Image

අනෝජන්ගේ දිවි බේරුණු රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම ගැන ජනාධිපති නීතිඥවරු හෙළි කරති! (video)

අනෝජන්ගේ දිවි බේරුණු රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම ගැන ජනාධිපති නීතිඥවරු හෙළි කරති! (video)

සෞදි අරාබියේදී මරණ දඬුවමට ලක්වූ සිවරාසා අනෝජන්ගේ දඬුවමට හේතු වී ඇත්තේ, ඔහු මෙරට පුද්ගලයෙකු සමඟ ෆේස්බුක් (Facebook) ඔස්සේ කළ සංවාදයක පිටපතක් යම් අයෙකු විසින් එරට බලධාරීන් වෙත යැවීම බව ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා පවසයි.

ටී.වී. සුප්‍රීම් (TV Supreme) නාළිකාවේ විකාශය වන “ඇත්ත කියන්න” වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. සිවරාසා අනෝජන් බේරාගැනීම සඳහා සෞදියට ගිය ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා මෙහිදී සඳහන් කළේ, මේ වන විට එම මරණ දඬුවම එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කර ඇති බවයි.

එමෙන්ම මෙම මෙහෙයුම, මෙරට පුරවැසියන් අතර පවතින සංහිඳියාවේ සහ සහජීවනයේ සැබෑ ආදර්ශයක් බව ද ඔවුහු අවධාරණය කළහ.

මෙවැනි දඬුවමක් ආපසු හැරවීම හෝ අවලංගු කරගැනීම අතිශය දුෂ්කර බවත්, මෙය සාර්ථක කරගැනීමට හැකි වූයේ ජනාධිපතිවරයා ප්‍රමුඛ සියලු දෙනාගේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම නිසාම බවත් නීතිඥවරු වැඩිදුරටත් පැවසූහ.
සෞදිය ඉලක්ක කරගනිමින් හූති කැරලිකරුවන් බෝම්බ ප්‍රහාර එල්ල කර තිබූ අවස්ථාවේ ගුවන් ගමන් අවහිර වී තිබූ අතර, එම අවස්ථාවේදී විකල්ප මාර්ග හරහා ගමන් කිරීමට සිදුවූ බව ද ඔවුහු ප්‍රකාශ කළහ. විවිධ පාර්ශ්වයන් මෙම කාර්යය වෙනුවෙන් මැදිහත් වූ අතර, ඒ සියලු මැදිහත්වීම් ඉතා සාධනීය වූ බව ද සඳහන් කෙරිණි.

‘ඇත්ත කියන්න’ වැඩසටහන සෑම සඳුදාවකම රාත්‍රී 9.00ට ටී.වී. සුප්‍රීම් නාළිකාව ඔස්සේ විකාශය වේ. නිමේෂ් විජේසූරිය සහ මාධවී ජයවික්‍රම විසින් මෙහෙයවනු ලබන මෙම වැඩසටහන චින්තක බණ්ඩාර තෙන්නකෝන්ගේ නිෂ්පාදනයකි.

සම්පූර්ණ වීඩියෝව නැරඹීමට පහතින් පිවිසෙන්න: 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න