දිවයිනේ ගම්මාන 13ක් ආශ්රිතව වෙසෙන අග්බෝ, මහානාම, කාශ්යප සහ විජයබා ඇතුළු ඇතුන් දහතුන් දෙනෙකුගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ හමුදා අනුඛණ්ඩ යෙදවීමට පියවර ගෙන ඇති බව පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි පවසයි.
ඇතුන් 13 දෙනෙකු මෙලෙස අනාරක්ෂිත බව හඳුනාගෙන ඇති අතර, මේ පිළිබඳව පරිසර අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද ඉකුත් (23) දා පවත්වා තිබේ.
ඒ අනුව මෙලෙස විශේෂ ආරක්ෂාව සැලසෙන ඇතුන් 13 දෙනා සහ එම ඇතුන් සැරිසරන ප්රදේශ පහත පරිදි වේ:
ඒකාබද්ධ වැඩපිළිවෙළක් යටතේ අදාළ ඇතුන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් විශේෂ මෙහෙයුම් මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට නියමිත අතර, සම්බන්ධීකරණ කටයුතු ඒ හරහා සිදු කෙරෙනු ඇත.
හඳුනාගත් ප්රදේශ 13 සඳහා යොදවන හමුදා අනුඛණ්ඩ, වනජීවී කාර්යාල සහ නිලධාරීන් හා සම්බන්ධ වෙමින් තොරතුරු හුවමාරු කරගනිමින් කටයුතු කරනු ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
