තමා සිරගත කර තැබුවත්, මහජන අභිලාෂයන් මෙන්ම තම වචන හා සිතුවිලි සිරගත කළ නොහැකි බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පවසයි.
විශේෂ ලිපියක් යොමු කරමින් නාමල් රාජපක්ෂ මෙම අදහස් පළ කර ඇත්තේ අද(24) දිනට තමා සිරගත වී දින 50 ක් සම්පූර්ණ වීම සිහිපත් කරමිනි.
තමාව සිරගත කර තැබීමට උත්සාහ කිරීම යම් පිරිසකගේ පීඩනය හඳුනා ගැනීමට හැකි නිදසුනක් වන බවත්, මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුත්රයා වීම ඊට හේතු වූවා යැයි ඔහුට සිතෙන බවත් නාමල් රාජපක්ෂ එම ලිපිය මගින් සඳහන් කර ඇත.
එමෙන්ම ඉදිරි දිනෙක අප සැම විශ්වාස කරන අධිකරණයෙන් තමා නිදොස් කොට නිදහස් වන බව දැඩිව විශ්වාස කරන බව ද ඔහු පවසයි.
තමා සිරගතව සිටීමෙන් රටට යහපතක් වේ නම් දින 50 ක් නොව දින 500 ක් වුවද සිරගතව සිටිය හැකි බව ඔහු සඳහන් කරයි.
කෙසේ වෙතත්, ආයෝජන අහිමි වී ජනතාව දැඩි අපහසුතාවකට පත්ව සිටින මෙවැනි අවස්ථාවක, රටේ ප්රශ්නවල බර එක පවුලක් පිටුපස සැඟවීමට උත්සාහ කිරීම හාස්යජනක බවත්, එය වත්මන් පාලකයින්ගේ නොහැකියාව පෙන්නුම් කරන්නක් බවත් එම ලිපියෙහි රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂ විසින් මෙම ලිපිය ඊයේ (23) පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට යොමු කර ඇත.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
