ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට ලබා දෙන ණය සහන පිළිබඳ කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
"ආපදාවට ලක් වූ ඔබ දැනටමත් පුද්ගලයෙක් විදිහට හෝ ව්‍යාපාරයක් ලෙස ණයක් අරගෙන තියෙනවා නම් ඒ ණය සහ පොලිය ආපසු ගෙවීම හෝ දෙකම එකවර ගෙවීමට මාස 03 සිට 06 දක්වා කල් ලබාදෙන්න කියලා ඉල්ලීම් කරනවා. අත්හිටුවන ලද කාලෙයේදී ගිවිසුම් ගත වෙලා තියෙන පොලී අනුපාතයට වඩා වැඩි පොලී අනුපාතයක් අය නොකරන ලෙසත්, ඒ වගේම කල් දමන පොලියට ඇතිවන පොලිය සඳහා පොලිය අයකරන්න එපා කියලා කියලා තියෙනවා. දෙවන කාරණය තමයි බලපෑමට ලක්වුණු අයට අලුතෙන් ණය පහසුකම් ලබාදීම. මේ සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව තියෙනවා. පුද්ගලයන්ටත් ව්‍යාපාරවලටත් ණය ඉල්ලීමේදී ක්ශ්‍රේත්‍ර කිහිපයක් තියෙනවා."
"එකක් තමයි කලින් සඳහන් කරපු කාලසීමාව ඉක්ම වෙලා මාස තුනක සහන කාලයකින් පසුව ආපසු ගෙවීම් ආරම්භ කරන ණය ලබාදෙන්න කියලා තමයි කියලා තියෙන්නේ උදාහරණයක් ලෙස සහන කාලය මාස 06ක් ලබා දෙනවා පවතින ණයවලට. අලුතින් ණයක් ලබාගත්තනම් ඒ ණයට ආපසු ගෙවීමට තව මාස 03ක කාලයක් ලබාදෙනවා. ලබාදෙන අලුත් ණය වෙනුවෙන් පොලිය අයකිරීමේදී ඒ පුද්ගලයා හෝ ආයතනය අතීතයේ අවුරුදු දෙකක ලාබාගෙන තිබුණු බර තැබූ පොලී අනුපාතය හෝ 9%ක් කියන පොලී අනුපාතයෙන් අඩු අගය තමයි අය කළ යුතු වන්නේ. එයත් ස්ථාවර පොලියක් ලෙස තමයි ලබාගත යුතු වන්නේ."
"ඒ අනුව තුන්වන කාරණය තමයි ව්‍යාපාර කටයුතු කරද්දී චෙක්පත් ලබාදෙනවා ඒවා අගරු වෙන්න පුළුවන් ඒවා ගෙවීම් නැත්වීම සඳහා බැංකුවෙන් අයකරන ප්‍රමාද ගාස්තු විවිධ වූ ගාස්තු අය කිරීම 2026 ජනවාරි 31 වනදා දක්වා අත්අහිටුවලා තියෙනවා. නමුත් ඒ අය කිරීම් ව්‍යාපාරික ඔබ කලබල වෙන්න පුළුවන් ස්ව්‍යංක්‍රීය ක්‍රම මගින් මේවා අයවෙලා තියෙන්න පුළුවන් එහෙම අයවෙලා නම් ව්‍යාපාරික දින තුනක් තුළ ඔබගේ ගිණුමට බැර කිරීම පිළිබඳවත් යෝජනා කරලා තියෙනවා. ඒ වගේම අලුත් ණය ඉල්ලා සිටිනකොට ණය තොරතුරු කාර්යාංශය වාර්තාව මත පමණක් පදනම් වෙලා තීන්දු ගන්න එපා. ඒ සිද්ධියෙන් සිද්ධියට බලලා ඒ පුද්ගලයාට ණය ලබාදෙන්න කියලා අපි යෝජනා කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් පැන නැගිලා තිබුණොත් එය මහ බැංකුවේ අදාළ විමර්ශන ආයතනයට දැනුම්වත් කරන්න."

