Image

රිය අනතුරකින් විශේෂඥ වෛද්‍යවරයෙක් මරුට!

රිය අනතුරකින් විශේෂඥ වෛද්‍යවරයෙක් මරුට!

පොළොන්නරුව මහ රෝහලට අනුයුක්තව සේවය කළ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක්, ඔහු පැදවූ මෝටර් රථය ටිපර් රථයක ගැටීමෙන් මින්නේරියේදී මියගොස් තිබේ.

පොලිසිය පවසන පරිදි මෙම අනතුර සිදුව ඇත්තේ, ඊයේ (06)  දින පොළොන්නරුව - හබරණ මාර්ගයේ 39 වන කිලෝමීටර කණුව ආසන්නයේදීය.

මෝටර් රථය මින්නේරියේ සිට හබරණ දෙසට ගමන් කරමින් තිබියදී, ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ රියදුරන් දෙදෙනාම හබරණ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී 50 හැවිරිදි වියේ පසුවූ ශල්‍ය වෛද්‍යවරයා මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කර තිබේ.

මෙම අනතුරින් මියගිය වෛද්‍යවරයා පොළොන්නරුව, නිව් ටවුන් (New Town) ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුරින් තුවාල ලැබූ ටිපර් රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුව පොළොන්නරුව රෝහල වෙත මාරු කර යවා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මින්නේරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න