Image

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර පවසයි.

පෙර ඇති වූ දිට්වා බලපෑමත් සමඟ බොහෝ ප්‍රදේශවල නායයෑම් මූලික ලක්ෂණ මතුව ඇති බවත් ඇතැම් ස්ථානවල ගල් සහ පස් තට්ටු තාවකාලිකව රැඳී ඇති අතර, පවතින වර්ෂාවත් සමඟ ඒවා සෝදාගෙන යාමේ දැඩි අවදානමක් පවතින බව අචාර්ය සේනාධීර පෙන්වා දෙයි.

ඒ අනුව, මේ මස 3 වන දින සිට මේ දක්වා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීම් 25ක් නිකුත් කර ඇති අතර, තම ප්‍රදේශයට වර්ෂාපනය සුළු වර්ෂාපතනයක් ලැබුණත් පසුගිය දින කිහිපයේ ලැබුණු වර්ෂාපතයත් සමඟ නිවේදනය වලංගු විය හැකි බැවින් අවදානම් ප්‍රදේශවල වෙසෙන ජනතාව දැඩි සැලකිල්ලෙන් සහ ආරක්ෂිතව පසුවන ලෙස ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න