Image

රටට ඩොලර් මිලියන 200 ක් පමණ පාඩු කළ රාජපක්ෂලාගේ "එයාර් බස්" මගෝඩියේ සුලමුල

රටට ඩොලර් මිලියන 200 ක් පමණ පාඩු කළ රාජපක්ෂලාගේ "එයාර් බස්" මගෝඩියේ සුලමුල

ලෝකප්‍රකට එංගලන්ත අධිකරණයේ විභාග වූ එයාර්බස් අල්ලස් නඩුව ලංකාව දෙසටත් අල්ලස් මුදල් නඩුවක් නමින් ගලා ඒමේ සිද්ධාන්තය.

අධිකරණය: (UK) Southwark Crown Court

නඩු අංකය:(Case Reference /URN) U20200108

නඩුවේ නිල නාමය: Serious Fraud Office v Airbus SE (2020)

එක්සත් රාජධානියේ මෙම නඩුව පැවරුණේ 2010 අල්ලස් පනතේ 7 වැනි වගන්තිය (Section 7 of the Bribery Act 2010 - Failure of commercial organisations to prevent bribery) යටතේ ය. මෙම නඩු අංකය යටතේ ඇති DPA (Deferred Prosecution Agreement) ගිවිසුම හරහා එයාර් බස් සමාගම ශ්‍රී ලංකාව ඇතුළු රටවල් පහක සිදු කළ දූෂණ ක්‍රියා නීත්‍යානුකූලව පිළිගෙන ඇත.

 

නඩුවට අදාළ ප්‍රධාන නිල ලේඛන

01.Approved Judgment (අනුමත නඩු තීන්දුව): The Rt Hon Dame Victoria Sharp විනිසුරුවරිය විසින් 2020 ජනවාරි 31 දින ප්‍රකාශයට පත් කරන ලද පිටු 32කින් යුත් නිල නඩු තීන්දුවයි. (ඉදිරි දින පෝස්ටුවකින් නඩු තීන්දුවේ පිටු 32 පළ කරමි.)

02.(Prosecution Agreement - DPA (නඩු පැවරීම අත්හිටුවීමේ ගිවිසුම): SFO ආයතනය සහ එයාර් බස් (Airbus SE) සමාගම අතර අත්සන් කරන ලද නිල නෛතික එකඟතා ලේඛනය යි.

03.Statement of Facts (කරුණු වාර්තාව): එයාර් බස් සමාගම විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 5ක (මැලේසියාව, ඉන්දුනීසියාව, තායිවානය, ඝානාව) ගුවන් යානා විකිණීමේ දී සිදුකළ දූෂණ සහ අල්ලස් ලබාදීම් පිළිබඳ සියලු විස්තර සවිස්තරාත්මකව පිළිගත් නිල ලේඛනය යි. එහි "Count 2: Sri Lanka"කොටස යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමඟ සිදුකළ ගනුදෙනුවේ වංචාවන් ඇතුළත්.

 

UK අධිකරණයේදී තීන්දු වූයේ කුමක්ද?

(The Judgment & Penalties)අධිකරණය විසින් එයාර් බස් සමාගම වැරදිකරු කරමින් සෘජුව සිරදඬුවම් නියම කිරීම වෙනුවට, DPA (Deferred Prosecution Agreement) ක්‍රමවේදය යටතේ දැඩි කොන්දේසි සහිත මූල්‍ය දඬුවම් සහ ආයතනික ප්‍රතිසංස්කරණ රැසක් නියම කරන ලදී. තීන්දුවේ ප්‍රධාන කරුණු මෙසේය:

වාර්තාගත ගෝලීය දඩය (Global Resolution): එයාර් බස් සමාගම බ්‍රිතාන්‍ය, ප්‍රංශ සහ ඇමරිකානු බලධාරීන් සමග ඇති කරගත් එකඟතාවය මත යුරෝ බිලියන 3.6 ක (ඩොලර් බිලියන 3.9 ක) දැවැන්ත දඩ මුදලක් ගෙවීමට තීන්දු විය. මෙය ලෝක ඉතිහාසයේ ආයතනික දූෂණ නඩුවක දී පැනවූ විශාලතම දඩයකි.

UK(SFO) වෙත ගෙවිය යුතු මුදල: එම සමස්ත දඩයෙන් යුරෝ 990,963,712 ක් (පවුම් මිලියන 830කට ආසන්න) බ්‍රිතාන්‍යයේ SFO ආයතනය වෙත ගෙවිය යුතු බව අධිකරණය නියම කළේය. ඊට අමතරව නඩුවේ විමර්ශන වියදම් ලෙස පවුම් මිලියන 6.9ක් ගෙවීමට නියම විය.

ස්වාධීන අධීක්ෂණය සහ ප්‍රතිසංස්කරණ: එයාර් බස් සමාගම සිය ඉහළ කළමනාකාරීත්වය වෙනස් කර, අල්ලස් වැළැක්වීමේ දැඩි නීතිරීති (Compliance programme) ක්‍රියාත්මක කළ යුතු අතර, ඉදිරි වසර කිහිපය තුළ ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු ජාත්‍යන්තර ස්වාධීන නිරීක්ෂකයින්ගේ දැඩි පරීක්ෂාවට ලක් කිරීමට අධිකරණය නියෝග කළේ ය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තීන්දුවෙන් හෙළි වූ කරුණු Statement of Facts ලේඛනයට අනුව එයාර් බස් සමාගම පහත කරුණු අධිකරණය ඉදිරියේ පිළිගත්තේය:

v ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විධායක නිලධාරියකු ගේ බිරිඳ නමින් බෲනායි හි ව්‍යාජ සමාගමක් (Straw Company) සකස් කර ඩොලර් මිලියන 16.84 ක අල්ලස් ප්‍රණාම මුදලක් පොරොන්දු වීම.

v ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 2 ක මුදලක් සිංගප්පූරු බැංකු ගිණුමකට සැබවින්ම මාරු කර තිබීම.

v බ්‍රිතාන්‍යයේ අපනයන ණය ආයතනය (UKEF) වෙත අදාළ කාන්තාවගේ සැබෑ අනන්‍යතාවය සහ ස්ත්‍රී පුරුෂ භාවය (Gender) වංචනික ලෙස සඟවා ව්‍යාජ තොරතුරු සැපයීම.

මෙම UK නඩු තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් පසුව, Transparency International Sri Lanka (TISL) ආයතනය මැදිහත් වී ලංකාවට සිදුවූ පාඩුව වෙනුවෙන් වන්දි ලබාගැනීමට කටයුතු කළ අතර, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ද එයාර් බස් සමාගමට විරුද්ධව ඇමරිකානු ඩොලර් බිලියන 1 ක වන්දි නඩුවක් ගොනු කරන ලදී.

 

විමර්ශනවලට අදාළ වත්මන් ප්‍රධාන නිල ලේඛන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (Colombo Chief Magistrate's Court) හමුවේ දැනට පවතින නඩු විභාගයට අනුව පහත ලේඛන සාක්ෂි ලෙස ඉදිරිපත් වෙමින් පවතී:

සිංගප්පූරු රජයේ සහය ඇතිව ලබාගත් ස්ටෑන්ඩර්ඩ් චාටඩ් සහ OCBC බැංකු ගිණුම්වල නිල ප්‍රකාශන

ලංකාවේ ව්‍යාපාරිකයාගේ රහසිගත ප්‍රකාශය: අදාළ ඩොලර් 800,000 ක මුදල නාමල් රාජපක්ෂ වෙත ලබාදුන් ආකාරය පිළිබඳව ලාංකික ව්‍යාපාරිකයා අල්ලස් කොමිසම වෙත ලබාදුන් නිල කටඋත්තරය සහ ලේඛන.

එයාර් බස් නිලධාරීන්ගේ ප්‍රකාශ (Airbus Officials' Statements): ප්‍රංශයේ පිහිටි එයාර් බස් මව් සමාගමේ නිලධාරීන් ලංකාවට පැමිණ අල්ලස් කොමිසම වෙත ලබාදුන් සාක්ෂි සහ ලේඛන.

කපිල චන්ද්‍රසේන ගේ මූලික ප්‍රකාශය: මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු CEO කපිල චන්ද්‍රසේන මීට පෙර CID යට ලබාදී තිබූ රුපියල් මිලියන 60ක මුදල් හුවමාරුවකට අදාළ දිවුරුම් ප්‍රකාශය (ඔහු පසුව මෙය ප්‍රතික්ෂේප කළද නීතිමය ලේඛනයක් ලෙස අධිකරණයේ පවතී).

 

නාමල් රාජපක්ෂ වෙත මුදල් ගලා ආ ආකාරය

ජාත්‍යන්තර බැංකු ගිණුම් හරහා සිදුවූ මූලික මුදල් හුවමාරුව .

එංගලන්ත අධිකරණයේදී හෙළි වූ කරුණු මත පදනම්ව, අල්ලස් කොමිසම සහ CID ආයතනය විසින් සොයාගෙන ඇති බැංකු ගිණුම් වාර්තා පහත පරිදි වේ:

01.  පළමු බැංකු ගිණුම (අල්ලස් මුදල් තැන්පත් වූ ගිණුම): එයාර් බස් සමාගම විසින් සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුවේ (Standard Chartered Bank) පවත්වාගෙන ගිය "BIZ Solutions Inc" නමැති (කපිල චන්ද්‍රසේන ගේ බිරිඳට අයත්) ගිණුමට යුරෝ 1,454,651.24 ක (ඇමරිකානු ඩොලර් මිලියන 2කට ආසන්න) මුදලක් අල්ලස් ලෙස බැර කර ඇත.

02.  දෙවන බැංකු ගිණුම (මැදිහත්කාර ගිණුම): එම මුදලින් ඇමරිකානු ඩොලර් 800,000 ක මුදලක් සිංගප්පූරුවේ OCBC බැංකුවේ (Overseas-Chinese Banking Corporation) පවත්වාගෙන ගිය "Sabre Vision Holdings Ltd" නමැති සමාගමකට මාරු කර ඇත. මෙම සමාගම ශ්‍රී ලාංකික ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකුට (නිමල් පෙරේරාට) අයත් එකක් බව විමර්ශනවල දී තහවුරු වී තිබේ.

 

දේශීය බැංකු ගිණුම් සහ ලංකාව තුළ මුදල් සංසරණය වූ ආකාරය

සිංගප්පූරුවේ OCBC බැංකුවට ආ ඩොලර් 800,000 ක මුදලට සමාන වටිනාකම, ලංකාව තුළදී රුපියල් මිලියන 100 ක (කෝටි 10 ක) මුදලක් ලෙස නාමල් රාජපක්ෂ වෙත ලබා දී ඇති බවට චෝදනා එල්ල වේ.

 

මුදල් ලබාදුන් ක්‍රමවේදය

v අදාළ ලාංකික ව්‍යාපාරිකයා ගේ දේශීය බැංකු ගිණුම් සහ ව්‍යාපාරික ජාලය හරහා 2014 සහ 2015 කාලය තුළ අවස්ථා කිහිපයක දී මෙම රුපියල් මිලියන 100 ක මුදල නාමල් රාජපක්ෂ වෙත ලබා දී ඇති බව බැංකු වාර්තා මගින් අනාවරණය වී ඇත.

v NR Consultancy සහ Gowers Corporation සම්බන්ධය: මීට පෙර ද නාමල් රාජපක්ෂට එරෙහිව පැවති මුදල් විශුද්ධිකරණ නඩුවලට අදාළ "NR Consultancy" සහ "Gowers Corporate Services" වැනි දේශීය සමාගම්වල බැංකු ගිණුම් වාර්තා සහ ගනුදෙනු ලේඛන ද මෙම එයාර් බස් අල්ලස් මුදල් විශුද්ධිකරණය කිරීම සඳහා භාවිත කර ඇති දැයි සොයා බැලීමට විමර්ශන නිලධාරීන් අදාළ දේශීය බැංකු (ලංකා බැංකුව, සම්පත් බැංකුව ඇතුළු බැංකු කිහිපයක) ගිණුම් ප්‍රකාශ (Bank Statements) අධිකරණය භාරයට ගෙන පරීක්ෂණ පවත්වයි.

නිවී සැනසිල්ලක් ලද විගස තවත් ලියන්නම් UK නඩුවේ විස්තර ලේඛන පරිහරණය කොට…

 

WhatsApp Image 2026 09 08 at 6.45.58 AM

 

 

 

 

 නිම්මි අනුරාධා චන්ද්‍රන් (Nimmi Anuradha Chandran)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න