සේප්පුවේ තිබූ මුදල්වල මූලාශ්රය හෙළි කිරීමට අපොහොසත් වීමට සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සංජේ සමරසිංහ ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම අද (20) නියෝග කළේය.
ඒ අනුව සිද්ධියට අදාල සැකකරු ලක්ෂ 10 බැගින් වු ශරිර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්රාත්වරයා, ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කරනු ලැබීය.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා මෙලෙස නියෝග කළේ ය.
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සංජේ සමරසිංහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (20) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ, ඔහු සන්තකයේ තිබූ මුදල් ප්රමාණයක මූලාශ්රය හෙළි කිරීමට අපොහොසත් වීමේ චෝදනාවක් සම්බන්ධයෙන් බවයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
