Image

ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි

ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි

මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි (Osmund Bopearachchi) යනු ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය, මුළු ලොව ම පිළිගත් ඉතිහාසය සහ පුරාවිද්‍යා විද්වතෙකි.

හෙතෙම පුරාවිද්‍යාව සහ පැරණි කලා ඉතිහාසය පිළිබඳ ව මෙන් ම කාසි පිළිබඳ අධ්‍යයනය (Numismatics) කළ ලොව ප්‍රමුඛ ම විශේෂඥයෙකි.

මහා ඇලෙක්සැන්ඩර් රාජ්‍ය සමයෙන් ඉක්බිති ආසියාවේ ඇති වූ ග්‍රීක බලපෑම (Hellenistic legacy), ගාන්ධාර බෞද්ධ කලාව, පැරණි ඉන්දියානු සාගරයේ මුහුදු වෙළඳාම මෙන් ම අපේ රටේ ඉතිහාසය පිළිබඳ ඔහු සිදු කළ පර්යේෂණ ලෝකයේ ම අවධානයට ලක්වුණි.

මතු පළ වන්නේ ඔහු විසින් රචිත අතිශය ජනප්‍රිය සහ වටිනා ග්‍රන්ථ සහශාස්ත්‍රීය ලිපි කිහිපයකි.

Monnaies gréco-bactriennes et indiennes (Catalogue raisonné): ඉන්දු-ග්‍රීක කාසි කලාව සහ ඉතිහාසය පිළ්බඳ ව ලෝකයේ පවතින ප්‍රධානතම සහ විස්තරාත්මකම නාණක (කාසි පිළිබඳ) විද්‍යා අත්පොතකි.

Monnaies gréco bactriennes et indiennes Catalogue raisonné
Roots of Sri Lankan Art: අපේ පැරණි ශ්‍රී ලාංකීය කලාවේ මූලාරම්භය සහ එහි විකාශනය පිළිබඳ ලැගුම් ලත් අපූරු පර්යේෂණ ග්‍රන්ථයකි.

Roots of Sri Lankan Art
When West Met East: Gandharan Art Revisited: බටහිර සහ පෙරදිග සංස්කෘති එකතු වී බිහිවූ සුප්‍රසිද්ධ ගාන්ධාර බෞද්ධ කලාව පිළිබඳ ලියවුණු විශිෂ්ට කෘතියකි.

Roots of Sri Lankan Art 00
Ruhuna, an ancient civilisation re-visited: අපේ පැරණි රුහුණු රාජධානියේ සැඟවුණු පුරාවිද්‍යාත්මක සහ වෙළඳ ඉතිහාසය ලෝකයට ම විවෘත කළ පර්යේෂණ ග්‍රන්ථයකි.

Ruhuna an ancient civilisation re visited 00
මෙම කෘති සහ ලේඛනවලට අමතර ව ලෝකයේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සඟරා සඳහා පැරණි ලංකාවේ මුහුදු මාර්ග, කාසි භාවිතය සහ වෙළඳ සබඳතා පිළිබඳව ලියූ පර්යේෂණ ලිපි සහ ශාස්ත්‍රීය ලිපි (Research Papers) ද කිහිපයක් ම පළ කර ඇත.

861744978 1730492625746877 28355840510955242 n

මීට අමතරව මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි ප්‍රංශයේ සුප්‍රසිද්ධ CNRS-ENS ආයතනයේ සම්මානිත පර්යේෂණ අධ්‍යක්ෂවරයෙක් ලෙස මෙන් ම ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ (UC Berkeley) සහායක මහාචාර්යවරයෙක් ලෙස ද කටයුතු කර ඇත.

මෙහි දී ඔහු ලැබූ ජාත්‍යන්තර ජයග්‍රහණ පිළිබඳ ව ද සඳහන් කළ යුතු ම ය.

osmundwi117

කාසි විද්‍යාව වෙනුවෙන් ප්‍රංශ ඇකඩමිය වෙතින් පිරිනමන කීර්තිමත් 'George Perrot' පදක්කම සහ Sri Lanka Foundation International වෙතින් ජීවිතකාලීන සම්මානයෙන් පිදුම් ලැබීම ඊට අයත් වේ.

මූලාශ්‍ර - Ithihasaya ඉතිහාසය face book පිටුව ඇසුරෙනි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න