ලෝක ප්‍රකට ඇමෙරිකානු නීතිඥ මාර්ක් ලැනියර් (Mark Lanier), ගෝලීය තාක්ෂණික දැවැන්තයින් වන මෙටා (Meta) සහ ගූගල් (Google) සමාගම්වලට එරෙහිව පැවැති ඓතිහාසික නඩු විභාගයක් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ. මෙම නඩුවේ සුවිශේෂත්වය වන්නේ: සමාජ මාධ්‍යවල අඩංගු දෑ පිළිබඳව නොව, මෙම යෙදුම් හිතාමතාම ළමයින් ඇබ්බැහි වන ආකාරයෙන් ම සැලසුම් කර ඇති බව අධිකරණයේදී ඔප්පු කිරීමට ලැනියර් සමත් වීමයි.


