Image

රජයට පාඩු කිරීමේ චෝදනාව: අකිල විරාජ් ඇතුළු දෙදෙනාගේ නඩුව යළි කැඳවීමට දින දෙයි!

රජයට පාඩු කිරීමේ චෝදනාව: අකිල විරාජ් ඇතුළු දෙදෙනාගේ නඩුව යළි කැඳවීමට දින දෙයි!

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ ඔහුගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුව ලබන ජනවාරි 05 වනදා යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (20) නියෝග කළේය.

සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළ අතර, සිද්ධියට අදාළව වැඩිදුර වාර්තා එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අල්ලස් කොමිසමට නියෝග කළේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී, තම කාර්යය මණ්ඩලය සඳහා බව පවසමින් බඳවා ගන්නා ලද සේවකයින් 04 දෙනෙකුගෙන් තිදෙනෙකු තමාට අයත් ඉන්ධන හලක සේවයේ යොදවා ගනිමින් ද, තවත් සේවකයෙකු අදාළ තනතුරේ රාජකාරී සඳහා යොදවා ගැනීමකින් තොරව එම සේවකයන් වෙත රජයෙන් රු.2,768,836.14 ක වැටුප් හා දීමනා ගෙවීමට සැලැස්වීමෙන් රජයට පාඩුවක් සිදු කිරීමෙන් දූෂණය නැමැති වරද සිදු කිරීම යන චෝදනාව මත මෙහි පළමු සැකකරුට චෝදනා ගොනු කර තිබු අතර, එයට ආධාර අනුබල දීමේ චෝදනාව මත දෙවන සැකකරුට චෝදනා ගොනු කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න