Image

පිල්ලෙයාන් අධිකරණයට සාක්ෂි දෙයි; අපහාස නඩුව ලබන වසරට කල් යයි

පිල්ලෙයාන් අධිකරණයට සාක්ෂි දෙයි; අපහාස නඩුව ලබන වසරට කල් යයි

මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර එයින් තමන්ට අපහාසයක් සිදු වූ බව පවසමින්, නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ විසින් ගොනු කර තිබූ නඩුවක් ලබන වසරේ (2027) ජනවාරි මස 07 වැනිදා දක්වා කල් තැබීමට ගල්කිස්ස දිසා අධිකරණය අද (23) නියෝග කළේය.

නඩුව අද ගල්කිස්ස දිසා අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.

මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පෙත්සම්කාර සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් බන්ධනාගාර නිලධාරීන් විසින් අද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර, එහිදී ඔහු අධිකරණය හමුවේ සාක්ෂි ලබා දීම ද සිදු කළේය.

මෙහි වගඋත්තරකරු වන මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් ද අද අධිකරණය හමුවේ පෙනී සිටියේය. අද දිනයේ පාර්ලිමේන්තු සැසිවාරයක් පැවැත්වෙන බැවින් ඊට සහභාගී වීමට අවශ්‍ය බවට මන්ත්‍රීවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කර පිටව ගියේය.

වගඋත්තරකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න