ප්‍රේමය යනු මනුෂ්‍ය ආත්මයේ ගැඹුරුම සංවේදන ස්පර්ශ කරන, එහෙත් වචනවලට හසුකර ගැනීමට අතිශය දුෂ්කර මාන සහිත සුන්දර මෙන්ම සංකීර්ණ හැඟීමකි. ප්‍රේමනීය මතකවල තැවරුණු සුන්දරත්වය, නොප්රකාශිත ආදරයක ඇති අහිංසක බව, විරහවේ කටුක බව මෙන්ම සපිරි ප්‍රේමයක් අහිමි වීමෙන් පසු ඉතිරිවන පශ්චාත්තාපයේ බරද මනුෂ්‍ය පැවැත්මේ නිරන්තර නියතිය යි. නිලංග දිල්හාන් ගේ ''රතු කුරුමිණි හින'' කාව්‍ය සංග්‍රහය යනු මෙම මානුෂීය චිත්තවේගීය පරිණාමය සහ පැවැත්මේ ඇති දාර්ශනික අස්ථිර බව අතිශය සරල, එහෙත් අතිශය තීව්ර කාව්‍යමය සංකේත භාවිතයෙන් විනිවිද දකින අපූර්ව නිර්මාණ එකතුවකි.
රටෙහි කිසියම් ප්‍රශ්නයක් ඇති වූ සැණින් ම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ රටේ ජනතාව ඇමතුව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් රැගෙන එන්නට සූදානම් වීම සම්බන්ධයෙන් හෙතෙම මේ වන තෙක් පාර්ලිමේන්තුවේ හෝ වෙනත් කිසිම ස්ථානයක දී වචනයක් හෝ ප්‍රකාශ කර නැතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු උපලේකම්වරයකු, ජාතික ජබ බලවේගයේ හිටපු විධායක කමිටු සාමාජිකයකු ද වන නීතිඥ චරිත් ගල්හේන පැවසී ය.
රට තුළ දේශපාලන ක්ෂේත්රය පිළිබඳව විමසීමේ දී නැවත අවස්ථාවාදී ආගමික නැඹුරුවකට රටේ දේශපාලය ගමන් කරන බව පෙනී යයි. ඊයේ (03) දිනයේ දී බටහිර නීතිය අනුගමනය කරන නීතිඥ සංගමයේ සභාපති මෙන්ම ආණ්ඩුවේ ඇමතිවරුන් ද ගොස් මල්වතු අස්ගිරි හිමියන් හමුවීමට කටයුතු කළේ ය. එම හමුව සම්පූර්ණයෙන් කේන්ද්‍රගත වූයේ විනිසුරුවන් ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධයෙනි.
ගීතයක ප්‍රකාශන හිමිකම පිළිබඳ සංවාදයක් නැවතත් කරළියට පැමිණ තිබෙන්නේ පසුගිය දා ග්රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති ප්‍රවීණ ගායන ශිල්පී ජගත් වික්‍රමසිංහ විසින් මාධ්‍ය හමුවේ පළ කළ අදහස් දැක්වීමත් සමග ය.
ඔහු එම අදහස් පළ කළේ මේ වන විට ගීතයක අයිතිය (Copyright) පිළිබඳව ගායන ශිල්පීන් මුහුණ දී ඇති බව කියන අසාධාරණ තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය දැනුවත් කිරීමට ගිය අවස්ථාවේ දී ය.
තිළිනා වීරසිංහ ගේ කුඩා ග්රන්ථ කිහිපයට නිසි අවධානයක් ලැබුණේ දැයි සැක සහිතය. මා ලියූ "සියාමා" පොත හදිසියේ වැඩි වියට පත් දැරියක ගේ සහ ඒ දැරිය දෙමාපියන් නොමැතිව ලෝකයට තරුණියක සේ මුහුණ පානා ආකාරය පිළිබඳ සටහනකි . තිළිණා ගේ පොත් කියවද්දී මට සිතුණේ අප දෙදෙනා ම එක හා සමාන ලෙස මේ ස්ත්‍රී අපයෝජනය, වධ හිංසා සහ අසාධාරණ හංවඩු ගැසීම් එකසේ හෙලා දකින බවයි.
මුහුද හරහා කිසිවකු ස්පාඤ්ඤයට පැමිණියේ නම් (අනවසරයෙන් හෝ) ඔහු හෝ ඇය ආපසු හරවා යැවිය නොහැකි යැයි ස්පාඤ්ඤයේ ඉහළ ම අධිකරණය ජූලි මාසයේ මැද දී පමණ නීති තර්කයක් ගෙනවිත් ඇති බවත්, එම උසාවි තීරණය ඇතැම් මිනිස් ජාවාරම්කාර තැරැව්කරුවන් තමන්ගේ වාසියට භාවිත කර ඇතැයි බටහිර මාධ්‍ය පවසන්නේ යැයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ පැවසී ය.
අතිශයින් පාරිශුද්ධ සහ නිර්මල වූ සිංහල-බෞද්ධ රාජ්‍යයක් නිර්මාණය කිරීමට 1956 දී බලයට පැමිණි එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක 1959 දී තමන්ගේ "ක්ල්බ් මිතුරෙකු" වූ සිවිල් සේවයේ සිටි වෝල්ටර් එෆ්. අබේකෝන්ව පොලිස්පති ලෙස පත්කරන අතර එතෙක් පොලිස්පතිව සිටි ඔස්මන්ද සිල්වා ව අනිවාර්ය නිවාඩු යවයි. මෙය පොලීසිය තුළ බරපතළ විවාද වලට භාජනය වූ පත්වීමක් වන විට එහි ඇතිවූ ආරක්ෂාව පිළිබඳ "හිඩැස" 1959 සැප්තැම්බර් 25 අගමැති බණ්ඩාරනායක ගේ ජීවිතය අවසන් වීමට ද වක්‍රව බලපෑවේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
