කොළඹ මහාධිකරණයේ විභාග වන හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුප්ත ගුණවර්ධන යන අයට විරුද්ධව අල්ලස් කොමිසම විසින් පවරා ඇති අල්ලස් නඩුවකට අධිකරණයේ විනිසුරුතුමා ලවා අත්හිටවු සිර දඩුවම් ලබා දීම සඳහා
රුපියල් 750,000 /= ක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත් කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහයකවරයා ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද ( 08 ) නියෝග කළේ ය.
මෙලෙස නියෝග කළේ, සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව ය.
අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහයකයකු අල්ලස් කොමිසම විසින් අද (8) අත් අඩංගුවට ගත් බවයි.
එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොළඹ මහාධිකරණයේ අධිකරණයේ කාර්යාල කාර්ය සහයකයෙකු වශයෙන් සේවයේ යෙදි සිටි අයෙකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
