Image

කා.කා.ස.වරයෙකුට අල්ලස් දීමේ සිද්ධිය: සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුළු දෙදෙනෙකු යළි රිමාන්ඩ්

කා.කා.ස.වරයෙකුට අල්ලස් දීමේ සිද්ධිය: සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුළු දෙදෙනෙකු යළි රිමාන්ඩ්

සිය සැමියාට අත්හිටවූ සිරදඬුවමක් ලබාදීමට විනිසුරු පෙළඹවීමට කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහයකවරයෙකුට අල්ලස් මුදලක් ලබා දුන්නේ යැයි කියන සිද්ධියට අදාළව,
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුලු දෙදෙනා ලබන 30 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (20) නියෝග කළේය.

මෙලෙස නැවත රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ වන චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි සහ කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහයකයෙකු වන චරිත් නමැති අයයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අදාළ සැකකරුවන් තිදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් කරන ලද කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.

එසේම, සිද්ධියට අදාළ තෙවන සැකකරු වන මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද අධිකරණය නියෝග කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න