Image

"වෙළඳපොළේ උපත් පාලන පෙති හිඟයක්: 'මිතුරි' සොයාගන්නත් නෑ"

"වෙළඳපොළේ උපත් පාලන පෙති හිඟයක්: 'මිතුරි' සොයාගන්නත් නෑ"

මාසයකට අධික කාලයක් පුරා වෙළඳපොළේ උපත් පාලන පෙති හිඟයක් ඇති බව වාර්තා වේ.

සාමාන්‍යයෙන් මෙම පෙති වර්ගය උපත් පාලනය සඳහා පමණක් නොව ලෙඩ රෝග සඳහා ද භාවිත කරන බැවින් ඒවා දිනපතා භාවිතයට ගන්නා කාන්තාවන් හට ඒවා සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව දැනගන්නට ලැබේ.

ලංකාවේ වර්තමානයේ භාවිත වන උපත් පාලන ක්‍රමවේද අතුරින් බොහෝ කාන්තාවෝ උපත් පාලන පෙති භාවිත කිරීම සිදු කරති.

අදාළ කාන්තාව ජීවත් වන ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හරහා මෙම පෙති ලබා ගැනීමේ හැකියාව පවතින අතර, එසේත් නොමැති නම් ඖෂධ අලෙවි සැලකින් මිලදී ගැනීමට හැකි ය.

විවිධ සන්නාම කිහිපයකින් ඖෂධ අලෙවිසැල් මගින් මෙම පෙති මිලට ගැනීමේ හැකියාව ද පවතී.

කෙසේ වුවත් මාසයකට වැඩි කාලයක් පුරාවට වෙළඳපොළේ මෙම උපත් පාලන පෙති හිඟයක් ඇති වී තිබූ අතර, උපත් පාලනය සඳහා පමණක් නොව මෙම පෙති වෙනත් ලෙඩ රෝග සඳහා ද භාවිත කරන බැවින් ඒවා දිනපතා භාවිතයට ගන්නා කාන්තාවන් හට ඒවා සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබිණි.

මෙම ඖෂධ භාවිත කරන කාන්තාවන් කිහිප දෙනෙකු ම ප්‍රකාශ කළේ පසු ගිය මාසවල වෙළඳපොලේ එම ඖෂධ මිලට ගැනීමට සෙවූ නමුත් සොයා ගැනීමට නොහැකි වූ බවත්, වෙළඳපොළේ ඇති අවම මිලක් සහිත නිෂ්පාදනයක් වන ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය විසින් බෙදාහරිනු ලබන "මිතුරි" නිෂ්පාදනය සැලකිය යුතු කාලයක් වෙළඳපොළේ සොයා ගැනීමට නොහැකි වූ බවත්ය.

මූලාශ්‍ර - බීබීසී

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න