මත්ද්රව්ය ඇතුළු විවිධ ජාවාරම්වලින් උපයා ගන්නා ලද රුපියල් මිලියන 10,040ක (කෝටි 1,004ක) වත්කම් සහ දේපළ අක්රිය කිරීමට පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මහතා අද (23) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
ඒ අනුව, 2024 සැප්තැම්බර් 20 වැනිදායින් පසුව රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක (මිලියන 13) වත්කම් අක්රිය කර ඇති අතර, 2025 වසර තුළ රුපියල් කෝටි 183ක සහ 2026 වසරේදී රුපියල් කෝටි 819ක වත්කම් ද අක්රිය කර තිබේ. ඒ අනුව අක්රිය කරන ලද සමස්ත වත්කම්වල එකතුව රුපියල් මිලියන 10,040ක් වන බව අමාත්යවරයා සඳහන් කළේය.
එමෙන්ම, පසුගිය වසර තුළ මත්ද්රව්ය සම්බන්ධයෙන් වැටලීම් 588,100ක් සිදු කර ඇති බවත්, ඊට අදාළව සැකකරුවන් 586,824 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවත් අමාත්යවරයා වැඩිදුරටත් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
