයක්, ලේඛනගත කිරීමේ ඒකකයක්, නවීන ආපනශාලාවක්, වෛද්‍ය මධ්‍යස්ථානයක්, සම්මන්ත්රණ ශාලා ඇතු`ඵ විශේෂ පහසුකම් රැසක් ඇතුළත්ය.
මෙහි මහජන බැංකුවේ මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයද පිහිටුවා ඇති අතර, ගනුදෙනුකරුවන්ට අති නවීන ඩිජිටල් බැංකු පහසුකම් පිරිනැමිමේ අරමුණින් මහජන බැංකුවේ යුනියන් පෙදෙස ශාඛාවද මෙහි ස්ථාපිත කර ඇත. එමෙන්ම මහජන බැංකුව නව ප්‍රධාන කාර්යාලයට පිවිසීම නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ විශේෂ සමරු කවරයක් සහ මුද්දරය එළිදැක්වීමද මෙහිදි සිදුකෙරිණි.
මහජන බැංකුවේ පැරණි ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල කොළඹ 02, සර්. චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතේ 1977 වසරේදි පිහිටවූ අතර, ඉන් දශක ගණනාවකට පසු ස්ථාපිත කළ මෙම නව ප්‍රධාන කාර්යාලය, රාජ්‍ය බැංකුවක් සහ ජාතික ආයතනයක් ලෙස මහජන බැංකුවේ ස්ථාවරත්වය, නව්‍යත්වය, කාර්යක්ෂමතාව සහ අභිමානය පිළිඹිබු කරයි.
මෙම විවෘත කිරීමේ අවස්ථාවට මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහතා ඇතු`ඵ ආයතනික සහ විධායක කළමනාකාරිත්වය, ආරාධිතයින්, ගනුදෙනුකරුවන් සහ කාර්ය මණ්ඩලය සහභාගි වූහ.
මහජන බැංකුව 1961 ජුලි මස 01 වැනිදා පිහිටවූ අතර, මේ වන විට රුපියල් ට්‍රිලියන 3.7කට අධික වත්කම් වලින් යුත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයකි. දිවයින පුරා පිහිටා ඇති මහජන බැංකු ශාඛා සංඛ්‍යාව 750කට අධික වන අතර, 8000ක පමණ කාර්ය මණ්ඩලයකින් සමන්විතය. සමස්ත ගනුදෙනුකාර ප්‍රජාව මිලියන 15.2කට අධික වන අතර, එය මෙරට වානිජ බැංකුවක් වටා එක්ව සිටින විශාලතම ගනුදෙනුකාර සංඛ්‍යාව වීම විශේෂත්වයකි.
එමෙන්ම මහජන බැංකුව මෙරට ඩිජිටල් බැංකුකරණයේද ප්‍රමුඛයා වන අතර, වර්තමානය වන විට එහි ඩිජිටල් ගනුදෙනුකරුවන් සංඛ්‍යාව මිලියන 3.5කට අධිකය. වගකිය යුතු රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව ගනුදෙනුකරුවන්ට මූල්‍ය පහසුකම් ලබාදීමෙන්ම නොනැවති මෙරට සමාජ ආර්ථික ප්‍රගතිය උදෙසා ද විශාල මෙහෙවරක් සිදුකර තිබේ.
මීට අමතරව රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව අපනයන, අධ්‍යාපන, සෞඛ්‍ය, අධිවේගි, මාර්ග, සංචාරක, යටිතල පහසුකම් ආදි ක්ෂේත්රයන් සඳහා මූල්‍ය පහසුකම් ලබාදෙමින් රටේ ආර්ථික සංවර්ධනයට දැක්වූ දායකත්වයද සුවිශාලය.


නාගරික පොදු ප්‍රවාහන සේවා ආයතනයක් ලෙස Lanka Metro Transit (Pvt) Ltd ඊයේ (08) සිට සිය පරිපාලන කටයුතු ආරම්භ කළේය.
ඒ අනුව, ලබන වසරේ මැද කාර්තුවේ සිට එහි ප්‍රවාහන මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ නාගරික පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ආරම්භ කර ඇති මෙම පොදු ප්‍රවාහන සේවය පිළිබඳ පිළිබඳ අවධාරණය කරමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය, බිමල් රත්නායක සඳහන් කළේ,
“පොදු මගී ප්‍රවාහනය සුවපහසු කිරීමට නව රජයේ අයවැයෙන් රුපියල් මිලියන 3000 ක් වෙන්කරලා තිබෙනවා. ඒ යටතේ බස් මිලදී ගැනීම සඳහා මේ වනවිට ටෙන්ඩර් කැඳවලා තිබෙනවා. අපි සතුටු වෙනවා, මෙට්‍රො බස් සමාගම අලුතෙන් ආරම්භ කරද්දි, ලබාගන්නා බස්, අධ්යක්ෂ මණ්ඩලය, සේවක පිරිස් වගේම මගී ජනතාවත් නව අදහස් වලින් යුත් පිරිසක් වේවි. ලබන වසරේ මැද වනවිට මේ නව බස් රථ ජනතා සේවයට කැපකිරීමට හැකිවෙතැයි බලාපොරොත්තු වෙනවා.
පිරිසිදු, සාධාරණ, මෙන්ම සුවපහසු මගී ප්‍රවාහන සේවයක් වෙනුවෙන් ජනතාවට විශාල බලාපොරොත්තුවක් මෙන්ම අවශ්‍යතාවක් තිබෙනවා. ඒ ජනතා සිහිනය ඉටු කරන්න තමයි අපි මේ සැරසෙන්නේ. ප්‍රථමයෙන් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කෙරෙන මේ මෙට්‍රෝ බස් සේවාව, සමස්ත රට තුළම ව්‍යාප්ත වේවි. ඕනෑම දෙයක් ආරම්භ කිරීමේදී විශාල කැපකිරීම් සිදු කිරීමට සිදුවෙනවා. නමුත් එහි ප්‍රතිඵල ඉතාමත් ලස්සනයි. පවුලට ලැබුණ අලුත් දරුවෙක් රැක බලාගන්නා ආකාරයෙන් සෑම කෙනෙක්ම මේ නව සේවාව ආරක්ෂා කරගනීවි යැයි බලාපොරොත්තු වෙන” බවය.
නියමු ව්‍යාපෘතියක් වශයෙන් බස්නාහිර පළාත තුළ ප්‍රථමයෙන් ක්‍රියාත්මක කෙරෙන මේ සඳහා බස් රථ 100ක් ලබාගැනීමට මේ වනවිට ටෙන්ඩර් කැඳවා තිබේ. තවද ඒ සඳහා 2025 අයවැයෙන් රුපියල් මිලියන 300ක් පමණ වෙන්කර තිබෙන අතර, 2026 අයවැයෙන් තවත් රුපියල් මිලියන 200ක් වෙන්කිරීමට බලාපොරාත්තුවන බව ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.
චීන මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන BYD සමාගම එක්සත් රාජධානිය චීනයෙන් පිටත විශාලතම වෙළඳපොළ බවට පත්ව එක්සත් රාජධානියේ සිය නිෂ්පාදන අලෙවිය පෙර වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව මේ වසරේ සැප්තැම්බර් මාසයේදී 880% කින් ඉහළ නංවාගෙන තිබේ.
සමාගම පවසන්නේ පසුගිය මාසයේ එක්සත් රාජධානියේ මෝටර් රථ 11,271 ක් අලෙවි කළ බවත්, එහි Seal U ක්‍රීඩා උපයෝගිතා වාහනයේ (SUV) ප්ලග්-ඉන් දෙමුහුන් අනුවාදය එම විකුණුම්වලින් බහුතරයක් සඳහා දායක වූ බවත්ය.
යුරෝපීය සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි අනෙකුත් ප්‍රධාන වෙළඳපොළවල් මෙන් නොව, චීන EV සඳහා එංගලන්තයේ තීරුබදු පනවා නොමැති බැවින්, BYD වැනි සමාගම් සඳහා එක්සත් රාජධානියේ ප්‍රධාන තරගකරුවෙක් බවට පත්ව තිබේ.
BYD, සැප්තැම්බර් මාසයේදී එක්සත් රාජධානියේ වෙළඳපොළේ එහි කොටස 3.6% දක්වා ඉහළ නංවා ගැනීමටද සමත්ව තිබේ.
ඉදිරි මාසවලදී සමාගම තවත් නව දෙමුහුන් සහ විදුලි මෝටර් රථ දියත් කරනු ඇති බව BYD හි එංගලන්ත කළමනාකරු බෝනෝ ගී පැවසීය. සිය 100 වන සිල්ලර වෙළඳසැල විවෘත කිරීමත් සමඟ බ්‍රිතාන්‍යයේ සන්නාමයේ අනාගතය "අතිශයින්ම උද්යෝගිමත්" බව ඔහු පැවසීය.
(ada.lk)
ශ්‍රී ලංකාවේ ආර්ථික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන විදේශීය සෘජු ආයෝජන (FDI) ප්‍රමාණය අපේක්ෂිත මට්ටමට වඩා බෙහෙවින් පහළ අගයක පවතින බව ලෝක බැංකුව පෙන්වා දෙයි.
මේ පිළිබඳව ඔවුන් අනතුරු අඟවන්නේ, ආර්ථික ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් කඩිනම් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාවට නැංවීම අනිවාර්ය බව අවධාරණය කරමිනි.
ලෝක බැංකුව පවසන පරිදි, රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 1.5ක මට්ටමක FDI තිබිය යුතු වුවත්, දැනට ළඟා කරගෙන ඇත්තේ සියයට 0.5ක් තරම් ඉතා සුළු අගයකි. රටේ සංවර්ධන අභිලාෂයන් වෙනුවෙන් මෙම අගය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ඔවුන්ගේ මතයයි.
මීට පෙර පවා FDI ප්‍රවාහය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1ක් පමණ වුවද, එය තවදුරටත් පිරිහීමකට ලක්ව ඇති බව ලෝක බැංකු නියෝජිතයෝ පෙන්වා දෙති. තවද, වියට්නාමය සහ මැලේසියාව වැනි සම කලාපීය රටවල් GDP යෙන් සියයට 3ක් වැනි ඉහළ FDI අගයන් වාර්තා කරන බවද ඔවුහු සඳහන් කළහ.
අද දින මෙරට තත්ත්වය යාවත්කාලීන කිරීමේ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මාලදිවයින සහ ශ්‍රී ලංකාව භාර රිචඩ් වෝකර් මහතා ප්‍රකාශ කළේ, 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක FDI ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමේ රජයේ ඉලක්කය කරා ලඟා වීමට නම් ශ්‍රී ලංකාවට විශාල වෙනස්කම් ගණනාවක් සිදු කිරීමට සිදුවන බවයි.
ඔහු විශේෂයෙන්ම අවධානය යොමු කළ පරිදි, ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමේදී ඇති ප්‍රධානතම බාධාව වන්නේ ඉඩම් සඳහා ප්රවේශවීමේ දුෂ්කරතාවයයි. මෙරට ඉඩම්වලින් 80%ක්ම රජය සතු වීමත්, ඒවා නිලධාරිවාදය සහ අමාත්‍යාංශ පාලනය යටතේ පැවතීමත් නිසා විදේශීය ආයෝජකයෝ අධෛර්යමත් වෙති. මෙම තත්ත්වය කෘෂිකාර්මික අංශයේ ආයෝජන සඳහා විශේෂයෙන්ම අහිතකර ලෙස බලපා ඇත.
මීට අමතරව, දශක හයකටත් වඩා පැරණි කම්කරු නීති හේතුවෙන් ව්‍යාපාරික කටයුතු වල නම්‍යශීලීභාවය සීමා වීම තවත් ගැටලුවකි. මෙම නීති මගින් සමහර ක්ෂේත්රවල කාන්තාවන් සඳහා වන රැකියා අවස්ථා සීමා කිරීමද ආර්ථික වර්ධනයට බාධාවක් බව වෝකර් මහතා පෙන්වා දුන්නේය.
වෝකර් මහතා දැඩිව අනතුරු අඟවා සිටියේ, මෙම ව්‍යුහාත්මක ගැටලු නොවිසඳන්නේ නම්, විදේශ ආයෝජන සඳහා ගෝලීය වශයෙන් තරඟ කිරීමට ශ්‍රී ලංකාවට නොහැකි වනු ඇති බවයි. එබැවින්, FDI ප්‍රවාහය වැඩි කිරීමට සහ ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම්, ඉඩම් පාලනය වැඩිදියුණු කිරීම, කම්කරු රෙගුලාසි නවීකරණය කිරීම සහ වඩාත් ආයෝජක හිතකාමී ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීම අතිශය තීරණාත්මක පියවරයන් බව ලෝක බැංකුව අවධාරණය කර සිටී.
PRESS RELEASEOCTOBER 7, 2025
Sri Lanka’s Economic Recovery Remains Incomplete as Key Challenges Remain
ශ්‍රී ලංකාව විදේශීය හා දේශීයව අමෙරිකානු ඩොලර් බිලියන 37ක ණය ප්‍රමාණයක් ලබාගෙන ඇති බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.
ඒ බව අනාවරණය වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය සම්බන්ධයෙන් කාරක සභාව කල විමසීමකදී එම අවස්ථාවට කැඳවා සිටි රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාල නිලධාරීන් පැවසුවේ විදේශ ණය අමෙරිකානු ඩොලර් බිලියන 37 ක් ලබාගෙන ඇති අතර එය රුපියල් ට්‍රිලියන 19.6 ක්.
ණය ලබාගැනීම් සම්බන්ධ ක්‍රියාවලිය වර්තමානය වන විට සම්පුර්ණයෙන්ම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාල හා සිදුවේ.
හේතුවෙන් ඒ සඳහා නිපුණතාවෙන් යුතු නිලධාරීන් බඳවාගැනීමේ වැදගත්කමද මෙහිදී කාරක සභා සභාපතිවරයා සඳහන් කරන ලදි.
ආර්ථික අර්බුදයෙන් පසු මෙරට ආර්ථික වර්ධනය මේ වනවිට 5%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජූලි කොසැක් පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ බව පැවසුවාය.
එහිදී කොසැක් මහත්මය වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ආකර්ෂණීය ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බවය.
තවදුරටත් අදහස් දැක්වූ කොසැක් මහත්මිය,
"ශ්‍රී ලංකාවේ පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් මට කිව හැකි දේනම් එය අඛණ්ඩව ආකර්ෂණීය ප්‍රගතියක් අත්කර ගෙන තිබෙනවා. උද්ධමනය තවමත් අඩු මට්ටමක පවතින අතර, රජයෙන් ආදායම් රැස්කිරීම වැඩිදියුණු වෙමින් පවතිනවා.
ඒ වගේම ජාත්‍යන්තර සංචිත එකතු වෙමින් පවතිනවා. 2024 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 5%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය කැපී පෙනෙන ජයග්‍රහණයක්.
අයවැයේ ආදායම්-දළ දේශීය නිෂ්පාදිත අනුපාතය 2022 පැවති 8.2% සිට 13.5% දක්වා වැඩිදියුණු වෙලා තිබෙනවා. එය සැලකිය යුතු වැඩිවීමක්. ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය බොහෝදුරට සම්පූර්ණ වෙලා තිබෙනවා.
සමස්තයක් ලෙස වැඩසටහන් කාර්ය සාධනය ඉතා ශක්තිමත් බව කිව හැකියි. රජය විස්තීර්ණ අරමුදල් වැඩසටහනේ අරමුණු සඳහා කැපවී සිටින බවත් කිව හැකියි.
විස්තීර්ණ අරමුදල් පහසුකමෙහි පස්වන සමාලෝචනය පැවැත්වීම සඳහා අපේ කණ්ඩායම දැන් ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටිනවා. ඒ අනුව පස්වැනි සමාලෝචනයේ කාලවකවානු පිළිබඳව අපේ කණ්ඩායම ඉදිරියේදී දැනුම් දේවි" ඇය පවසයි.
වීඩියෝ
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හෝටලයක් වන කොළඹ හිල්ටන් හෝටලයේ අමුත්තන්ගේ කාමර ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන සාර්ථකව අවසන් කළ බව පසුගිය දා එම ව්‍යාපෘතිය මෙහෙයවූ හොටෙල් ඩිවෙලොපර්ස් (ලංකා) ලිමිටඩ් විසින් සඳහන් කරන ලදී. මෙම ව්‍යාපෘතිය හෝටලයේ අඛණ්ඩ පරිවර්තනීය ගමන කෙරෙහි බෙහෙවින් ඉවහල් වන වැදගත් සන්ධිස්ථානයක් වනු ඇත.

ආගන්තුක සත්කාර ක්ෂේත්රය තුළ පවතින ඉහළ තරඟකාරීත්වය හමුවේ මෙම හෝටලයේ වටිනාකම තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය දියත් කෙරිණි.ශ්‍රි ලංකාවේ සංචාරක කර්මාන්තයේ ධනාත්මක ගමන් මග සහ එහි සුබවාදී දැක්ම කෙරෙහි ද මෙමඟින් මනා දායකත්වයක් සපයයි.
ශ්‍රී ලංකාවේ හෝටල් කර්මාන්තය තුළ වසර 35කට අධික අත්දැකීමක් සහ ඉතිහාසයක් ඇති කොළඹ හිල්ටන් හෝටලය නවීන මෙන්ම සුඛෝපභෝගී පහසුකම් රැසකින් සමන්විත අතර එහි අමුත්තන්ගේ කාමර සහ සූට්ස් 368ක් තිබේ.එපමණක් නොව වැඩිදියුණු කළ පොදු පහසුකම් රාශියක් මෙන්ම කාමර, අති නවීන භෝජනාගාර , අවන්හල් , රැස්වීම් පහසුකම් අන්තර්ගත වේ.

මේ සියලුම පහසුකම් ඔස්සේ හිල්ටන් හෝටල සන්නාමයේ ගෝලීය ප්‍රමිතීන්ට අනුව සේවාවන් පිරිනමනු ලැබේ.
2025 වසරේදී සමාගමේ ලාභදායිතාවය සහ කාර්යක්ෂමතාවය වර්ධනය කිරීමේ අරමුණින් උපායමාර්ගික සැලසුම් කිහිපයක්ම ක්‍රියාත්මක විය. සාර්ථක ණය ප්‍රතිමූල්‍යකරණය ද මීට ඇතුළත් වූ අතර එමඟින් ණය ගැනීමේ පිරිවැය සැලකිය යුතු මට්ටමින් අවම කරමින් මූල්‍ය නම්‍යශිලීත්වය ඉහළ නැංවීය.සමාගමේ ලාභදායිතාවය මෙන්ම දිගු කාලීන මූල්‍ය තිරසාරභාවය වර්ධනය කෙරෙහි එය ඉතා උපකාරී වේ.
මීට අමතරව මෙහෙයුම් කාර්යක්ෂමතාවය සහ තිරසාර ලාභදායිතාවය වැඩි දියුණු කිරීම වෙනුවෙන් පිරිවැය ප්රශස්ත කිරීමට ද සමාගම කටයුතු කර ඇත. මේ හරහා වැටුප් ලබාදීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම මෙන්ම මෙහෙයුම් සහ පරිපාලන කටයුතු සඳහා වැයවන පිරිවැය අවම කරමින් පිරිවැය තත්ත්වයන් වඩාත් යහපත් පරිදි කළමනාකරණය කිරීම පිළිබඳ අවධානය යොමු කර ඇත.

තරඟකාරී වෙළෙඳපල තුළ හෝටලයේ ආදායම් තත්ත්වය වර්ධනය කරගනිමින් එහි මෙහෙයුම් කටයුතු වඩාත් තරඟකාරී ලෙස පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සම්පත් වෙන් කිරීමට සමාගම ක්‍රියා කර තිබේ. ඒ තුළින් කොළඹ හිල්ටන් හෝටලයේ වාණිජ සහ අලෙවිකරන හැකියාවන් තවදුරටත් ඉහළ නැංවේ.
සමාගමේ ලාභදායිතාවය වැඩි දියුණු කිරීමේ අභිලාෂයෙන් වසර 08කට පසුව කොළඹ හිල්ටන් හෝටලය විසින් සතුටුදායක ජයග්‍රහණයක් ලබාගැනීමට කැපවෙමින් සිටියි. එමඟින් සමාගමේ උපායමාර්ගික ව්‍යාපෘති සහ තිරසාර මෙහෙයුම්වල විශිෂ්ටත්වය මැනවින් පිළිඹිබු වේ.
මෑතකාලීනව ප්රමුඛ පෙළේ තරු 5 හෝටල් කිහිපයක්ම මෙරට වෙළෙඳපල වෙත පැමිණීමත් සමඟ හෝටල් කර්මාන්ත ක්ෂේත්රය වෙත නව හෝටල් කාමර දහසකට අධික සංඛ්‍යාවක් අලුතින් එක් වී ඇත.එවැනි තරඟකාරී පසුබිමක් තුළ කොළඹ හිල්ටන් හෝටලය විසින් සාර්ථකව දියත් කළ මෙම සුවිශේෂී සැලසුම් බෙහෙවින් වැදගත් වේ.

හිල්ටන් හෝටලය විසින් 2026 වසරේදී ද සිය ආදායම් තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා තවත් උපායමාර්ගික සැලසුම් රැසක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. ඒ අතර බොහෝ කලක සිට ඉදිකිරීමට සැලසුම් කරන ලද 'ශ්‍රී ලන්කන් කරී ලීෆ් රෙස්ටුරන්ට්' සහ හෝටලයේ ප්‍රධානතම 'ග්‍රෑන්ඩ් බෝල්රූම් ශාලාව' නවීකරණය කිරීම ප්රමුඛ වේ. හෝටලයේ ආහාර පාන සඳහා ලැබෙන ආදායම සැලකිය යුතු මට්ටමින් ඉහළ නංවමින් ලාභදායීතාවය වර්ධනය කිරීම මෙහි අරමුණයි.
ග්‍රෑන්ඩ් බෝල්රූම් ශාලාව
කොළඹ හිල්ටන් හෝටලය ව්‍යාපාරයේ ලාභදායිතාවය ඉහළ නැංවීමේ අරමුණින් හිල්ටන් මැනේජ්මන්ට් කෝර්පරේෂන් සමඟ ඇති ගිවිසුම පිළිබඳ නැවත සාකච්ඡා කිරීමේ ක්‍රියාවලියක නිරත වී සිටියි.මෙම ව්‍යාපෘති මඟින් සමාගමේ මෙන්ම එහි කොටස්කරුවන්ගේ ද සමස්ත වටිනාකම වර්ධනය කිරීමට බලාපොරොත්තු වේ.
Ada derana.lk
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
