නේපාල අගමැති ඉල්ලා අස්වෙයි

රට පුරා පවතින අඛණ්ඩ දූෂණ විරෝධී විරෝධතා මධ්‍යයේ නේපාල අගමැති කේ. පී. ෂර්මා ඔලි අද (09) ඉල්ලා අස්වී තිබෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ භක්තපූර්, බෝල්කොට්හී ඇති ඔහුගේ පෞද්ගලික නිවස විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇති බවයි.

නේපාල අගමැති ඉල්ලා අස්වෙයි

ඇෆ්ගන් භූ කම්පනයෙන් මිය ගිය ගණන ඉහළට

ඇෆ්ගනිස්ථානයේ සිදුවූ මැග්නිටියුඩ් 6ක භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛයාව 800 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර 2800 ක් පමණ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

භූ කම්පනය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල් නුවර සිට පාකිස්ථානයේ ස්ලාමාබාද් අගනුවර දක්වා ගොඩනැගිලි සෙලවීමට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භූ කම්පන තත්ත්වයෙන් දැඩි හානි සිදුව ඇත්තේ පාකිස්ථානය සමග දේශසීමා ආසන්නයේ ඇති කුනාර් පළාතේ නොර්ගල් දිස්ත්‍රික්කයටය.

ප්‍රධාන භූමි කම්පාවෙන් පසු රික්ටර් මාපාංක ඒකක 4.5 ත් 5.2 අතර පසු කම්පන තුනක්ද සිදුව තිබේ.

ඇෆ්ගන්  භූ කම්පනයෙන් මිය ගිය ගණන ඉහළට

“ලෝකයේ හොඳම විනිසුරු” අභාවප්‍රාප්ත වෙයි

දයානුකම්පිත අධිකරණ තීන්දු හේතුවෙන් අන්තර්ජාලය තුළ අතිශය ජනප්‍රිය වූ අමෙරිකානු විනිසුරුවරයෙකු වන ෆ්‍රෑන්ක් කැප්‍රියෝ අභාවප්‍රාප්ත වෙයි.

ඔහු සිනහවකින් යුක්තිය පසිඳලන වීඩියෝ සමාජ මාධ්‍යවල බිලියනයකට වඩා නරඹා තිබීමත් සමඟ ඔහු “ලෝකයේ හොඳම විනිසුරු” ලෙස ආදරයෙන් ප්‍රසිද්ධියට පත්ව තිබුණි. මිලියන 3.2 ක අනුගාමිකයින් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සිටියි.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 88කි. දීර්ඝ කාලීනව අග්න්‍යාශ පිළිකා රෝගී තත්ත්වයෙන් පෙළුනු ඔහු ඊයේ (20) මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ෆ්‍රෑන්ක් කැප්‍රියෝ යනු අමෙරිකානු නීතිඥයෙක් සහ විශ්‍රාමික මහ නගර අධිකරණ විනිසුරුවරයෙකි.

ඔහු ප්‍රධාන වශයෙන්ම ප්‍රසිද්ධියට පත් වුණේ, “Caught in Providence” නමැති රූපවාහිනී වැඩසටහන හේතුවෙනි.

මෙම වැඩසටහනින් ඔහු අධිකරණයේදී විවිධ පුද්ගලයන් සමඟ කතා කරන ආකාරය ලොව පුරා ප්‍රසිද්ධ වුණි.

“ලෝකයේ හොඳම විනිසුරු” අභාවප්‍රාප්ත වෙයි

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න