Image

නවසීලන්තයේ විදුහලක වැඩිම සම්මාන ලාංකික දියණියකට!

නවසීලන්තයේ විදුහලක වැඩිම සම්මාන ලාංකික දියණියකට!

නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි පිහිටි Avondale College විද්‍යාලයේ 2026 Senior Prizegiving උළෙලේදී වැඩිම සම්මාන ගණනක් හිමිකර ගනිමින් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සවින්දි දිසානායක ශිෂ්‍යාව විශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබේ.

එමෙන්ම, එම විද්‍යාලයේ 2026 වසරේ NCEA විභාගයෙන් දෙවැනි ඉහළම දක්ෂතාවය දැක්වූ ශිෂ්‍යාව ලෙස ද සවින්දි දිසානායක තේරී පත් වී ඇත.

ඒ අනුව, ඇය දෙවැනි ඉහළම දක්ෂතාව දැක්වූ ශිෂ්‍යාව ලෙස 'Proxime Accessit' ලෙස නම් කර ඇති බව Avondale College විද්‍යාලය සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ නිවේදනය කර ඇත

savindidissanayake

ඇය ලබා ගත් සම්මාන :

  • ජීව විද්‍යාව ප්‍රථම ස්ථානය (1st Place - Level 3 NCEA Biology)
  • රසායන විද්‍යාව ප්‍රථම ස්ථානය (1st Place - Level 3 NCEA Chemistry)
  • ගණිතය දෙවැනි ස්ථානය (2nd Place - Level 3 NCEA Mathematics)
  • Matafai Family Shield: පාසල් භාරකාර මණ්ඩලයේ ශිෂ්‍ය නියෝජිතවරිය ලෙස දැක්වූ විශිෂ්ට නායකත්වය වෙනුවෙන්.
  • Terry Jones Memorial Cup: විද්‍යා විෂයන් දෙකකින් දැක්වූ විශිෂ්ට දක්ෂතාව වෙනුවෙන්.
  • Phil Raffills Memorial Scholarship: "(Get to the top but take someone with you) යන දර්ශනයට අනුව කටයුතු කිරීම වෙනුවෙන්.

විද්‍යාලයේ ශිෂ්‍ය නියෝජිතවරියක ලෙස වගකීම් දරමින්, සමාජ සේවය, ක්‍රීඩා සහ කලා ඇතුළු විෂය බාහිර ක්‍රියාකාරකම් රැසකටද සක්‍රීයව දායක වන අතරතුර ඇය මෙම සුවිශේෂී අධ්‍යයන ජයග්‍රහණ අත්කරගෙන තිබීම විශේෂත්වයක්.

සිය දියණියගේ මෙම ජයග්‍රහණය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඇයගේ පියා වන මොහාන් දිසානායක සඳහන් කර ඇත්තේ, මෙය තම පවුලට අතිශය ආඩම්බරකාර මොහොතක් බවයි.

888089256 29383963001220873 3551870740006357176 n

 

සවින්දි දිසානායක දියණියට අපගේ උණුසුම් සුබ පැතුම්.

886376258 29383957031221470 3939154856867044200 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න