මොන්තා (Montha) සුළි කුණාටුව හමුවේ, ඉන්දියාව අද (27), 50,000කට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට පියවර ගත්තේය. බෙංගාල බොක්කට ඉහළින් සක්‍රීය වෙමින් පවතින එය, දැඩි සුළං ප්‍රවාහ සහ තද වැසිවලින් සමන්විතව පතිත වීමේ අපේක්ෂාවෙන් පසුවේ.
සියලු හදිසි සේවා කාර්ය මණ්ඩල නිවාඩු අවලංගු කර අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර තිබේ. දකුණු ආන්ද්‍ර ප්‍රදේශයේ සහ පෙරදිග ඔඩිෂා ප්‍රාන්තයේ වෙරළාසන්න පාසල් තාවකාලිකව වසා දැමීමට ද රජය නිවේදන නිකුත් කළේය.
හෙට (28) දිනයේ එම මාරුතය, දැවැන්ත සුළි කුණාටුවක් ව, ආන්ද්‍ර ප්‍රදේශයේ වෙරළ තීරය ඔස්සේ අතිශය ප්‍රචණ්ඩකාරී ලෙස හමා යනු ඇති බවට ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ආන්ද්‍ර ප්‍රදේශයේ පහත් බිම්වල වෙසෙන සියලු පවුල් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. සුළි කුණාටුව ආශ්‍රිත විපත්වලින් මිලියන 3.9කට අධික ජනගහනයක් පීඩාවට ලක්වනු ඇතැයි, අපේක්ෂා කෙරේ.
ඔඩිෂා සාගර කලාපයේ සියලු ධීවර කටයුතු අවලංගු කර ඇත. තමිල්නාඩු වාසීන්ට කාලගුණ නිවේදන පිලිබඳ අවධානයෙන් පසුවන ලෙස රජය දැනුම් දෙයි. එම ප්‍රාන්ත අගනුවර වන චෙන්නායි නගරය, ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණ දීමේ සූදානමින් පසුවේ.
නේපාලයේද, හිමාලය තරණය කරන්නන් හට හෙට සිට සිකුරාදා (31) දක්වා, තද වැසි සහ හිම පතන පිලිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/27/2025
India evacuates tens of thousands as cyclone Montha gains strength

