Image

පොලිස්පතිට එරෙහිව පියවර ගැනීමට ඉල්ලූ ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කරයි

පොලිස්පතිට එරෙහිව පියවර ගැනීමට ඉල්ලූ ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කරයි

අධිකරණය දෙනු ලැබූ නියෝග ඉටු නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණය හෑල්ලුවට ලක් කොට ඇති බවට තීරණය කරමින්, ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කරන ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත මාරු කොට තිබෙනවා.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් විසින් ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න ස්ථාන මාරු කරමින් අදාල ලිපිය නිකුත් කර ඇත.

අහිංසක රටවැසියන්ට එරෙහිව නිස්සාරණ නඩු පැවරීමක් නොකරන ලෙසට සමස්ත පොලිස් නිලධාරීන් ම ආවරණය වන අන්දමට චක්‍ර ලේඛනයක් නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා මීට පෙර අවස්ථාවක පොලිස්පතිවරයාට නියම කර තිබුණි.

කෙසේ වෙතත්, ඒ අනුව පොලිස්පතිවරයා විසින් කටයුතු නොකිරීම හේතුවෙන් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ කටයුතු කරන ලෙස අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණේය.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් ගම්පහ මහේස්ත්‍රාත්වරයාට එරෙහිව අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර, එම පැමිණිල්ලට අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කරන ලෙස අධිකරණ සේවා කොමිසම විසින් මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී තිබිණ.

මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවරුන් පූහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න