Image

නුවන් බෝපගේගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ඉදිරියේදී!

නුවන් බෝපගේගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ඉදිරියේදී!

ගෝඨාගෝගම අරගලයේ  ක්‍රියාකාරී නීතිඥයකු වන නීතිඥ නුවන් බෝපගේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවන ලැදැයි සඳහන් කරමින්, ඒ සඳහා වන්දි වශයෙන් රුපියල් කෝටි පහක මුදලක් ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ඉදිරියේ දී  ප්‍රකාශයකට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.

ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර සහ සම්පත් විජේරත්න යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (23) විභාගයට ගනු ලැබිනි.

2022 වසරේ ජූලි 22 වැනි දා ගෝඨාගෝගම අරගල භූමියේ දී විරෝධතාවය නිරතව සිටියදී පොලිස් පිරිසක් පැමිණ පහරදී පසුව රිමාන්ඩ් භාරයට පත්කර ඇප මත මුදා හැරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවු බව සඳහන් කරමින් නීතිඥ නුවන් බෝපගේ විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් කොටුව පොලිසියේ ස්ථානාධිපති, කෙසෙල්වත්ත පොලිසියේ ස්ථානාධිපති, මරදාන පොලීසියේ ස්ථානාධිපති, ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න