Image

පොස්පේට් සිද්ධියට අදාළව චාමර සම්පත් ඇතුළු දෙදෙනා යළිත් රිමාන්ඩ්!

පොස්පේට් සිද්ධියට අදාළව චාමර සම්පත් ඇතුළු දෙදෙනා යළිත් රිමාන්ඩ්!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84 ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් සහ ඔහුගේ හිටපු ලේකම් ලබන මස 6 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (23) නියෝග කළේය.

සිද්ධියට අදාල නඩුව අද කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කරන ලදී.

චාමර සම්පත් දසනායක 2022 සැප්තැම්බර් 08 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී, සමාගම් තුනකට පොස්පේට් ආනයනය කිරීම සඳහා නිසි ක්‍රමවේදයකින් තොරව බලපත්‍ර ලබාදීමට අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී තිබෙන බවයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ.

එමෙන්ම, මෙම සිද්ධියට අදාළව සැකකාර චාමර සම්පත් දසනායක තුන්වැනි සැකකරු ලෙස නම් කර ඇති බවද කොමිසම අධිකරණයට ප්‍රකාශ කළේය.

සිද්ධියට අදාලව විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න