Image

" අග්බෝ " නාච්චාදූව වැව් රක්ෂිතයේදී හමුවෙයි!

 " අග්බෝ " නාච්චාදූව වැව් රක්ෂිතයේදී හමුවෙයි!

ශ්‍රී ලංකා යුද හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව දියත් කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව සිටි 'අග්බෝ' හස්තියා තිරප්පනේ, නාච්චාදූව වැව් රක්ෂිතයේදී සොයා ගැනීමට සමත්ව තිබේ.

අදාළ ප්‍රදේශය භාර වනජීවී අඩවි සහකාර බුද්ධික මහතා තහවුරු කර ඇති පරිදි සොයා ගන්නා අවස්ථාව වන විටත් අග්බෝ හස්තියා ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සහ නිරෝගී ශාරීරික සුවයෙන් පසුවී ඇත.වනජීවී නිලධාරීන් සහ පරිසර අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරන්නේ, අග්බෝ ඇතා මේ වන විට නාච්චාදූව වැව් රක්ෂිත පරිශ්‍රය තුළ කිසිදු උවදුරකින් තොරව, පූර්ණ සුරක්ෂිතභාවයෙන් සහ නිරුපද්‍රිතව සැරිසරමින් සිටින බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න