Image

ජාත්‍යන්තර සම්මාන දිනූ රංගන ශිල්පියෝ යළි දිවයිනට!

ජාත්‍යන්තර සම්මාන දිනූ රංගන ශිල්පියෝ යළි දිවයිනට!

මැලේසියානු ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී සම්මාන දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සහ රංගන ශිල්පී ප්‍රියන්ත සිරිකුමාර ඊයේ (26) පස්වරුවේ දිවයිනට පැමිණියා.

පසුගියදා(25) මැලේසියා ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල – 2026 (Malaysia Golden Globe Award – 2026) ලෙස පැවති 9 වන මැලේසියානු ජාත්යන්තර සිනමා සම්මාන උළෙලේදී “රිවස්ටන්” චිත්රපටයේ රංගනය වෙනුවෙන් මහේන්ද්ර පෙරේරා හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය.

754235236 1608392410846596 6182642288013687965 n

 

එම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ප්‍රියන්ත සිරිකුමාර හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනගැනීමට සමත් විය.

751125647 1546654287160151 4082548383410620667 n

ඔවුන් දෙදෙනා ඊයේ (26) පස්වරු 4.01ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.

754462531 18548759353074337 4044789210277516042 n

ඔවුන් පිළිගැනීම සඳහා “රිවස්ටන්” චිත්‍රපටයේ නිෂ්පාදිකා නිමන්ති පෝරගේ මහත්මිය ඇතුළු සිනමා ක්ෂේත්‍රයේ ශිල්පීන් විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න