අම්පාර දිස්ත්රික්කයේ සමන්තුරේ ප්රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්, පශු වෛද්ය කණ්ඩායම්, ශ්රී ලංකා යුද හමුදාව සහ පොලිසිය එක්ව ඒකාබද්ධව කටයුතු ආරම්භ කර ඇතැයි පරිසර අමාත්යංශය සඳහන් කරයි.
වයස අවුරුදු 25 ත් 30 ත් අතර පසුවන මෙම පිරිමි වන අලියා සාමාන්යයෙන් මනා ශරීර සෞඛ්යයකින් යුත්, පුෂ්ටිමත් සතෙකු බව නිරීක්ෂණය වී ඇත. සත්වයාගේ බාහිර ශරීරයේ කිසිදු තුවාලයක් දක්නට නොලැබුණද, උදරය අසාමාන්ය ලෙස ඉදිමී පැවතීම හේතුවෙන් කිසියම් විසක් ශරීරගත වීමක් හෝ නොදිරන පොලිතීන් වර්ග ආහාරයට ගැනීම නිසා ඇති වූ ආමාශයික අවහිරතාවක් මෙලෙස රෝගාතුර වීමට හේතු වන්නට ඇතැයි මූලිකව සැක කෙරේ.
නැගෙනහිර කලාපීය වනජීවී පශු වෛද්ය ඒකකය, අම්පාර වනජීවී අඩවි කාර්යාලය සහ සමන්තුරේ බීට්ටු කාර්යාලය එක්ව අදාළ දැඩි සත්කාර ප්රතිකාර කටයුතු සම්බන්ධීකරණය කරනු ලබයි. ඒ අනුව ඊයේ (22) දිනයේදී සත්වයාට අත්යවශ්ය ප්රතිජීවක ඖෂධ ලබාදීමට පියවර ගැනිණි.
ප්රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් සත්වයා වැටී සිටි පරිශ්රය ජලයෙන් යටවීම ප්රතිකාර කටයුතුවලට වුවත්, ප්රතිකාර කටයුතු බාධාවකින් තොරව සිදුකිරීම සඳහා එම ස්ථානයට වැලි යොදා භූමිය සකස් කිරීමේ කටයුතු මේ වන විට යුහුසුලුව සිදුකෙරේ.
මෙම සංකීර්ණ බේරාගැනීමේ මෙහෙයුම සඳහා ශ්රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 10 දෙනෙකුගේ සහාය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති අතර, පොලිස් නිලධාරීන්ගේ පූර්ණ සහයෝගය ද ඊට හිමිව ඇත.
සත්වයාගේ ආරක්ෂාව තහවුරු කරමින් නියමිත වේලාවට ඖෂධ ලබාදීම සඳහා දිවා රාත්රී දෙකෙහිම වනජීවී නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයේ රැඳී සිටිමින් අඛණ්ඩ නිරීක්ෂණ කටයුතුවල නිරතවන බව පරිසර අමාත්යංශ්ය වැඩිදුරටත් සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
