Image

“මං ආවෙ දායකයෙක් විදිහට” - විහාරමහාදේවි උද්‍යානයට ආ ගම්මන්පිල

“මං ආවෙ දායකයෙක් විදිහට” - විහාරමහාදේවි උද්‍යානයට ආ ගම්මන්පිල

මෙය භික්ෂූන් වහන්සේලාගේ සටනක් බවත් එය ඉදිරියට ගෙන යාම පිළිබඳව තීරණය කරන්නේ උන්වහන්සේලා බවත්, බෞද්ධ දායකයෙක් ලෙස ස්වාමීන් වහන්සේලාගේ සටනට හැකි සෑම අයුරකින්ම දායකත්වය ලබා දීමට කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පැවසීය.

කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ සත්‍යග්‍රහයක නිරතව සිටි භික්‍ෂූන් වහන්සේ ඇතුළු ගිහි පිරිසක් එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා පොලිසිය ඊයේ (22) රාත්‍රියේ අධිකරණ නියෝගයක් රැගෙන පැමිණීමත් සමග එහි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරගත කර සිටින ගලගොඩ අත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව දෙන්නැයි ඉල්ලමින් භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් දින හතක් තිස්සේ විහාර මහා දේවී උද්‍යානයේ බුදු පිළිමය අසල සත්‍යග්‍රහයේ නිරත වෙමින් සිටිති.

සිරගත කෙරුණු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම මුල් කරගනිමින් මෙම භික්ෂූන් වහන්සේ මහනුවර සිට ඉකුත් 10 වෙනිදා කොළඹ දක්වා පා ගමනක් ඇරඹූ අතර අනතුරුව ඉකුත් 15 වැනිදා එම පා ගමන කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට ලඟා විය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න