නීතිඥ සහයක් නොමැතිව තමන්ම අධිකරණය හමුවේ විත්තියේ නඩුව වෙනුවෙන් පෙනී සිටි පාස්කු නඩුවේ විත්තිකරුවන් අට දෙනකු අද කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී විත්තියේ ලිඛිත දේශන ගොනු කළහ.
එකී විත්තිකරුවන් අටදෙනා අතරින් හත් දෙනෙකුට ඉංග්‍රීසි භාෂාවෙන් පරිගණක ආශ්‍රයෙන් යතුරු ලියනය කරන ලද පිටු තුන්සිය හැත්තෑයකින් (376) සමන්විත ලිඛිත දේශන ගොනු අධිකරණය හමුවේ ගොනු කරන ලද අතර එකොළොස්වන විත්තිකරු පමණක් සිංහල භාෂාවෙන් සකස් කරන ලද පිටු විසි අටකින් (28) යුත් යතුරු ලියනය කරන ලද විත්තියේ ලිඛිත දේශනය ගොනු කළේ ය.
මෙකී විත්තිකරුවන් අටදෙනා ම බන්ධනාගාර භාරයේ රඳවා සිටිය දී මෙලෙස විත්තිය ලිඛිත දේශන විරෝධතා ගොනු කිරීම විශේෂත්වයකි.
හයවන විත්තිකරු පමණක් ලිඛිත විරෝධතා කිසිවක් අධිකරණය හමුවේ ගොනු කිරීමක් නොකළ අතර සෙසු විත්තිකරුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ට සහ පැමිණිල්ල මෙහෙයවු අතිරේක සොලිසිටර් ජනරාල් වරයාට විත්තියේ හා පැමිණිල්ලේ ලිඛිත දේශන හෙට (09) උදේ12 වන විට මහාධිකරණයේ ලේඛකාධිවරයා වෙත ගොනුකරන ලෙස විනිසුරු මඩුල්ලේ නියෝග කළේ ය. එම නඩුව නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් හා සුජීව නිශ්ශංක යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවී ය.
සහාරාන් ප්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරය එල්ල කරන බවට ලද තොරතුරු දැන දැනත් ඒ බව වසන් කිරීම ඇතුළු චෝදනා 23270ක් යටතේ නීතිපතිවරයා විසින් මුස්ලිම් මවුලවීවරුන් ඇතුළු විත්තිකරුවන් 25 දෙනකුට එරෙහිව එම නඩුව පවරා තිබූ අතර දාහත් වන විත්තිකරු නඩු විභාගය ආරම්භ කිරීමට පෙර බන්ධනාගාරයේ සිටිය දී මිය යෑම නිසා විත්තිකරුවන් විසි හතර දෙනාට එරෙහි නඩු විභාගය පැවැත්විණ.
එම නඩුවේ තීන්දුව ලබන 22දා නිකුත් කිරීමට මේ වන විට දින නියම කර ඇති බැවින් එදින පෙරවරු 09.00ට පෙර විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරිවරයාට හා වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරිවරයාට විනිසුරු මඩුල්ල නියම කළේ ය. එමෙන්ම මෙම නඩුවේ දහතුන් වන චූදිත ලබන 15වන දා ද වැලිසර රෝහලේ හා 18වන දින ආයුර්වේද රෝහලේ පැවැත්වෙන වෛද්‍ය සායනය සඳහා ඉදිරිපත් කරන ලෙස ද විනිසුරු මඩුල්ල බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.
විත්තිකරුවන් 24 දෙනා ම අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
