Image

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමේ තීරණයට එරෙහි පෙත්සම් නොවැම්බර් 18 දාට!

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමේ තීරණයට එරෙහි පෙත්සම් නොවැම්බර් 18 දාට!

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට සිර දඬුවම් නියම වීමෙන් පසුව, පූජ්‍ය ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් නිකුත්කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් යළි නොවැම්බර් මස 18 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

අමල් රණරාජා, මහෙන් ගොපල්ලව සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (22) මෙම නඩුකරය කැඳවනු ලැබීය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, මෙම නඩුකර යළි 18 වන දා කැඳවන ලෙස නියෝග කළේය.

පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න