ගාසා ආරක්ෂාවට විශේෂ ජාත්‍යන්තර බලකායක්

ගාසා ආරක්ෂාවට විශේෂ ජාත්‍යන්තර බලකායක්

බ්‍රිතාන්‍ය හමුදාවේ සැලසුම් නිලධාරීන්ගෙන් සමන්විත භට පිරිසක් ඊශ්‍රායලය වෙත පිටත් කර හැරේ.

ගාසා තීරයේ ඉදිරි ආරක්ෂක ප්‍රතිසංස්කරණ උදෙසා, එක්සත් ජනපද හමුදාවන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක විශේෂ කාර්ය සාධක බලකායට සහාය පිණිස, එරට ආරාධනාව මත බ්‍රිතාන්‍ය භට පිරිස් ඊට එක් කර තිබේ.

එක්සත් ජනපද හමුදා මූලිකත්වයෙන් නිර්මිත එම බලකාය, සිවිල්-හමුදා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ලෙස නම් කර ඇත.

ගාසා තීරයේ ආරක්ෂාව තහවුරු කිරීම, එහි මූලික කාර්ය භාරය වේ. බලකා අන්තර්ගතය, කාර්ය පටිපාටිය, විධාන ධූරාවලිය, නෛතික භාවය හා අනෙකුත් අදාළ තත්ත්වයන් පිලිබඳ තවදුරටත් සාකච්ඡා කෙරේ.

එම බලකායට සහාය පිණිස, 200කට ආසන්න හමුදා භට පිරිසක් අනුයුක්ත කිරීමට එක්සත් ජනපදය අපේක්ෂා කරයි. ඊට, සිය භට පිරිස් එක් කිරීමට, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව, කටාර් රාජ්‍යය, තුර්කිය සහ අසර්බයිජානයට ද ඇරයුම් කර තිබේ.

 

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/22/2025

UK deploys small number of military officers to Israel following US request

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න