Image

ආණ්ඩුව කෘෂි උපකරණවලටත් වැට් ගහලා.. සොච්චම් සහනාධාරයෙන් පොහොර මිටි දෙකකට වඩා ගන්න බෑ" - විපක්ෂ නායක

ආණ්ඩුව කෘෂි උපකරණවලටත් වැට් ගහලා.. සොච්චම් සහනාධාරයෙන් පොහොර මිටි දෙකකට වඩා ගන්න බෑ" - විපක්ෂ නායක

ආණ්ඩුව කෘෂි උපකරණ සඳහා ද වැට් (VAT) බදු අය කිරීම නිසා ඒවායේ මිල ඉහළ ගොස් ඇති බවද, සොච්චම් සහනාධාරයෙන් මිලදී ගත හැක්කේ පොහොර මිටි දෙකක් පමණක් බව ගොවීන්ම පවසන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ අද(24) දෙහිඅත්තකණ්ඩිය පොළ අසල පැවැති ගොවි හමුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා,

"වගා කටයුතු කරන ගොවි ජනතාව මුදල් සොයාගන්නේ කණකර උගස් කරලා ගිනි පොළියට ණය අරගෙන. අමාරුවෙන් ඉඩකඩම් උගස් කර අතට ලැබෙන සොච්චම උපයෝගී කරගෙන බිත්තර වී ගන්නේ. දැන් මේ කන්නයේ බිත්තර වී මිල වැඩි වෙලා තියෙනවා. සොච්චමක් විදිහට පොහොර සහනාධාරය හෙක්ටයාරයකට රු. 30,000 බැගින් හෙක්ටයාර 2කට රු. 60,000ක උපරිමයක් දෙන්නේ. මේ සොච්චම් මුදලින් යූරියා ඇතුළු පොහොර ගන්න පුළුවන්ද කියා ගැටලුවක්. පොහොර මිටි 2ක් පමණයි ගන්න පුළුවන් කියලා ගොවි ජනතාවම කියනවා. දැන් තියෙන තෙල්, පොහොර හා වල් නාශක ගුණාත්මකභාවයෙන් පහළ බවත් මිල පවා කඩෙන් කඩයට වෙනස් නිසා නියාමනයක් නෑ. අද කෘෂි උපකරණවලට වැට් ගසා ඒවායේ මිලත් වැඩියි" යනුවෙන් විපක්ෂ නායකවරයා පැවසීය.

dehia

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න