කුරුණෑගල යටත්තාවල රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන සංඝාවාසය සඳහා මුල්ගල් තැබීම පසුගිය දා සුබ මොහොතින් සිදුවිය.
සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික පූජ්ය රඹුක්වැල්ලේ නන්දාලෝක නාහිමියන් ප්රධානත්වයෙන් පැවති මෙම උත්සවයට, ආරාධිතයින් ලෙස මහනුවර ශ්රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑළ සහ ජලනි ප්රේමදාස ද සහභාගී විය.
දඹදෙණිය රාජධානියේ සිට පැවැත එක පෞරාණික විහාරස්ථානයක් වන මෙම යටත්තාවල රජමහා විහාරය, මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිළමේවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති විහාරස්ථානවලින් එකක් ලෙසද හැඳින්විය හැකිය.
යටත්තාවල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්ය මාවතගම සීවලී හිමියන්ගේ සහ විහාරාධිකාරී පුජ්ය අලබඩගම සීලක්කන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කෙරුණු මෙම මුල්ගල් තැබීමේ අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන මහාචාර්ය චරිත හේරත් සහ තුෂාර ඉඳුනිල් යන අයද එක්ව සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
